ජගත් චමිල-ලෝකයේ හොඳම නළුවා

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ජගත් චමිල-ලෝකයේ හොඳම නළුවා

    මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයටම කීර්තියක් අත්කර දෙමින්, ලාංකීය දක්ෂ තරුණ රංගන ශිල්පියෙකු වන ජගත් චමිල, ලෝකයේ හොඳම නළුවා ලෙස පසු ගිය ජුනි 20 වෙනි දා නිව්යෝර්ක් නගරයේ අන්තර්ජාතික සිනමා සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර උනා. ඔහු මෙම සම්මානය හිමි කර ගත්තේ ප්‍රියංකර විතානච්චි අධ්‍යක්ෂණය කල "සෑම්ගේ කතාව" නම් සිනමා කෘතියේ "සැමී" ලෙස ඔහු සිදු කල අති විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන්. මෙම සම්මානය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ Edward Furlong, කියුබාවේ Omar Franco සහ ඩෙන්මාර්කයේ Sebastian Jason යන නළුවන්ගේ නම්ද නිර්දේශ වී තිබුනා. නැසී ගිය අනභිභවනීය රංගන ශිල්පී ජෝ අබේ වික්‍රමයන්ගෙන් පසු අන්තර්ජාතික සිනමා සම්මාන උළලෙකදී සම්මානයට පාත්‍ර වූ එකම ලාංකීය නළුවා ජගත් චමිල වේ.

    ජගත් චමිල, ලාංකීය කළා
    කෙත අස් වද්දමින් තවත් දිගු කාලයක් වැජබෙන්නට සුබ පැතුම්.

    බොස්ටන් ලංකා මගින් ප්‍රචාරය කළ සම්මාන උළලේ යූ ටියුබ් වීඩියෝව මෙතැනින්

     
    Last edited:

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    11.gif
    11.gif
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Shaa meyata meeka labunada ai dan naa akkiyoo meka kiyawanakota mage mulu agama hiri watenawa as walata kaduluth wagee enwa .. mage rata wajabewa .. patta happy .. :D thnxx akkiyoo ..