ඡායාරූපවලින් කියවෙන ඉතිහාසය
එක්සත් ජනපදයේ යූඑස් එස් නිව් හැම්ෂයර් නෞකාවේ කාලතුවක්කුවලට වෙඩි බෙහෙත් සැපයූ ළමයෙක්(1864 ඇමෙරිකානු සිවිල් යුද සමයේ).ඔවුන් powder boy/powder monkey නමින් හැඳින්වීය.මේ සඳහා යොදාගත්තේ කඩිසර,උසින් අඩු,ශක්තිමත්,කුඩා ඉඩක පවා ගමන් කල හැකි අවුරුදු 12-14 අතර පිරිමි ළමුන්ය.
ලු.ක. ජෝර්ජ් ආම්ස්ට්‍රෝන් ක්‍රස්ටර් සහ හමුදා සාමාජිකයන්ගේ වර්ණගැන්වූ ඡායාරූපයක්(ක්‍රි.ව.1862).ජෝර්ජ් ආම්ස්ට්‍රෝන් එක්සත් ජනපද හමුදා නිලධාරියෙක් වූ අතර ඔහු අණදෙන නිලධාරියෙක් ලෙස ඇමෙරිකානු සිවිල් යුද්ධයට සහ ඇමෙරිකානු-ඉන්දියානු යුද්ධවලට සහභාගීව තිබේ.
වින්සර්(Windsor) මාළිගාවේ සිටින රජවරු නවදෙනා(ක්‍රි.ව.1910 මැයි 20).මහා බ්‍රිතාන්‍යයේ හත්වන එඩ්වඩ් රජු 1910 වසරේ මැයි 6 දා මිය ගිය අතර භූමදාන කටයුතු මැයි 20දා සිදුවිය.එදින පැවැති උත්සවයට නෝර්වේ,බල්ගේරියාව,ජර්මනිය,පෘතුගාලය,ග්‍රීසිය,බෙල්ජියම,ස්පාඥ්ඥය,ඩෙන්මාර්කය යන රටවල රජවරුන් සහ මහා බ්‍රිතාන්‍යයේ ඊළඟ රජ පස්වන ජෝර්ජ් සහභාගීවිය.
සුදු ජාතික දරුවන්ට පමණක් වෙන්ව තිබූ ප්‍රාථමික පාසලට(අවුරුදු 4-13 අතර වයසේ ළමුන්ට )ඇතුල්වූ පළමු අප්‍රිකානු-ඇමෙරිකානු සිසුවිය.ඇගේ නම රූබි නෙල් බ්‍රිජස් හෝල්ය.1954 වසරේ උපන් ඈ 1960 වසරේදී නිව් ඕර්ලින්ස් හි සුදු ජාතිකයන්ට වෙන්ව තිබූ පාසලකට ඇතුලත් වූවාය.
පළමු ලෝක යුද සමයේ ජර්මනියේ වීරයෙක් බවට පත්වූ ගුවන් නියමුවෙක් වූ Manfred von Richthofen,තම සුරතලා වූ සමග(ක්‍රි.ව.1916).ඔහු පළමු ලෝක යුද සමයේ ගුවන් සටන්වල අතිදක්ෂයෙක් වූ අතර ඔහුගේ නමට නිලවශයෙන් ගුවන් සටන් 80ක ජයග්‍රහණ ලියවී තිබේ.ඔහු 1918 අප්‍රේල් මස 14 දා ගුවන් සටනකින් මරණයට පත්වේ.
නාසින්ගේ ඔව්ස්ච්විස් වඳ කඳවුරේ දොරටුව(ක්‍රි.ව.1944).මෙය මරණයේ දොරටුව යන නමින් හඳුන්වනු ලැබිය.මෙම කඳවුරට ගෙන එනු ලැබුවේ සෝවියට් සෙබලුන්,යුදෙව්වන්,පෝලන්ත ජාතිකයන් සහ රුමේනියානුවන්ය.
ඉතාලි ආඥාදායක බෙනිටෝ මුසෝලිනී සහ ඔහුගේ ෆැසිස්ට් පක්ෂයේ මූලස්ථානය(ක්‍රි.ව.1934).දෙවන ලෝක යුද සමයේ අක්ෂ බලවතුන්ගේ ප්රබලයෙක්වු ඉතාලිය මෙහෙයවූයේ මුසෝලීනී වන අතර ඔහු හිට්ලර්ගේ ප්‍රබල ආධාරකරුවෙකි.
ටයිටැනික් නැවේ අවසන් වරට ලබාගත් ඡායාරූපය(ක්‍රි.ව.1912)බ්‍රිතාන්‍යයේ නිපදවූ මගී නෞකාවක් වූ ටයිටැනික් බ්‍රිතාන්‍යයේ සදන්ම්ටන් සිට එ.ජ.නිව්යෝක් වෙත උතුරු අත්ලාන්තික් සාගරය ඔස්සේ යාත්‍රා කරමින් සිටියදී අයිස් කුට්ටියක වැදී අනතුරට පත්විය.
