ජනතාවගෙන් කොටසක් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති. විපක්ෂය, ආණ්ඩුවට එරෙහිව පෙළපාලි සංවිධානය කරති.
ඒ මදිවාට රටම දුක් විදිද්දී ආණ්ඩුවේම අය කෑලිවලට බෙදී බහුතරය හදා ගැනීමේ සටනක නිරතව සිටිති.
ඇත්තෙන්ම අපි, රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද - නැතිනම් දේශපාලන න්‍යාය පත්රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්රශ්නය මඟ හරිමින් සිටිනවා ද...?
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ ප්රශ්නය අසයි.



