එක්තරා දකුණු ඉන්දීය ගමක විසු වළං සදන්නෙකු තම පුතුගේ විවාහය මහත් ඉහලින් සිදු කිරීමට සැලසුම් කළේය. එකල දකුණු ඉන්දියාවේ පවතී චාරිත්‍රයකට අනුව මනාල යුවල ඇතෙකු පිට නංවා වීදි සංචාරය කිරීම වැදගත් කටයුත්තක් විය . එනිසා මෙම වළං සාදන්නා ද තම පුතු හා මනාලිය ඇතෙකු පිට නංවා වීදි සංචාරය කිරීමට තීරණය කළේය.
එහෙත් ඔහු සතුව ඇතෙකු නොවුයෙන් ගමේ පොහොසතෙක් වූ මොහොමදාන්ගෙන් ඇතෙකු ඉල්ලගනීමට අදහස් කළේය . ඒ අනුව වළං සාදන්නා මොහොමදාන් හමු වී තමාගේ අවශ්‍යතාව පැවසුවේය . මොහොමදාන් ඔහුට ඇතෙකු දීමට පොරොන්දු වුයේය.
මංගල්‍යය පැවති දින රාත්‍රියේ ඉතා උත්කර්ෂවත් ලෙස මනාල යුවල වීදි සංචාරය කිරීම ඇරඹිණි . පෙරහැර, හීතිකා කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් සහිත ඵර්ශනීය එකක් විය. නෑදෑයන් සහ අසල්වාසී හු ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙමින් පෙරහරේ ගමන් ගත්හ.
හදිසියේම ඇතු තම ගමන නැවත නොසෙල් වී සිටීම කාගේත් විමතියට හේතු විය . ඇත් ගොව්වා ඇතු ගමන් කරවීමට උත්සහ දැරුවද එය නිෂ්පල විය .
මනාල යුවල ඇතු පිටින් බස්වන ලදින් ඇත් ගොව්වා ඇතුගේ තත්වය පරීක්ෂා කිරීමට පටන් ගත්තේය . එහෙත් හිටි හැටියේම ඇතුගේ කකුල් පණ රහිත වුයෙන් ඌ බිම ඇද වැටුණි. එසැනින් ම ඇතු මරණයට පත් විය .
උදා වූ තත්වය වළංකරුවා බලාපොරොත්තු නුවුවක් විය . ඔහු කඩිමූඩියේ මොහොමදාන් සොයා ගොස් ඒ පිළබඳව දැනුම් දුන්නේය .
“හදිසියේම ඔබගේ ඇතු මිය ගියා…මන් ඔබගේ ඇතාගේ වටිනාකම ගෙවන්නම්… නැත්නම් වෙනින් ඇතෙක් අරන් දෙන්නම්” යයි වළංකරු කීවේය.
මොහොමදාන් හිතුවක්කාර ලෙස වළංකරුගේ කීම ප්‍රතික්ෂේප කරේය . ඔහුට තමාගේම ඇතු අවශ්‍ය වී තිබුණි.
“මට වෙන කිසිම ඇතෙක් ඕන නෑ.. මට ඕනා උඹ අරන් ගිය මගේ ඇතාමයි… මට ඌ අපහු දියන්” යි කෝපයට පත්ව සිටි මොහොමදාන් කියා සිටියේය .
වළංකරු අසරණ තත්වයට පත්විය . කුමක් කල යුතුයි ඔහුට සිතාගත නොහැකි විය . ඔහු තව තවත් අසරණ කරමින් මොහොමදන් තමාගේ ඇතා ලබාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගියේය.
විනිශ්චයකරු මොහොමදන් ගේ පැමිණිල්ල විභාගයට ගත්තේය . ඔහු වළංකරුගෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියේය.
“නඩුකාර හාමුදුරුවනේ .. ඇතා මැරුනේ හදිසියේම ..මන් ඕනෑකමින් ඇතා මැරුවේ නෑ .. එත් මන් වන්දියක් ගෙවන්න ලෑස්ති ..මෙයා එකට එකඟ නෑ ..මන් අසරණයි හාමුදුරුවනේ”
වළංකරුගේ නිදහසට කරුණු ඇසූ විනිශ්චයකරු මොහොමදන් ඇමතුවේය
“ඔබගේ ඇතා මැරිලා තියෙන්නේ හදිසියේම ..එක නිසා වන්දියක් හරි වෙන ඇතෙකු හරි ලබාගන්න”
එහෙත් මොහොමදාන් එයට එකඟ නොවීය . මෙම ප්රශ්නය බේරුම් කිරීම පහසු කටයුත්තක් නොවන බව දැනගත් විනිශ්චය කරු නඩුව පසු දිනට කල් තබා උසාවිය විසුරුවා හැරියේය. එදින සවස් කාලයේ වළංකරු හට විනිශ්චයකරුගේ පණිවිඩයක් ලැබුණෙන් ඔහු විනිශ්චය කරු හමුවීමට ගියේය .
