ඡන්ද පත්‍රිකාවේ 2 හා 3 මනාප සලකුණු කළ හැක...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඡන්ද පත්‍රිකාවේ 2 හා 3 මනාප සලකුණු කළ හැක...

    ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරද්දී ඡන්ද පත්‍රිකාවේ අපේක්‍ෂකයකු ඉදිරියේ තම ඡන්දය හෙවත් පළමු මනාපය "1" ඉලක්‌කම සලකුණු කර ලබාදිය හැකි බවද, තවත් අපේක්‍ෂකයන් දෙදෙනකු ඉදිරියේ "2" සහ "3" යන ඉලක්‌කම් යොදා දෙවන හා තෙවන මනාපය සලකුණු කළ හැකි බවද මැතිවරණ කොමසාරිස්‌වරයා ප්‍රකාශ කර සිටී.

    දෙවැනි හා තුන්වැනි මනාපය සලකුණු කිරීම නොකර අවශ්‍ය නම් පළමු මනාපය පමණක්‌ සලකුණු කළ හැකි බවද, පළමු මනාපය සලකුණු නොකර දෙවන හා තෙවන මනාප සලකුණු කරන ඡන්ද පත්‍රිකා ප්‍රතික්‍ෂේප කරන බවද මැතිවරණ කොමසාරිස්‌වරයා ප්‍රකාශ කර සිටී.

    යම් ඡන්ද දායකයකු ඡන්ද පත්‍රිකාවේ ඇති එක්‌ අපේක්‍ෂකයකුට පමණක්‌ ඡන්දය ලබා දෙන්නේ නම් එම අපේක්‍ෂකයා ඉදිරියේ 2 හෝ 3 ඉලක්‌කම් නොලියා වෙනත් සලකුණක්‌ තබන්නේ නම් එවන් ඡන්ද පත්‍රිකාද වලංගු ලෙස පිළිගැනේ. එහිදී තමන් කැමති අපේක්‍ෂකයා ඉදිරියේ අංක 1 හෝ Ü සලකුණ යෙදීම යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස්‌වරයා ප්‍රකාශ කරයි.

    යම් ඡන්ද දායකයකු විසින් කිසිම අපේක්‍ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කර නැතිනම් හෝ එක්‌ අපේක්‍ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක්‌ සඳහා ඡන්දය සලකුණු කර ඇත්නම් හෝ එක්‌ අපේක්‍ෂකයකුට "1" හා තවත් අයෙකුට Ü සලකුණු යොදා ඇත්නම් එවන් ඡන්ද පත්‍රිකා අවලංගුවේ. තවද දෙවැනි හෝ තුන්වැනි මනාපය පමණක්‌ සලකුණු කර ඇත්නම් හෝ ඡන්ද දායකයා හඳුනාගත හැකි වන ලෙස යමක්‌ ලියා ඇත්නම් හෝ ඇඳ ඇත්නම් එවන් ඡන්ද පත්‍රිකාද අවලංගු වන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

    Link
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    මේ බන් මනාප 1 සහ 2 තෝරන්න පුළුවන්...!
    3වෙනියට දෙන්න වෙන්නේ... :yes:

    " ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා හැරුනු විට ජනාධිපති පුටුවට තරග වදින අනෙක් අපේක්ෂකයන් 17 දෙනාගෙන් 1 විහිළු සපයන ජෝකර්ලා " ගෙන් 1 කෙනෙක්ට තමයි "
    :rofl:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    www.elakolla.com__2014033125643042200.jpg
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මොකෙක්ද මන්ද මේ අාර්ටිකල් එක ලියල තියෙන්නේ. :angry:

    තමන් කැමති අපේක්ෂකයන් එක්කෙනයි නම්,
    කතිරයක් (X) හෝ අංක 1 මගින් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.

    දෙවන හෝ තෙවන මනාප ප්‍රකාශ කරනව නම්.(බහුතරයක් කරන්නෑ)
    අංක 1 සිට පිළිවෙලට අංක 3 දක්වා සලකුණු කරන්න පුළුවන්.
    එතකොට කතිරේ නෑ.
     

    kkio8

    Member
    Dec 22, 2014
    12
    1
    0
    මොකෙක්ද මන්ද මේ අාර්ටිකල් එක ලියල තියෙන්නේ. :angry:

    තමන් කැමති අපේක්ෂකයන් එක්කෙනයි නම්,
    කතිරයක් (X) හෝ අංක 1 මගින් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.

    දෙවන හෝ තෙවන මනාප ප්‍රකාශ කරනව නම්.(බහුතරයක් කරන්නෑ)
    අංක 1 සිට පිළිවෙලට අංක 3 දක්වා සලකුණු කරන්න පුළුවන්.
    එතකොට කතිරේ නෑ.

    :yes: me paara try eka denna mata penne 2weni 3weni manaapen goda yanna wage:lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකෙක්ද මන්ද මේ අාර්ටිකල් එක ලියල තියෙන්නේ. :angry:

    තමන් කැමති අපේක්ෂකයන් එක්කෙනයි නම්,
    කතිරයක් (X) හෝ අංක 1 මගින් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.

    දෙවන හෝ තෙවන මනාප ප්‍රකාශ කරනව නම්.(බහුතරයක් කරන්නෑ)
    අංක 1 සිට පිළිවෙලට අංක 3 දක්වා සලකුණු කරන්න පුළුවන්.
    එතකොට කතිරේ නෑ.


    oya uda thiyena eka thamai hari eka ... hari eka dapan :P
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අද දැම්මා තැපැල් ඡන්දේ......!! :P
    ඩියුටිත් යන්න තියේ. counting ආවොත් පළාතේ යන්නෙ නෑ.........:P
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    හංසයට ගහපු ඒව ගනිද්දි තව කතිරයක් ගහල අවලංගු කරන ප්ලෑන් එකක් ගැන ආරංචියක් ආව. ඇත්තද බං?

    ජන්ද ගනිද්දී පිටිපස්සෙන් පක්ස වල කස්ටිය හිටගෙන බලේගනලු ඉන්නේ හොරට ගනිනවද නැද්ද කියලා බලන්න. ඒ නිසා ඕවා වෙන්නේ නෑ.