චෛත්‍යයක් හදන එකට උදව් කරන්න කැමති කව්ද???
Kandyan අයිය Organize කරපු ළමා නිවාසෙ දානෙට කිරියෙ කස්ටිය සුපිරිම සප් එකක් දුන්න එක දැකල තමා මේ පෝස්ට් එක මෙතන දැම්මේ. පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේකට පොඩි හරි උදව්වක් දියන් මචන්...
ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය බෝබැබිල නම් වූ සුන්දර ගම්මානයක් මධ්‍යයේ පිහිටා ඇති විහාරස්ථානයකි. ගම්වාසීන්ගේ ආදරය සහ ගෞරවය දිනාගෙන සිටින සද්ධර්ම ශ්‍රී කීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී හංවැල්ලේ රතනසිරි හිමියන් වර්තමානයේදී එහිි විහාරාධිපති ධූරය හොබවන අතර විහාරස්ථානය තමන්ගේ ශක්ති පමණින් ගොඩනැගීමේ වීරියවන්ත උත්සහයක උන්වහන්සේ නිරතව සිටී.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකින් රෝපණය කල බෝධීයකින්, ධාතූන් වහන්සේලා වැඩ සිටින ධාතු කරඬුවක් සහිත ධාතු මන්දිරයකින් ද සමන්විත මෙම විහාරස්ථානයේ චෛත්‍යයක් ඉදිකිරීමේ මහා පුණ්‍යකර්මය මේ වන විට ගමිවාසීන්ගේ සහ ගම්මානයේ සමිති සමාගම් වල දායකත්වයෙන් ආරම්භ කර ඇත.
බුදුරජාණන් වහන්සේ විසින් චෛත්‍යයක් ඉදිකර පිදිය යුතු ථූපාරහ දැක්විය යුතු පුද්ගලයෝ සිවු දෙනෙකු පිළිබඳ දේශනා කර ඇත. එනම් ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, රහත් ශ්රාවකයා, ධර්මයෙන් ලොව පාලනය කරන සක්විති රජතුමා වශයෙනි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමේදී ත්‍රිවිධ චෛත්‍යය වන්දනාව පැවැත්වේ. ශාරිරික , පාරිභෝගික හා උද්දේසික වශයෙන් එම චෛත්‍ය නම් කරනු ලැබේ. “ශාරිරික චෛත්‍යය “ යනු සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කර ඉදිකරවන ලද චෛත්‍යය වේ. පාරිභෝගික චෛත්‍යය යනු බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද බෝධින් වහන්සේ, පාත්‍රධාතුව ,පටිධාතුව ආදිය පාරිභෝගික චෛත්‍යය වේ. උද්දේශික චෛත්‍යය යනු බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ලද පෙතිපිළිම ආදියයි. ශාරිරික චෛත්‍යය වන්දනාව මෙහිදී සිදුකෙරේ. බුදුහාමුදුරුවන්ගේ ශරීරය වන්දනාමාන කිරීමේදි ශ්‍රී දේහය පිළිබඳ කටයුතු කෙසේ විය යුතුදැයි ? යන්න මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්වේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න කාලයේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් “ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවීමෙන් පසු ඔබ වහන්සේගේ ශරීරයට අප කෙසේ කටයුතු කළ යුතුද” යි විමසා බැලූහ .එහිදී බුදුරජාණන් වහන්සේ විසින් මා ආනන්ද තථාගතස්ස ව්යාමතා හෝථ ශරීර පූජාය ආනන්ද, ඔබ වහන්සේ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව පිළිබඳව යාවෘත නොවිය යුතුය. ඒ ගැන සැලකිලිමත්වීම අවශ්‍ය නොවේ. එහෙමනම් ස්වාමීනි, ඒ පිළිබඳ සැලකිලිමත් වන්නේ කවුරුන්දැයි විමසු කල ඒවා ඉටු කිරීමට රජ දරුවන් වේ. අනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් ගිහි පින්වතුන් වෙනුවෙන් ආනන්ද හාමුදුරුවන් විමසනු ලබන්නේ රජ දරුවෝ කෙසේ පිළිපැදිය යුතුද? යන්නය. එවිට බුදුරජාණන් වහන්සේ විසින් සක්විති රජකුට මෙන් ආදාහනය කළ යුතුයි. ශේෂවන ධාතුන් වහන්සේලා වෙන් කර ගෙන ඒ ධාතුන් වහන්සේලා මංසන්ධිවල, පිරිස් රැස්වන ස්ථානවල විශේෂ ස්ථූප කරවා ජනයාගේ වැඳුම් පිදුම් සඳහා තිබිය යුතුය. එමඟින් බොහෝ දෙනෙක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේගේ බව කල්පනා කරමින් සිත් පහන් කරගෙන වැඳ පුදාගෙන බොහෝ පින්කම් සිදු කර ගනී යනුවෙනි.
විවිධ බුදුරජාණන් වහන්සේලාගේ ධාතු චෛත්‍යයන් වෙත කරන ලද පූජෝපහාර නිසා ලබාගත් ආනිශංස පිළිබඳ රහතන් වහන්සේලා කරන ලද ආත්ම ප්‍රකාශන පිළිබඳව එමෙන්ම චෛත්‍යයක් ඉදිකිරීමේදී එය කුඩාවට කරවීම නිසා (ලකුණ්ඨකභද්දිය හාමුදුරුවන්ගේ කථාව) යොදුන් හතක් උසට කරවන්නට සූදානම් කළ චෛත්‍යයක් නඩත්තුව අපහසු යැයි කල්පනා කර යොදුනකට මිටිකරවීමේ ආදීනව ලෙස උන්වහන්සේ උපනූපන් ආත්මභාවවල ඉතා මිටි ශරීරයක් ඇතිව උපන් බව සඳහන් වේ. එමෙන්ම වැල්ලේ අතින් වැලි ගොඩ ගසා බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයක් යැයි සිතා ඊට වන්දනා කර පහන් සිත් උපදවා ගෙන පින් සිදු කර ගත් වැද්දකුගේ පුවතකුත් අසන්නට ලැබේ. ඒ නිසා චෛත්‍යය ඉදිකරවීම උසස් සම්බුද්ධ පූජාවකි. සැබැවින්ම මෙය මහා ශාන්තියක්ද වේ.
බෝබැබිල ශ්‍රී වර්ධනාරාමයේ ඉදිකෙරෙන මෙම චෛත්‍යය රාජයාණන් වහන්සේ සඳහා දැනට ගණන් බලා තිබෙන ලක්ෂ 38ක් පමණ වන මූල්‍යමය ප්‍රතිපාදන තනිව සපයාගැනීම ගම්මානයේ සිටින 160ක් පමණ වූ දායක පිරිසට ඉතා දුෂ්කර කාර්යයක් වී ඇති අතර පින් කැමති ඔබගේ මූල්‍යමය හෝ ශ්‍රම දායකත්වය බෝබැබිල ගම්වාසීහූ අපේක්ෂා කර සිටිති. 2017 ජනවාරි මස 12වන දිනට යෙදෙන දුරුතු පොහොය දින මෙම චෛත්‍යය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල් තැබීම සිදුකිරීමට නියමිතය.
මේ සඳහා දායකත්වය දැක්වීමට සහ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා හංවැල්ලේ රතනසිරි හිමියන් පහත දුරකථන අංක ඔස්සේ ඇමතිය හැක.
0713708537/ 0813991045
https://www.facebook.com/Sriwardhanramaya/
පිං කැමති ඔබ සැමට තෙරුවන් සරණයි!

Last edited: