ජනතාව රාජපාක්ෂීකරණය වීම

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජනතාව රාජපාක්ෂීකරණය වීම

    තම තමන්ගේ වාසගම් රාජපක්ෂ බවට වෙනස් කරගැනීමට හෝ රාජපක්ෂ නමින් තවත් අතිරේක වාසගමක් එක්කරගැනීමට හෝ දැන් දැන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට විශාල ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව ඒම දෙපාර්තුමේන්තුවේ අදාල අංශය බාර සතිෂ් රාජපක්ෂ මහතා තහවුරු කළ බව නවතම සමීක්ෂණයක් හෙළිකර තිබේ.

    rr.jpg

    මෙසේ රාජපක්ෂ බවට තම නම් වෙනස් කරගැනීමෙන් රැකියා අවස්ථාවන්ගෙන් සිට ළමයෙකු පාසැලට ඇතුල් කර ගැනීම දක්වාත්, ශ්‍රී ලංකාවේ එදිනෙදා ජීවිතේ කටයුතු කරගෙනයාම දක්වාත් අතිරේක වාසියක් උදාකරගතහැකි බව එලෙස රාජපක්ෂ වාසගම ගැනීමට අපේක්ෂා කරන්නන් විශ්වාස කරන බව එම සමීක්ෂණය දක්වයි .

    තවද මෙසේ ඉල්ලුම්කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් උපාධිධාරී පුරුෂයන් වන බවත් ඔවුන් එලෙස වාසගම රාජපක්ෂ කරගැනීමෙන් තමන්ට හොද රක්ෂාවක් සහ විවාහයක් කරගත හැකි බව විශ්වාස කරන බවද එහි දැක්වේ.

    එමෙන්ම රාජපක්ෂ වාසගම ඇත්තන් ඉදිරියේ තමන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමිවීයාම සම්බන්දයෙන් පැමිණිලි රාශියක් මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති බවත් දැක්වේ.

    සුද්දා රට පාලනය කරනවිට විවිධ තාන්නමාන්න වෙනුවෙන් තම ආගම, ජාතිය සහ නම මාරුකළ බව අසා ඇතිමුත්, එසේ කලවුන් නිවටුන් ලෙස හෙළා දැකි ජාතියේම මිනිසුන් නැවතත් තමන්ගේම උන් රට පාලනය කරන විට තමන්ට එසේ සිදුකිරීමට වේයැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් සිංහල ජාතියේ දියසෙන් කුමාරයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළම දැන් එය සිදුවෙමින් පවතින බව හෙලිවීම ම සිංහල ජාතියට අත්වී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය හෙළිකර නොසිටිනේද?


    Original Article Source
    http://groundviews.org/2009/11/18/RAJAPAKSE-NOW-THE-MOST-POPULAR-SURNAME-IN-SRI-LANKA/

    Article Source: Samabima වෙබ් අඩවිය
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA
    තම තමන්ගේ වාසගම් රාජපක්ෂ බවට වෙනස් කරගැනීමට හෝ රාජපක්ෂ නමින් තවත් අතිරේක වාසගමක් එක්කරගැනීමට හෝ දැන් දැන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට විශාල ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව ඒම දෙපාර්තුමේන්තුවේ අදාල අංශය බාර සතිෂ් රාජපක්ෂ මහතා තහවුරු කළ බව නවතම සමීක්ෂණයක් හෙළිකර තිබේ.




    ඩිපාර්ට්මන්ට් එකේ එකා හැමෝටම කලින් උගේ නමට රාජපක්ෂ එක ඇඩ් කරගෙන වගෙයි..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේ විදියට ගියොත්, ඉස්සරහට wickramasinge, ප්‍රේමදාස, ජය්සසුරිය වගේ නමුත් දා ගනීවි :rofl::rofl::P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම මෙයින් මතු මාරචුන් රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි
     

    Similar threads