චෝ ගම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    1426716_622243661152824_1627655651_n.jpg


    සුද්දා ආවේය. මෙහෙ එව්වෝ සද්ද දැම්මෝ ය. සුද්දා ඒවා පඩේකට ගණන් ගත්තේ නැත. සුද්දා යාපනේ ගියේ ය. සුද්දාට එරෙහිව නඩු පවරනවා ය කී, මේ රටෙන් අල්ලාගත් වැලි කැටයක් කැටයක් ගණනේ වන්දි ලබාදෙනවා ය කී උන්දෙලා පශ්චාත් භාගයේ තාර ගාගෙන ඇඳන් යටට වී එබිකම් කළෝ ය. සුද්දාට මුන් කියන කතා දැනගන්න ලැබුණේ නැත. දැනගත්තත් පඩේකට ගණන් ගන්නේ ද නැත. සුද්දා මෙහෙ ඇවිත් කොළඹ තෑග්ගැහුණේ නැත. යන්ට හිටි හැම තැනකම ගියේ ය.

    සුද්දා මුරලි සමග ක්‍රිකට් ද ගැහුවේ ය. අච්චර ආණ්ඩුවේ හොරනෑවල් තියෙද්දී සුද්දා ඇසුවේ මුරලි කියන දේ ය. මේ ක්‍රිකට් මැච් එක හුදෙක් ආලෝක ක්‍රිකට් තරුවක් සමග ක්‍රිකට් ගසා ආතල් ගන්නට කළ දෙයක් පමණක් යැයි කවරෙක් හෝ සිතන්නේ නම් ඒ ද ළදරු චින්තනයකි. හැබැයි මුරලි නම් කියන්න ඕනේ දේ කියා තිබුණේ ය. ඒ වුණත් සුද්දා ඒවා ගණන් ගත්තාද නැද්ද දන්නේ සුද්දාම පමණක් ය. කොයිහැටි වෙතත් යන්ට හිටි දිනට කලින් සුද්දා ගොස් තිබුණේ ය. නිකම්ම නොවේ ය. "එක්කෝ තොපි පරීක්ෂණ කරපියවූ, නැත්නම් අපි පරීක්ෂණ කරනවා" කියා සද්දයක් ද දමාගෙන ය. බලාගෙන ගියාම කෝටි ගණන් සල්ලි ගෙවා ආඩම්බරකාර මහප්පා කර තිබෙන්නේ අතින් අල්ලා අහවල් එකේ තබා ගැනීම පමණකි. නිකං නොවේ, ඉල්ලං මාමයිට් ද ගා ගෙන ය.


    චෝගම් නම් වූ මේ විකට නළුවෙ මේ සිද්ධිය වුණු කෙටි කාලය පුරාවට ජවනිකා දෙකක් රඟදැක්විණි. එකක් රූගත කළේ CNN ආයතනය විසිනි. එහි ප්‍රධාන නළුවා වුණේ ක්‍රිස් නෝනිස් මහතා ය. අපරාදෙ කියන්නට බෑ සුද්දාට පවා මදි නොකියන්න සුපිරිම කඩ්ඩෙන් නෙළා ඇවිත් තිබුණි. ඒ ගැන නම් ආඩම්බර ය. හැබැයි මෙහෙ අපේ ජාතිකවාතකාරයෝ තාම උන්දැගේ ආගම කතෝලික බව නොදන්නවා විය යුතුය. එක්කෝ දන්නවා නම් පුකේ පමණක් නොව කටේ ද තාර ගා ගෙන, කටවහගෙන ඉන්නවා විය යුතුය. එහෙමත් නැත්නම් මෙච්චර කල් සුද්දා අපිට ඇරපු ඇරිල්ලට අමාරුවෙන් දීගෙන හිටපු උන්ට, අපේ එකෙකේ අනිත් පැත්
    තට ඇරියාම දැනෙන සනීපය සහ සුරතාන්තය තුළ, උගේ ජාතිය ආගම වැනි සුළු සුළු ඩීටේල්ස් අමතක වෙලා වෙන්නට ඇත.


