ජගුවාර් කාරයක් පියාඹලා

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,359
    567
    113
    උබල එන්නද ?
    ජගුවාර් කාරයක් පියාඹලා

    ජගුවාර් මෝටර් රථයක් ලන්ඩන් නගරයට ඉහළ අහසේ පියඹා යන දර්ශනයක් පසුගිය සති අන්තයේදී ලන්ඩන් නගරවාසීන් අත්විඳි බව වාර්තා වෙයි.

    මෙසේ මෝටර් රථයක් ගුවනින් යන ආකාරය දුටු ලන්ඩන් නගරවාසීන් වැඩි දෙනෙක් සමාජජාල වෙබ් අඩවි හරහා මේ පුවත එකිනෙකා අතර හුවමාරු කරගෙන ඇති බවද විදෙස් පුවත් සේවා පවසයි.

    කෙසේ වෙතෙත් මෙසේ ජගුවාර් රථයක් ගුවනේ පියඹා ඇත්තේ, එම සමාගමේ නවතම Jaguar ‘baby’ XE ස්පෝට් මාදිලියේ මෝටර් රථය එළිදැක්වීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසින් බව එම මාධ්‍ය අනාවරණය කරයි.

    ඒ අනුව, මෙම මෝටර් රථය විශේෂ වේදිකාවක් මත තබා, එය හෙලිකොප්ටරයක් ආධාරයෙන් ලන්ඩන් නගරයට ඉහළ අහසේ එහා මෙහා ගෙනගොස් ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි


    2(611).gif


    ad_145205931.jpg