ඡන්ද පත්‍රිකාවේ 2 හා 3 මනාප සලකුණු කළ හැක...
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරද්දී ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයකු ඉදිරියේ තම ඡන්දය හෙවත් පළමු මනාපය "1" ඉලක්කම සලකුණු කර ලබාදිය හැකි බවද, තවත් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරියේ "2" සහ "3" යන ඉලක්කම් යොදා දෙවන හා තෙවන මනාපය සලකුණු කළ හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටී.
දෙවැනි හා තුන්වැනි මනාපය සලකුණු කිරීම නොකර අවශ්‍ය නම් පළමු මනාපය පමණක් සලකුණු කළ හැකි බවද, පළමු මනාපය සලකුණු නොකර දෙවන හා තෙවන මනාප සලකුණු කරන ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටී.
යම් ඡන්ද දායකයකු ඡන්ද පත්‍රිකාවේ ඇති එක් අපේක්ෂකයකුට පමණක් ඡන්දය ලබා දෙන්නේ නම් එම අපේක්ෂකයා ඉදිරියේ 2 හෝ 3 ඉලක්කම් නොලියා වෙනත් සලකුණක් තබන්නේ නම් එවන් ඡන්ද පත්‍රිකාද වලංගු ලෙස පිළිගැනේ. එහිදී තමන් කැමති අපේක්ෂකයා ඉදිරියේ අංක 1 හෝ Ü සලකුණ යෙදීම යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.
යම් ඡන්ද දායකයකු විසින් කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කර නැතිනම් හෝ එක් අපේක්ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා ඡන්දය සලකුණු කර ඇත්නම් හෝ එක් අපේක්ෂකයකුට "1" හා තවත් අයෙකුට Ü සලකුණු යොදා ඇත්නම් එවන් ඡන්ද පත්‍රිකා අවලංගුවේ. තවද දෙවැනි හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇත්නම් හෝ ඡන්ද දායකයා හඳුනාගත හැකි වන ලෙස යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇත්නම් එවන් ඡන්ද පත්‍රිකාද අවලංගු වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
Link

mako pissu kelinnane hadanne