මට මාමලා නැන්දලා ගොඩක් අපහාස කලා හරිම කුහකයි. හැබැයි උදව් කරලා තියෙනවා මට ඉස්සර. ඒ ගරුත්වය තියලා මම ඉවසන් ඉන්නේ.
මොනවා උනත් උඹ නෑයෝන්ට වැඩිය වෙනස් උන එක ගැන සතුටුයි.. උදව් කරපුවා අමතක කරන්න හොඳ නැති නිසා කොහොමහරි ඉවසන්න වෙනවා.. ඒක උඹේ නිවට කම නෙමෙයි. ඒක තමයි නෑයෝ ලඟ නැති උඹේ ලඟ තියෙන මනුස්සකම. ඒ නිසා ඒක නැති වෙන්න දෙන්න එපා..
උඹේ කෙල්ලට උඹ හැමදේම තේරුම් කරල ඉඳපං ඔක්කොටම කලින්.. එයාට ඒවා තේරුම් ගන්න පුලුවන්නම්, එයාට උඹව විශ්වාසයිනම්, උඹව තේරුම් ගන්න පුලුවන්නම් උඹේ ප්රශ්න වලින් 90%ක් විතර ගොඩ..
උඹේ කෙල්ලට කියපං ඔය රෙකෝඩින් එකත් එක්කම ඒ නංගි ඉස්සරහම ඒ කිව්ව දේවල් වල තේරුම අහන්න උනත් ලෑස්තියි, හැබැයි නෑ කම් එතනින් ඉවර වෙන නිසා සද්ද නැතුව ඉන්න තියෙනවනම් හොඳයි කියලා.. ඔයාට මාව විෂ්වාස නැත්තන් නංගිගෙන් කෙලින්ම අහලා බේරුමක් කර ගමු කියපං.. හැබැයි ඔය ටික ලස්සනට බෝල කරලා තමයි උඹේ කෙල්ලට කියන්න වෙන්නේ.. මට ඒක කියන විදිහනම් තේරෙන්නේ නෑ..
අපි හීනෙකින්වත් නොහිතන විදිහේ ඊරිසියාවල් එනවා බං සමහර කෙල්ලන්ට.. සමහරුනම් කෙලින්ම කියනවා ඊරිසියාවක් ආවා කියලා.. සමහරු ඒක හංගගෙන එක එක කුප්ප වැඩ කරනවා.. උඹටත් එහෙම සීන් එකක් තමයි ඔය නංගිගෙන් වෙන්න ඇත්තේ..
නෑයොන්ගෙයි උඹෙයි වෙනස උඹේ කෙල්ලට තේරුම් කරලා දීලා උඹලා දෙන්නගේ ගමන හරි විදිහට පලයං..
ජය වේවා..
හා...... කරන්නම්.