“උඹ හෙට උසාවියට එන්න එපා…ගෙදර ඉඳපන්..ගෙදර ඉස්සරහ දොර ළඟ වලන් ගොඩක් රැස් කරලා දොර බාගෙට වහල තියපන් ..මන් උඹව එක්කගෙන එන්න කියලා මොහොමදන්ව එවන්නම් ..මිනිහ දොර තල්ලු කලාම බැනල අසල්වසීන්ටත් ඇහෙන්ඩ උඹේ පාඩුව ගැන දොස් කියපන්…මිනිහ අලුත් වළං අරන් දෙන්ඩ හරි වන්දියක් ගෙවන්ඩ හරි හැදුවොත් එකට කැමති නොවී උඹේ බිඳුණු වළං ම ඉල්ලලා හිටපන්.. පස්සේ මට ඇවිත් පමිනිල්ලක් ඉදිරිපත් කරපන් ” යයි තමා හමු වූ වළංකරුට කීවේය.
වළංකරුට විනිශ්චයකරුගේ උපාය වැටහිණි . ඔහු ලද උපදෙස් පරිදි සියල්ල සිදු කිරීමට කටයුතු යෙදීය.
පසුදින උසාවිය ඉදිරියේ පෙනී සිටියේ මොහොමදාන් පමණි. විනිශ්චය කරුගේ නියමයෙන් වළංකරු කැඳවා ගෙන ඒමට මොහොමදාන් ඔහුගේ නිවසට ගියේය.
අඩක් විවරව තිබු දොර අසලට ගිය මොහොමදාන් වළංකරු ඇමතුවද පිලුතුරක් නොවීය . එනිසා ඔහු දොර විවර කිරීමට සිත එය පසු පසට තල්ලු කළේය . එසැනින් ම දොර අසල තිබූ වළං බිම වැටී බිඳින.
වළංකරු නිවසේ පිටුපස සිට පැමිණ බිඳුණු වළං දැකීමෙන් ලත් කෝපය සහිතව මහා හඬින් කෑ ගැසුවේය. ඒ හඬ ඇසී අසල්වාසීහු ද එතනට රැස් වූහ.
“මේ මිනිහ මගේ වළං බින්දා…බලපල්ලා මට වෙච්ච පාඩුව …මන් දැන් කන්නේ බොන්නේ කොහොමද ? පවුල නඩත්තු කරන්නේ කොහොමද?” වළංකරු හඬමින් පෙරලි කළේය . මොහොමදාන් සිදු වූ අලාභයට වන්දි ගෙවීමට සුදානම් වුවද වළංකරු ඊට කමැති නොවීය.
විනිශ්චයකරු සැලසුම් කර ආකාරයට කරුණු සිදු වූ අතර වළංකරු එම සිදුවීම අධිකරණයට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කලේ ය.
“හාමුදුරුවනේ මට මගේ කැඩුණු වළංම ඕනේ .. මට අලුත් වළංවත් වන්දිවත් එපා … මට මගේ වළංම මේ මිනිහගෙන් අරන් දෙන්ඩ …” යි වළංකරු උසාවිය ඉදිරියේ හඬා වැටෙමින් ඉල්ලා සිටියේය.
විනිශ්චයකරු මොහොමදාන් දෙසට හැරී මේ පිළිබඳව ඔහුට කීමට ඇති දේ විමසා සිටියේය .
“මොහොමදාන් උඹට මොකක්ද මේ ගැන කියන්ඩ තියෙන්නේ ? උඹේ ඇතා මැරුණා..උඹ ඒ මැරුණු ඇතා ම ඉල්ලනවා…මේ මිනිහගේ වළං කැඩිලා.. ඒ වළංම උඹට දෙන්ඩ වෙලා … උඹට මොකක්ද කියන්නේ තියෙන්නේ ?”
බිඳුණු වළඳක් කෙසේ නම් ලබා දිය හැකිද? මොහොමදාන් ගැටලුවකට මැදිව මොහොතක් නිහඬව සිටියේය.
“නඩුකර හාමුදුරුවනේ ..මට තේරෙනවා .. එයාගේ පාඩුවත් මගේ පාඩුව හා සමානයි …කොහොමවත් මැරුණු ඇතාවත් බිඳුණු වළංවත් අපහු ලබාගන්ඩ බෑ ..මගේ ඇතා මට නැති වුනා …එයට එයාගේ වළං නැති වුනා …දෙකම සමානයි ..මන් මගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නවා හමුදුරුවනේ..”යි මොහොමදාන් බිඳුණු හඬින් කියා සිටියේය.
“එහෙම නම් මගේ පැමිණිල්ලත් ඉල්ලා අස්කර ගන්නවා හාමුදුරුවනේ…” යි වළංකරු ද කීවේය.
මියගිය ඇතා වෙනුවට වන්දියක් රැගෙන පාඩුව පියවා නොහෙන අහංකාර ලෙස කටයුතු කල මොහොමදාන් හට අවසානයේදී ඇතා මෙන්ම වන්දියත් අහිමිව පාඩුව දරා ගැනීමට සිදු විය.
ඉන්දියානු ජනකතාවකි.
හෙට්ටිගේ එන්. අනුරසිරි මහතාගේ ඉන්දියානු ජනකතා කෘතියෙන් උපුටා ගන්නා ලදී