ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    දීර්ග ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය වැනි පක්ෂ සමග සංසන්දනය කරන විට අසර්තක විමට හේතු මොනවද? මමත් ඒ දවස්වල කැමතිම පක්ෂයක් තමයි jvp එක.
    anura_dissanayake2.jpg

    (1) ආර්ථික ක්‍රමය අපැහැදිලි වීම - කවුරු කුමන තර්ක දැම්මද සමාජවාදය තුල වර්තමානයේ ඇති ප්‍රයෝගික තත්වය පැහැදිලියි. ඇතැම් සමාජවාදී යහපත් අංග රැකගනිමින් වඩා යහපත් වෙළදපොල ආර්ථිකයක සංකල්පය සමජගත කිරීමට අපොහොසත් වීම. තමුන් බලයට අවොත් තරගකාරී වෙළදපොල වඩා කාර්යක්ෂමව ඉදිරියට ගෙනයන්නේ කෙසේද කියා පැහැදිලි නොකිරීම. මෙයට හේතුව සමාජවාදය අපේක්ෂා කරමින් පක්ෂය තුල විවිද මතදරින් සිටින නිසා ඇතිවන තත්වයයි.

    (2) ජනතා අපේක්ෂාවන් ඉටු නොවීම. චන්දයෙන් තේරී පත්වීම හරියට මනුස්සයෙකුට driving licence එකක් හම්බුනා වගේ. එතින් එක තියාගෙන වාහන නොපද, අනිත් අය පදින විදිය ගැන අඩුපාඩුකම් කතා කිරීමෙන් “පමණක්” පලක් නැහැ. වහනයක් පදින විට තමයි එකේ තියෙන බැරෑරුම්කම, වගකීම, අනපේක්ෂිත දේවල්, විවේචන ඇතිවන්නේ. පිගන් හෝදන මිනිහගෙන් තමයි පිගන් කැඩෙන්නේ. ඒ අතින් සිංහල උරුමය ඉදිරියෙන් සිටිනවා. පාටලී ලංකාවේ අවුරුදු ගානක (චන්ද්‍රිකාගේ කලේ පටන්) බරපතල විදුලිබල අර්බුදයට පිලියමක් ලෙස ගල් අගුරු බලාගාර ඉදිකිරීමට සම්මාදම් වීම ගත හැකියි. අද විදිලිබල නිපයිමෙන් වැදගත් කොටසක් මේවයින් ලැබෙනවා. මේකේ වාසිය ජනතාවට. චීනයේ ගල් අගුරු බලාගාරය ගැන විවේචන තියෙනවා එක ඇත්ත (මතකනේ පිගන් හෝදන මිනිහගෙන් තමයි පිගන් කැඩෙන්නේ).

    (3) පක්ෂයද? ජනතාවද? වඩා වැදගත් පක්ෂයද? ජනතවද? පක්ෂයේ පරිශුද්දත්වය market කරලා තමයි මිනිස්සුන් කොටසකගෙන් චන්දෙ ගන්නේ (5% විතර). එක විතරක් මදි. පක්ෂයට පලුදු ඇතිවුනත් ජනතවගේ යහපත වෙනේවෙන් තීරණ ගත යුතයි. මොකද දේශපාලන පක්ෂයක වගකීම පක්ෂය ආරක්ෂා කිරීමට වඩා ජනතාවට සේවය කිරීම

    (4) නම්‍යශීලි නොවීම - 40 විතර මන්ත්‍රීවරු දීල ජනතව බලාපොරොත්තු වුනේ රටට සේවයක් ලබාගැනීම. ආණ්ඩුවේ සැලකියයුතු කාලයක් අමාත්‍යංශ බර අරගෙන පෙන්නුවානම් මෙන්න මෙහෙමයි ජනතාව වෙනුවෙන් අමත්‍යංශ දියුණු කරන්නේ කියල එක මිනිස්සුන්ට වාසියක්. අතින් එක මහින්දගේ ජනතාව පිළිකුල් කරපු ප්‍රතිපත්ති වලට බලපෑම් කරන්න පුළුවන් (විශාල ඇමති මණ්ඩලය ) . එකේ වාසියත් ජනතවට. සම හරවෙලාවට jvp එකට පක්ෂයක් ලෙස අවාසියක් වෙන්නේ පුළුවන්. ඒ අතින් සිංහල උරුමය ඉදිරියෙන්. බැරිම තැන තමයි ආණ්ඩුවෙන් අයින් උනේ.

    (5) තර්ක -jvp අය සමග තර්ක කරලා දින්නං අමාරුයි. තර්ක කරලා දිනීමෙන් මනුසසයෙක් දිනාගන්න හැමවිටම බැහැ. උදාහරණ

    ප්‍රශ්නය: අයි ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 40 එක්ක අයින් උනේ?
    jvp උත්තරය : මොඩය, උබ කියන්නේ හොරු එකක ඉන්න කියලද ?