    දෙවන ජවනිකාව සටන් ජවනිකාවකි. එය පිටකෝට්ටේ සිරිකොතේදී රඟදක්වන ලදි. ප්‍රවීණ සටන් නළු ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ තුමූ ම අද්-යක්ෂ-ණය කොට තුමු ම රංගනයෙන් ද දායක වීමට තරම් පාරමිතාබර වූ හ. අම්බානක කන්නට වෙන බව දැනදැනම, සෙට් එක මැදට තනියෙන් පැන, විහින් ගුටිකෑම වනාහි ලේසි පාසු කර්තව්‍යයක් නොවේ. මීට පෙර අප තෙරුන් වහන්සේ ලා ස්වයංඝාතක ජවනිකා රඟදක්වා ඇතත්, මෙවැන්නක් කළ පළමු අවස්ථාව මෙය වෙයි. ශවොලින්, තාවෝ, සිචුවාන් පමණක් නොව චීනඩි පොල්ලඩි වුව භික්ෂුන්ට කැප බව අප මුලින් කුංෆු මාලා නාටකය තුළින් දැනගත්තත්, එවැන්නක් ලාංකේය හිමිනමක් විසින් කරන ලද පළමු අවස්ථාව මෙය වන බැවින් මේ සිද්ධිය ඉතිහාසගත වෙයි.

    අවසානයේ චෝගම් මගුල අවසාන විය. එය අවසාන වූ බව අප දැනගත්තේ මෙතෙක් කල් අතුරුදන් ව සිටි පාඨලී චම්පක රණවක මහතා විසින් කරන ලද පහත ප්‍රකාශයෙ


    579293_10201519347278612_2140182708_n.jpg


    මේ ගැන අදහස් දැක්වූ අපේ පේට්‍රියට් බ්ලොග් කරුවා මේ දැකීමෙන් හටගත් සිය සැනසුම් සුසුම වදන්වලට නැගුවේ මෙසේ ය.

    "ලිපියනම් කියවන්න ඕනෙත් නෑ. නමයි, පින්තූරෙයි දැක්කහම අනේ වාසනාවන් කියල, සැනසුම් හුස්මක් හෙලුනා. චෝගම් ඉවරවෙනකම්ම ෂුවර් නැතිව හිටියේ ඔබතුමාට කරදරයක්වත් වුනාද කියලා. දැනුයි දැන්ගත්තේ ඇත්තටම චෝගම් ඉවරවෙලා කියල.
    නොදන්න කමටයි අහන්නේ; කැමරනුයි, චාල්සුයි, පැකරුයි, මැකරෙයි, මිලරුයි ඔබතුමාට කනට කරල මුකුත් කිව්වෙ එහෙම නැත්ද?"


    කොහොමින් හරි චණ්ඩියා ඇවිත් චණ්ඩි පාට් එක දමා යනතුරු ඇඳන් යට සැඟවී සිටි අපේ බයියලා දැන් ටික ටික කටවල් හොලවන්නට පටන්ගෙන තිබේ. කොහොමත් ඔය කටවල් හෙල්ලෙනවා ඇරෙන්නට වෙන වැඩක් කරන්නේ නැති තරම් ය. අඩුම තරමේ බතල කොළ වත් හිටවන්නේ නැත. කට ගැන කියනවා නම් වෙනම ලිපියක් ලිවිය යුතුය. අප ලංකාවේ දේශපාලනය හඳුන්වන්නේ ද එක්තරා විදියක "කටට ගැනීමක්" විදියටය. පැරණි පාඨකයෝ නම් ඒ ලිපිය කියවා ඇත. ආයෙත් කියවන්නට අවැසි වෙතොත් මෙතැනින් කියවිය හැකිය. හැබැයි කොහොම මොන විදියට කටට ගත්තත් / දුන්නත් අවසානයේ ලොකුම ලන්සුව ඉදිරිපත් කරන පිම්පියා වෙත ගණිකාව වෙන්දේසි වේ. අපට ඇති ගැටළුව වන්නේ වෙන්දේසිය දිනන්නේ බ්‍රිතාන්‍යය ද, චීනය ද කියා පමණි. දැනට නම් චීනය අපට කට පිරෙන්නට දී තිබුණත් ඉස්සර ලංකාව දිහා බලුබල්ලෙක් හැරී නොබලන කාලයක ලංකාවට යුද ආයුධ සහන ලබාදීම ආරම්භ කෙළේ බ්‍රිතාන්‍යය බව බොහෝ දෙනාට මතක නැත.

     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් ඊළඟට සුපුරුදූ ඩ්‍රාමා එක යළිත් කරළියේ රඟදැක්වෙනු ඇත. එනම්,

    1. ළඟ එන නත්තල් සමය බලා බඩුමිල සොච්චමක් අඩු කිරීම (චෝගම් එකෙන් වියදම් වූ කොටි ගණනක මුදල නිසා පාඩුවක් සිද්ද නොවූ බව ජනතාවට ඒත්තු ගැන්වීමට) සහ අවුරුද්දෙන් පසුව ආයෙම අහස උසට බඩුමිල නැංවීම,

    2. නත්තලට ආඩම්බරකාර මහප්පා යාපනේ ගොස් සරණාගතයන් හමුවී නත්තල් සීයා වීම, සහ (එතුමාම හෝ ශිරා ලොකම්මා හෝ දෙන්නාම හෝ) LTTE පුනරුත්ථාපිත දරුවන් හමුවී සුරතල් බඩු බෙදා දී හුරතල් කොට ෆොටෝ කෑලි පළකිරීම,