මාර්ක් ට්වෙන් සහ නිකොලස් ටෙස්ලා ඔවුන්ගේ විද්‍යාගාරය ඇතුලත(1894).විදුලි ඉන්ජිනේරුවෙක් වූ ටෙස්ලා නව නිපැයුම් රැසක හිමිකරුවෙක් වුවද ජීවත්ව සිටියදී ඔහුගේ ක්‍රියාවන්ට නිසි ඇඟයීමක් නොලැබුණි.
සෝවියට් සෙබළුන් දෙවන ලෝක යුද සමයේ ජර්මන් සේනා පරාජය කරමින් බර්ලින් නගරය දෙසට ගමන් කරමින් සිටියදී සුළු විවේකය ගෙන කරණම්කරුවන්ගේ රැඟුමක් නරඹන අයුරු(1945)
හංගේරියානු විප්ලවය(ක්‍රි.ව.1956).හංගේරියාවේ සෝවියට් හිතවාදී පාලනයට එරෙහිව ජනතාව නැඟී සිටීම නිසා හටගත් යුද්ධයේදී සෝවියට් සහ හංගේරියානු සෙබලුන් 700ට වැඩි පිරිසක්ද විප්ලවකාරීන්ගෙන් 3000ක් පමණද මරණයට පත්විය.
ජපානයේ හිරෝෂීමා නගරය ඇමෙරිකානු පරමාණු බෝම්බ ප්‍රහාරයට පෙර සහ පසු - ගුවන් ඡායාරූප(ක්‍රි.ව.1945).පළමු බෝම්බය(Little Boy) හෙළන ලද්දේ 1945 වසරේ අගෝස්තු මස 6 දාය.
ජපානයේ කෝබේ නගරයට ඇමෙරිකානුවන් ගුවනින් බෝම්බ හෙළන අයුරු(ක්‍රි.ව.1945).බෝම්බ හෙළීම සිදුකරන ලද්දේ 1945 වසරේ මාර්තු මස 16-17 දිනවලය.
නාසි ජර්මනියේ ප්රචාරක කටයුතු සම්බන්ධ අමාත්‍ය ජෝෂප් ගොබල්ස් ,ජොආනා මේරි මැග්ඩලීනා සමග විවාහ වු දා.(ක්‍රි.ව.1931 දෙසැම්බර් මස 19 දා).විවාහයේදී සාක්ෂිකරුවෙක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් සහභාගිවිය.
ජපානයේ සමුරායි සටන්කරුවෙක්(1860-1880).සමුරායිවරුන් 1877 වසරේදී ජපන් අධිරාජ්‍යයාගේ හමුදාව සමග ගැටුණි.මෙහිදී සටනට සහභාගීවූ සමුරායි සෙබලුන් සියලුදෙනා(500ක්) මියගිය අතර මෙම සටන පසුකාලයේදී The Last Samurai (2003) නමින් චිත්‍රපටයකට නැඟිණි.
ඊජිප්තුවේ ටූටන්කාමන් රජුගේ මමිය සහිත මිනී පෙට්ටිය විවෘත කල අවස්ථාව(1923).හොවාඩ් කාටර් ඇතුලු පිරිස 1923 වසරේදී මෙම සොහොන් ගෙයට ඇතුලුවිය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆැන්සිස්කෝ නගරය(ක්‍රි.ව.1958)
ජෝන් එෆ්.කෙනඩි ජනපතිවරයා සහ උප ජනපති ලින්ඩන් බි.ජෝන්සන් කියුබානු මිසයිල අර්බුදය අවස්ථාවේ(ක්‍රි.ව.1961)සෝවියට් දේශය කියුබාවේ බැලස්ටික් මිසයිල ස්ථාපනය කිරීම එ.ජනපදයේ කෝපයටත් ,බියටත් හේතුවිය.මෙය න්‍යෂ්ඨික යුද්ධය තෙක් ඇදී යාවි යැයි බොහෝදෙනා බියෙන් පසුවිය.එ.ජනපදයද එකට එක කිරීමක් ලෙස සෝවියට් දේශය ඉලක්ක කර ඉතාලිය සහ තුර්කිය යන රටවල ජුපිටර් බැලස්ටික් මිසයිල රැඳවීය.රහසිගත යුද මෙහෙයුමක්(Bay of Pigs Invasion) කියුබාව ඉලක්ක කරගෙන දියත් කරන්නට එ.ජනපදයේ මධ්‍යම රහස් ඔත්තු සේවය ක්‍රියා කලද එය අසාර්ථක විය.අවසානයේදී ඇමෙරිකානු සහ රුසියානු නායකයන් තම තමන් ඒ ඒ රටවල රැඳවූ මිසයිල ඉවත් කරගැනීමේ එකඟතාවකට පැමිණීමෙන් අර්බුදය නිමා විය.
