ඡන්ද-ගණනය-ගැන-සතුටුයි-රනිල්

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
ඡන්ද-ගණනය-ගැන-සතුටුයි-රනිල්

1453969794ranil.jpg

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමෙන්ම මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද තමන් සෑහීමට පත්වන බව ඒ මහතා අවධාරණය කළේය.

මෙවර මැතිවරණයේ දී තම පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් පක්ෂය හැර නොයන බවට දැඩිව විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මෙවර මැතිවරණ‍යේ දී කිසිදු පරිගණක වංචාවක් සිදුනොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග එක්සත් ජාතික පෙරමුණ මුල සිටම අනුගමනය කළ බව ඔහු පෙන්වා දෙයි.

එසේ වුවත් මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයින් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉදිරිපත් නොවී ඇති බව ප්‍රකාශිත ‍ඡන්ද අනුව පෙනී යන්නේ යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ එවැනි තත්ත්වයක් යටතේ වුවත් තම පක්ෂය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලු ජනතාවට සිය කෘතවේදීත්වය පළ කරන බවය.
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දැන්වත් තේරුම් අරන් සජිත්ට නායක කම දුන්නනම් හරිනේ බං:)

    yanne naalu bung..ada udenma kiyala thiyenne....me buruwa bada gihillawath marenne nahaney....thuk witharak