    3. බේබි මහත්තයා සිය තරුණ සේනාව සමග යාපනයේ / ට්‍රින්කෝ / බැටිකලෝ සංචාරයක් ගොස් පැමිණීම සහ, නවවසර සමරනු පිණිස චෝගම් එකට ගෙනාපු වාහන කන්දරාවෙන් කීපයක් තෝරාගෙන ආයෙම කාර් රේස් එකක් තැබීම

    4. ආණ්ඩුවට කඩේ යහ දේශප්‍රේමී ගැන්සිය නයි-ටී-එන් එකෙන් දොර-මඩ-ලා ගන්නා අතරතුර, වසර 2500ක් මුළුල්ලේ ස්වෛරීය එකස්ථාම්භික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව (වැරදුණා--ඔවැනි තැන්වල ඔවුන් කියන්නේ සිංහලේ කියා ය) සතු භෞමික අඛණ්ඩතාව සහ ස්වයංවින්දන අයිතිය තහවුරු කොට සාක්ෂාත් කරගැනීමේ වැදගත්කම කියා දීම සහ,

    5. එතනදීම කැමරන් මරා මස්කොට හක්කේ තබා සේම ද ඇර, ඇඟේ මයිල් කෙලින් වෙන ජාතියේ, ආශ්චර්යයක් හසන්ත මහත්තයෝ කියවෙන ජාතියේ විචාරයක් ලබා දී, හැනිබාල් කාර්තෙජයේ ගේට්ටු කඩන්නට සිංහල අලි ගෙනගිය තැනින් පටන්ගෙන, රාවණා දඬුමොණරයෙන් ගොස් සීතාව අරං ආපු තැන දක්වා ලෝක ඉතිහාසයේ අප විසින් ඉටුකරන ලද මහා දැවැන්ත කාර්යභාරය ගැන ද ජනතාව දැනුවත් කරනු ඇත.

    6. එවැනි දැනුවත් කිරීමකින් පසුව ඊළඟට, ජාතික චින්තනය ගුරුකොටගත්, බටහිර අධ්‍යාපනය පිළිකුල් කරන, එහෙත් ඇමරිකාවේ ඉහළම සරසවියක සිය පුතාට උගන්වන එක්තරා මහැදුරු වරයෙක්, මෙකී සමස්ත ක්‍රියාදාමය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතකරණයේ වර්තමාන ශානරය බවත්, මෙකී හුදු ද්‍රව්‍යවාදී සහ පොන්ටිෆ්වාදී දයලෙක්තිකය තුළ, ඩෙරීඩාටවත් විසංයෝජනය කරන්නට දෙයක් ඉතිරිවන්නේ නැති බවත්, අවසානයේ කොහොමත් දේවවාදී ඇරිස්ටෝටලීය ද්විකෝටික චින්තනය තුළ, ඔවැනි දේ විග්‍රහ කිරීම අසාර්ථක බවත්, මේ අනුව නුදුරු අනාගතයේදීම මුළුමහත් බටහිර විද්‍යාවම බිඳවැටෙනු ඇති බවට තමාට නාථ දෙයියෝ ඊයේ රැ එස්.එම්.එස්. එකකින් දැන්වූ බවත් කියනු ඇත.

    7. ඊළඟ සතියක් පමණ ඔය ආතල් එක යන්නට දීමෙන් පසුව ලෙමන් පෆ් මහතා සීගිරිය බලන්නට ගිය බයිසිකලෙන්ම ආපහු ඇවිත් (උන්නැහැ මේ දවස්වල පෙන්න හිටියේ නැත්තේ සීගිරිය බලන්නට ගිය නිසා ය.) ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ ලෙමන් පෆ් ඉල්ලා අඛණ්ඩ මාරාන්තික උපවාසයක නිරත වනු ඇත.

    8. මහා සංඝරත්නයට අතතැබීමේ පාපය පලදෙන හැටි පෙන්වන්නට මෙන්, අද මේ සියලල් සිද්ද වන්නේ රටට ශක්තිමත් දේශපාලන විකල්පයක් නැති නිසා බව පවසන බොබසේ, රට විකුණන දේශද්‍රෝහී රනිල් කල්ලිය වෙනුවට රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව පවසමින් තමන්ම දේශපාලන බලයක් බවට පත්වීමට උත්සාහ දරනු ඇති අතර එහි මූලික පියවර ලෙස මුලින් මුලින් පොඩි මාධ්‍ය සංදර්ශන කීපයක් පෙන්වා අත්හදා බලනු ඇත.