ජපන් දුනුවායන් තිදෙනෙක්(ක්‍රි.ව.1870-1880)
එක්සත් රාජධානියේ රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් මෙහෙයුමකට පෙර කොණ්ඩය කපා ගන්න අයුරු(ක්‍රි.ව.1942).ලොව පැරණිම ගුවන් හමුදාව ලෙස මෙය සැලකේ.(ආරම්භය-ක්‍රි.ව.1918 අප්‍රේල් මාසයේ 1දා)
ගුස්ටාව් රේල්වේ කාලතුවක්කුව නිරීක්ෂණය කරන හිට්ලර්(ක්‍රි.ව.1942).මෙය ලොව මෙතෙක් නිර්මාණය කල විශාලතම කාලතුවක්කු අවිය වන අතර දෙවන ලෝක යුද සමයේද භාවිතයට ගෙන තිබේ.
බ්‍රිතාන්‍යය හමුදාවේ විශේෂ හමුදා ඒකකයක් වන SAS හි සෙබලුන් දෙවන ලෝක යුද සමයේ උතුරු අප්‍රිකාවේ සටන් බිමක(ක්‍රි.ව.1943 ).මෙම ඒකකය දෙවන ලෝක යුද්ධය,ෆෝක්ලන්ඩ් යුද්ධය,ගල්ෆ් යුද්ධය,කොසෝවෝ යුද්ධය,ඇෆ්ගන් යුද්ධය,ඉරාක යුද්ධය ආදී යුද සඳහාද තවත් මෙහෙයුම් රැසකටද දායක වී තිබේ.
පළමු ලෝක යුද සමයේදී ප්‍රංශයේ කාලතුවක්කු අවියක් මත සිටින බල්ලෙක්
ඇමෙරිකානු ජෙනරල් ඩග්ලස් මැකාතර් ජපානයේ යටත්වීම සහතික කරන අයුරු(ක්‍රි.ව.1945).එ.ජනපදය විසින් ජපානයට පරමාණු බෝම්බ හෙළීමත් සෝවියට් දේශය ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමත් ,ඔවුන්ගේ ආසියා ෆැසිෆික් අධිරාජ්‍යය ක්‍රම ක්‍රමයෙන් මිත්‍ර හමුදා මුදාගැනීමත් සමග ජපාන අධිරාජ්‍යයා 1945 අගෝස්තු මස 28 වෙනිදා ජපානයේ යටත්වීම ප්‍රකාශයට පත් කරන ලදි.නමුත් ඔවුන්ගේ යටත්විමට ප්‍රබලම හේතුව වූයේ පරමාණු බෝම්බ හෙළීමයි.
රුසියානු රසායනික විද්‍යාඥයෙක් සහ ඡායාරූප ශිල්පියෙක් Sergey Prokudin-Gorsky වූ විසින් ලබාගත් රුසියානු ගැමි කාන්තාවන් තිදෙනෙකුගේ ඡායාරූපයක්(1909-1915)
අභ්‍යාවකාශයේ සිට ගත් පළමු ඡායාරූපය(ක්‍රි.ව 1946).දෙවන ලෝක යුද්ධය අවසානයේදී ජර්මානුවන්ගෙන් අත්පත් කරගත් V-2 රොකට් එ.ජනපදයට ගෙන ගොස් වැඩි දියුණු කරන ලදි.1946 වසරේදී ඇමෙරිකානුවන් නිව් මෙක්සිකෝ කාන්තාරයේ සිට කැමරාවක් සහිත රොකට්ටුවක් අභ්‍යාවකාශ ගත කල අතර මෙම ඡායාරූපය එහිදී ලබාගන්නා ලද එකකි.
නාසි ජර්මනියේ හිට්ලර්ගේ ප්රචාරක කටයුතු සම්බන්ධ අමාත්‍ය ජෝශප් ගොබල්ස් 1933 වසරේදි ජිනීවා නගරයේ
අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා ලෙස හඳුන්වන සෝවියට් දේශයේ යූරී ගගාරීන්(ක්‍රි.ව.1961).රුසියාවේ වීරයෙක් වන මොහු වොස්ටොක් -1 යානයකින් අභ්‍යාවකාශයට ගියේය.ඔහු පැයක් සහ මිනිත්තු 48 ක් අභ්‍යාවකාශයේ ගත කලේය.
රුසියාවේ දෙවන නිකොලාස් රජු මිතුරෙක් සමග(ක්‍රි.ව.1899).ඔහු 1894 - 1917 අතර කාලයේ රුසියාව පාලනය කලේය.
ජර්මන් සෙබලුන්ගේ හිස්වැසුම් 12,000ක් පමණ යොදාගෙන තැනූ පිරමීඩයක්(ක්‍රි.ව.1918).පළමු ලෝක යුද්ධයේදී අල්ලාගත් ජර්මන් සෙබලුන්ගේ හෙල්මට් යොදාගෙන තැනූ මෙම පිරමීඩය නිව්යෝර්ක් නගරයේ මධ්‍යම දුම්රිය මාර්ගයේ නිර්මාණය කර තිබිණි.
Source:Galaxypicture.com
-HarshaLulzSec-

1963 වසරේ dragon is slain නම් එළිමහන් රූකඩ සංදර්ශනය නරඹන පැරිසියේ ළමුන් පිරිසක්.