    ප්‍රශ්නයට ප්‍රබල උත්තරයක් දීල තියෙනවා. අහපු එකා හිතනවා ඇති අහපු මෝඩකම කියල. එත් ගැබුරින් බැලුවොත් ඕකට උත්තරයක් දීම ලේසි නැහැ. ජනතා අපේක්ෂා, ඒ කලේ දේශපාලනය, ආර්ථිකය, රටේ ආරක්ෂාව තත්වය වගේ දේවල් කතා කරන්න වෙනවා.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් කියන්නේ ජනතා විමුක්ති පෙරමුන අසාර්තක ඒ නම නිසා. ලන්කාවේ ජනතාවට විමුක්තියක් ඔනේ නැ.. හාල්,පාන්,පෙට්‍රල් අඩුවට ලැබේනම් ඒ ඇති... ඔන්න චන්දදායකයො..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බිංගු පුතා කතාව පටන් ගන්නෙම ඔය ක්‍රමේට.
    පහුගිය චන්ද කාලෙ බිංගු පුතා මහින්දට කඩේ යන ත්‍රෙඩ් එකක් දාද්දි කිවුවෙ මමත් චන්දෙ දෙන්නෙ මෛත්‍රීට කියලා.
    අදත් කියලා තියනවා ඉස්සර කැමතිම පක්ෂෙ ජේවීපී එක කියලා.
    හරිම සුන්දරයි පුතේ :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එකක් මතක තියාගනින් ජවිපෙ තියෙන්නෙ වෙන පක්ෂවල කුනු අදින්න නෙමෙයි. කවදහරි මිනිස්සුන්ට දුක් විඳලම ප්‍රධාන පක්ෂ එපාවෙනව. එදාට ජවිපෙට බලේ ලැබුනම ඇති. කොහෙවත් යන නරි බිරුව පලියට ගමන වෙනස් වෙන්නෙ නැහැ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එකක් මතක තියාගනින් ජවිපෙ තියෙන්නෙ වෙන පක්ෂවල කුනු අදින්න නෙමෙයි. කවදහරි මිනිස්සුන්ට දුක් විඳලම ප්‍රධාන පක්ෂ එපාවෙනව. එදාට ජවිපෙට බලේ ලැබුනම ඇති. කොහෙවත් යන නරි බිරුව පලියට ගමන වෙනස් වෙන්නෙ නැහැ.
    එහෙම කියන්නත් අමාරුයි බන්,උබ කියන දේ වෙනව නම් ඒකට පොඩි පටන්ගැන්මක් වත් මේ වෙද්දි වෙලා තියෙන්න ඕන,ඒත් ඇස් පනාපිට එහෙම දෙයක් පේන්න නෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකක් මතක තියාගනින් ජවිපෙ තියෙන්නෙ වෙන පක්ෂවල කුනු අදින්න නෙමෙයි. කවදහරි මිනිස්සුන්ට දුක් විඳලම ප්‍රධාන පක්ෂ එපාවෙනව. එදාට ජවිපෙට බලේ ලැබුනම ඇති. කොහෙවත් යන නරි බිරුව පලියට ගමන වෙනස් වෙන්නෙ නැහැ.
    උබට නිකමට හිතෙන්නේ නැද්ද දැන් ලන්කාවේ හුන්ඩු පක්ශ ඔනාවට වැඩියි කියලා.. ප්‍රදාන පක්ශ දෙකම හොදා පාලුවට ගිහින් දැනටමත්.. කවදාහරි ඔකේ වාසිය එන්නේ සුලු ජන කොටස්වලට.. ඔන්න කිව්වයි කියලා මතක තියාගනින්.. ජේ වී පී එක දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැ ඒ හැටි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම කියන්නත් අමාරුයි බන්,උබ කියන දේ වෙනව නම් ඒකට පොඩි පටන්ගැන්මක් වත් මේ වෙද්දි වෙලා තියෙන්න ඕන,ඒත් ඇස් පනාපිට එහෙම දෙයක් පේන්න නෑ

    මොකෝ නැත්තෙ උඹලා පණ ඇරලා බයියට කඩේ ගියාට අලුත් චන්ද ලක්ෂ10න් 5ක් වත් JVP. පක්ෂෙ නොකැඩුනොත් බලපං මං කිවුවෙ බොරුද කියලා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18219109 said:
    මොකෝ නැත්තෙ උඹලා පණ ඇරලා බයියට කඩේ ගියාට අලුත් චන්ද ලක්ෂ10න් 5ක් වත් JVP. පක්ෂෙ නොකැඩුනොත් බලපං මං කිවුවෙ බොරුද කියලා :rofl:

