ඡන්ද ජිල්මාට්වලට අහුවුණා ද?
ඡන්ද ජිල්මාට්වලට අහුවුණා ද?
===================
" ගෝඨා ට මාස දෙක තුනකට කලින් හොඳ රැල්ලක් තිබුණා ඒත් දැන් ඒක බැහැලා. "
" දැන් තියෙන්නේ කරට කර සටනක්..තුන්වෙනි මනාපය ගණන් කරන්න වෙයි "
මේ පාර පාරම්පරික UNP කාරයොන්ගේ ලොකු පිබිදීමක් තියෙන නිසා ගෝඨා ට අමාරු වෙයි.
" ගෝඨාට තමයි දෙන්න ඉන්නේ ඒත් එයාට පුරවැසි ප්‍රශ්නයක් තියෙනවා නේ ද?
ඔබට ඉහත සඳහන් එක් දෙබස්වලින් එකක් හෝ කීපයක් මේ වන විට කාගෙන් හෝ ඇසී තිබෙන්නට පුළුවන. එම දෙබස් ඇසී ඔබේ සිතේ චකිතයක් හටගෙන කාගෙන් හෝ මේ පිළිබඳව අසා දැනගන්නට හෝ සාකච්ඡා කරන්නට පෙළඹුණේ නම් ඔබ ඡන්ද ජිල්මාටයක කොටස්කරුවකු වී ඇති බව අකමැත්තෙන් හෝ පවසන්නට සිදු වේ.
මෙය මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ Mental Suggestions (මානසික යෝජනා) ලෙසය. දුර්වල මනස් ඇති පාවෙන ඡන්ද දායකයන් ගේ මනස බිඳ වට්ටවා ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අපේක්ෂා කරන ආකාරයේ මානසික විධානයක් ලබා දීම මෙම මතයන් සමාජගත කිරිමේ යටි අරමුණයි. මෙවැනි මත සමාජගත කිරීමට මුදල් ගෙවු වෙනම කණ්ඩායම් පොදු ස්ථානවල යොදා ඇත. ඊට අමතරව නීතිමය ගැටලු ඉස්මතු කිරීම, ව්‍යාජ සංඛ්‍යා ලේඛන හා සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම ද සිදුකරනු ලබයි. 2015 ජනාධිපතිවරණ සටනේදී ද මෙම ක්‍රමය යොදාගත් අතර සැලකියයුතු ප්‍රමාණයක ජනතාවක් මෙම මගඩියට හසුවිය. මෙවරත් ඔවුන් පැරණි ක්‍රමයට අත්හදා බලන්නට තීරණය කර තිබුණ ද මෙවර බහුතරයක් ජනතාවගේ අපේක්ෂාවන් යටපත් කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවුණත් වැට උඩ සිටිනා ඡන්ද දායකයන් මේවා බැරෑරුම් ලෙස සිතන්නට ඇති හැකියාව වැඩි නිසා ඔබට එවැනි අයෙක් හමුවුණොත් ඔහු හෝ ඇයව දැනුවත් කිරීම තම යුතුකමක් සේ සලකා කටයුතු කරන්න.
මෙය අප අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනා මැතිවරණක් වුවත් එය විජයග්රහණයක් කිරීමට තම තම නැණ පමණින් හා හැකි පමණින් දායක වන්න.
================
සොනාල ගුණවර්ධන