චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆි දුන් සැර පිළිතුර
පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවත්, තමන්ට සිදු වූ අසාධාරණය තවත් කෙනෙකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පවසයි.
කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සාෆි සහබ්දීන්,
"පුද්ගලික වාසි වෙනුවෙන් තමන්ගේ තනතුර ඉහළ දමාගන්න මාව බිලිදීපු එකගැන කනගාටුවෙනවා. තමන්ගේ හැකියාව තුළින් ඉදිරියට යන්නේ නැතුව මං වගේ අහිංසක මනුස්සයෙක්ව, පවුලක් විනාශ කරලා ඉදිරියට ගියඑක ගැන නීතිමය පියවර ගන්වා. ඒ සම්බන්ධව මගේ නීතිඥවරයත් එක්ක සම්බන්ධවෙලා අනිවාර්යයෙන්ම තව කෙනෙකුට මෙවන් දෙයක් සිදු නොවෙන්න නීතිය පැත්තෙන් ගන්න පුළුවන් පියවර ඔක්කොම ගන්නවා".
gothabaya wesige puthata yana ena man nathuwa, pana baye reten penala yanna une mewata thamai,
thawa, dan namal ponnaya gewanne mahinda karapuwaya wipaka thamai
@2osama @netudara ubalata dan wela thiyenne owaya wipaka thamai