    මේ අපේ අනාවැකි කීපයකි. අසරණ දරුවා, මෙය මුදල් බලාගෙන කරන සේවයක් නොවේ. හරිගියොත් පමණක් ආධාර කරන්න.

    දැන් මේ හදිස්සියේ අපි මේ කුණු අදින්නේ මන්දැයි ද අපෙන් ප්‍රශ්න කරනු ඇත. ඊට දිය හැකි පිළිතුර මේ ය. අනුන්ගේ කුණු සෙවීමේ අයිතිය සින්නක්කර ලියා දී ඇත්තේ ජාතිකවාතකාර සෙට් එකට පමණක් යැයි කවරෙක් හෝ සිතා ඉන්නේ නම්, එය ඉතාම ළදරු සිඟිති සිහිනයකි. නයිට් ක්ලබ් වල රමණයේ යෙදෙන හැටි සොයමින්, ගැහැණුන් කොටට ඇඳීම ගැන විවේචනය කරමින්, කන්‍යාභාවය නීතිගත කරන්නට සිහින මවමින්, මිනිස්සු මුස්ලිම් කඩවලින් බඩුගැනීමට එරෙහිව බිත්තර සේනාවන්ට හුරේ දැමු, විශාඛාවන්ගේ පාගමනේ දොස් සොයමින් ඔවුන්ට වෛශ්‍යාවන් යැයි අපහාස කළ කාලකන්ණි අමනයන්, දැන් අපිට තමන් ගැන නොසොයා අප ගැන බලාගන්න යැයි බණ කියති. එදා උන්ට අනුන්ගේ කුණු සෙවීම කැප වන්නටත්, අද අපට උන්ගේ කුණු ඇවිස්සීම අකැප වන්නටත් හේතුවක් මට පෙනෙන්නේ නැත. වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්නට එපාය කියන්නේ නිකං නොවේ.

    දැන් එළඹ ඇත්තේ ජාතිකවතකාරයන් පුකේ තාර ගාගෙන උලමුන් සේ නියවමින්, ක්‍රිස් නෝනිස් ගේ පශ්චාත්භාග වන්දනයේ යෙදෙන මොහොතයි. දැන් අපිදු, ඔවුන්ගේ පැරණි කුණු එකක් නෑර අදිමින් ඔවුන්ගේ මුහුණේ අතුල්ලමින් සිටිමු. මෙයාලාගේ සීන ලොවේ වීරයන් පවා චෝගම් අහවර වෙනතුරු ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ ඉන්නට සිද්ධ වූ විට, කටත් අනිත් කොණත් වසාගෙන ඉන්නවා ඇරෙන්නට ජාතිකවාතකාරයන් හට වෙනත් විකල්පයක් මේ වන විට ඉතිරිව නැත.

    කෙසේ වෙතත් අර සුද්දාගෙන් හම්බුවෙනවා යයි කී ලොකුවයින් වන්දිය අපේ උන්දෙලා අපට ඇරගෙන දෙනතුරු අපේ බබ්බු ටික තාමත් චෝගම්, චෝගම් කියමින් ඇඟිලි විකමින් බල සිටිති. එනිසා චම්පක රණවක සහ උදය ගම්මන්පිල මාමලා ඒ අසරණයන් ගේ දුක බලා වදාරන සේක්වා යයි මෙසේ පතමු. මන්ද අපිට ඔබලා කෙසේ පෙනුණත්, මේ රටේ බහුතරයට ඔබ තවමත් වීරයන් බැවිණි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    කියන්න ඕන ටික ලෙසට්ම ලියලා තියෙනවා කවුරු උනත් .ක්‍රිසි නෝඅනිස් ක්‍රිස්තියානි වගේම මචං අර " ගන්න අපේ දේ " කියලා සංවිධානයක් තියෙන්නේ .ඔය සූර්‍යසිංහ සළකුණ හැදුවෙත් එකේන් නේ .අන්න ඒක හදපු එකත් ක්‍රිස්තියානි .කොහොමත් මේ සභාග ආණ්ඩු කරපු උන් එදා ඉඳන් කලේ අපේ උන්ට දේශීල්ය ආතල් දීලා උන්ගේ ලමයින්ට නෑයන්ට ඇමරිකන් ආතල් ගන්න ඉඩ ඇරපු එක .බොරුකාර හැතිකරේ .ඩේවිඩ් කැම්‍රන් ඇවිල්ලා යනකන් එක ජාතිමාමක ගොබ්බයන්ගේ නැට්ට පුකේ ගහගෙන හිටියේ .දැන් සිංඅලෙන් චැනල් වලට ඇවිල්ලා පොර ටෝක්ස් දෙනවා .කාට කියන්නද මෙව්වා