මෑතකදී ස්විට්සර්ලන්තයේ සිදු කෙරුණු පර්යේෂණයකට අනුව ජංගම දුරකතන භාවිත කරන්නන්ට Glioma (ග්ලියෝමා) නම් පිළිකා ඇති වීමේ අවදානම 30%කින් ඉහල බව සොයාගැනුනා. ඒ වගේම වසර 25කට වඩා වැඩි කාලයක් භාවිත කරන්නන්ට මෙම රෝග තත්ත්වය වැළඳීමේ අවදානම් තුන් ගුණයකින් වැඩි බව පෙනී ගියා.
සාමාන්‍යයෙන් මෙම රෝගී තත්වය ඇති වීමේ අවදානම ලක්ෂයට 3 සිට ලක්ෂයකට 9දක්වා වැඩිවීමක් මෙහිදී පෙන්නුම් කෙරේ. මෙය සැලකු විට කුඩා අවදානමක් යැයි සිතුනද මෙවැනි හෝ අවදානමක් එහි සැබවින්ම තිබේ ද යන කුතුහලය අප සිතේ නිසැකයෙන්ම ජනිත වනවා ඇති. නමුත් මෙම පර්යේෂණ සඳහා ඇති විශාලම බලපෑම වන්නේ වන්නේ මේ සඳහා විශාල කාලයක් වැයවීම සහ එතරම් ප්‍රායෝගික නොවන බැවිනි.