චෙක් එපා කෑෂ් දෙන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113



    " චෙක් එපා කෑෂ් දෙන්න "
    - වසන්ත සමරසිංහ-

    ඕස්ට්‍රේලියාවේ ඉදන් පොඩි නිවාඩුවකට ලංකාවට ආපු Dulip D ට පොඩි ආතල් එකක් ගන්න හිතෙනවා. මේ දවස්වල ලංකාවෙ ලොකුම බයිට් එක තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ව සන්ත සමරසිංහට කතා කරනවා.

    " සහෝදරයා මම රට ඉඳලා ආවේ. මම කැමතියි ජවිපෙට උදව් කරන්න.. "
    මේ දෙබස විනාඩි කිහිපයක් ඇදි ඇදි යනවා. එක තැනකදී දුලිප් ඩී තමන්ට අවශ්‍යය තැනට වසන්ත සමරසිංහව ගේනවා.
    " මම කැමතියි ජවිපෙට ලක්ෂ 20 ක් දෙන්න . හැබැයි චෙක් එහෙකින් තමයි දෙන්න වෙන්නේ..."
    ඔන්න බලලා මල්ලෙන් එළියට පනිනවා..
    " සහෝදරයා හෙට හවස පැලවත්ත කාර්යාලයට එන්න. හැබැයි චෙක් නෙවේ කෑෂ් අරගෙන එන්න.."
    මට මෙතනදි ප්‍රශ්ණ කිහිපයක් පැන නගිනවා..

    💲
    වසන්ත සමරසිංහ කෑෂ්ම ඉල්ලන්නෙ ඇයි..?
    💲
    ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ට සල්ලි දෙන කෙනාගෙ පැටිකිරිය අවශ්‍යය නැද්ද..?
    💲
    ඕනෑම හොර ව්‍යාපාරිකයෙකුගෙන්, ත ක්කඩියෙකුගෙන්, ත්‍ර ස්තවාදී සංවිධානයකින් ජවිපෙ ට සල්ලි ගන්න පුලුවන් ද..?
    💲
    එම සල්ලි උපයා ගත් ආකාරය ජවිපෙට වැදගත් නැද්ද..?
    💲
    ජනතා විමුක්ති පෙරමුණට එම මුදල් කළු සල්ලි වුවත් ප්‍රශ්නයක් නැද්ද..?
    💲
    දිලිත් ජයවීර සහ නිශ්ශංක සේනාධිපති විසින් වරින් වර ප්‍රකාශ කළ ජවිපෙ රුපියල් බිලියන 08 සල්ලි ලැබුණේ මෙවැනි අනියම් මාර්ග වලින්ද..?
    💲
    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තම ඇඳිවත පවා පක්ෂ නායකයින්ට පූජා කරද්දි.. මේ ලැබෙන සල්ලි යන්නෙ කාගේ සාක්කුවටද..?
    💲
    ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සහ එම පවුල් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන්නෙ කළු සල්ලි වලින්ද..?
    💲
    යමෙකුගෙ මෙවැනි ලඳ බොළඳ දුරකතන ඇමතුමකට ඇන්දෙන මට්ටමට ජවිපෙ ඉහළ නායකත්වය මෙතරම්ම ගො# ද..?

    ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රශ්ණවලට ජනතා අධිකරණයක් ඉදිරියේ පිලිතුරු ලබා දිය යුතුය.
    ජනතා විමුක්ති පෙරමුණේ මේ දෙබිඩි, ත ක්කඩි ක්‍රියාපිළිවෙලට කියන්නෙ..
    " හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් " කියාය..
    නැතහොත්..
    " ලොරියේ බෝඩ් එක බුදුසරණයි වූවාට ලොරිය ඇතුලේ හො ර හ රක් " ය