    :lol::lol::lol::lol:

    අනේ පලයන් බන් යන්න....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට නිකමට හිතෙන්නේ නැද්ද දැන් ලන්කාවේ හුන්ඩු පක්ශ ඔනාවට වැඩියි කියලා.. ප්‍රදාන පක්ශ දෙකම හොදා පාලුවට ගිහින් දැනටමත්.. කවදාහරි ඔකේ වාසිය එන්නේ සුලු ජන කොටස්වලට.. ඔන්න කිව්වයි කියලා මතක තියාගනින්.. ජේ වී පී එක දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැ ඒ හැටි..

    ඇත්ත කතාව. මේ චන්ද ක්රමය තමයි ඕකට මුල...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol::lol:

    අනේ පලයන් බන් යන්න....
    උබ හිතනවද දැන් ලක්ශ 58ක් චන්ද දෙන්න ඉන්නවයි කියලා මහින්දට ඊලග ඉලෙක්ශන් එකෙන්..

    ලොල් බන්.. බලහන්. චන්දේ ලන් වෙද්දි, සිරිසේනගේ මරු සිරා තාමත් උබලා දැකලා නැ. හීන්සැරේ තමයි සැරම..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇත්ත කතාව. මේ චන්ද ක්රමය තමයි ඕකට මුල...
    මහින්දට ශ්‍රි.නි.ල.පේ. නම් ඊලගට චන්දෙට සැට් වෙන්නේ ප්‍රදාන අබියොගය රනිල්වත්, සිරිසේනවත් නෙමෙයි බන්. ප්‍රදාන ගේම් කාරයා වෙන්නේ නිමල් සිරිපාල ද සිල්වා.. ඉස්සර උබලා වගේම ලෙව්වට මහින්දට. දැන් මහින්ද කියන්නේ නිකන් මන්ත්‍රී කෙනෙක් ගානයි චන්දේ ආයේම ඉල්ලුවොත්.. නිමලා කීයවවත් ආයේ මහින්දට එන්න තියන්නේ නැ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හිතනවද දැන් ලක්ශ 58ක් චන්ද දෙන්න ඉන්නවයි කියලා මහින්දට ඊලග ඉලෙක්ශන් එකෙන්..

    ලොල් බන්.. බලහන්. චන්දේ ලන් වෙද්දි, සිරිසේනගේ මරු සිරා තාමත් උබලා දැකලා නැ. හීන්සැරේ තමයි සැරම..

    ලක්ස 58 ගන්න හම්බ වෙන එකක් නැහැ. ඒක හරි අඩුම චන්ද 44 වත් ගන්න පුලුවන් මහින්දට. කොහොම උනත් වැඩිම ලක්ස 52 විතර ගන්න පුලුවන්.

    සිරිසෙන් කියන්නෙ හොරිකඩයෙක් බන්. උට චන්දෙ දෙන්නෙ කවුද? :lol::lol::lol:

    නිදහස පක්සෙටම වැටෙන චන්ද විතරයි උට වැ‍ටෙන්නෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලක්ස 58 ගන්න හම්බ වෙන එකක් නැහැ. ඒක හරි අඩුම චන්ද 44 වත් ගන්න පුලුවන් මහින්දට. කොහොම උනත් වැඩිම ලක්ස 52 විතර ගන්න පුලුවන්.

    සිරිසෙන් කියන්නෙ හොරිකඩයෙක් බන්. උට චන්දෙ දෙන්නෙ කවුද? :lol::lol::lol:

    නිදහස පක්සෙටම වැටෙන චන්ද විතරයි උට වැ‍ටෙන්නෙ.

    ඔන්න ඔහොම නිදහස් පක්සෙ සීසීකඩ කැඩිලා ගිහිං මහින්දගෙ පක්සෙ ආසන 25යි නිදහස් පක්සෙ ආසන 15යි ගත්තනං රටම දිනුම් :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට ශ්‍රි.නි.ල.පේ. නම් ඊලගට චන්දෙට සැට් වෙන්නේ ප්‍රදාන අබියොගය රනිල්වත්, සිරිසේනවත් නෙමෙයි බන්. ප්‍රදාන ගේම් කාරයා වෙන්නේ නිමල් සිරිපාල ද සිල්වා.. ඉස්සර උබලා වගේම ලෙව්වට මහින්දට. දැන් මහින්ද කියන්නේ නිකන් මන්ත්‍රී කෙනෙක් ගානයි චන්දේ ආයේම ඉල්ලුවොත්.. නිමලා කීයවවත් ආයේ මහින්දට එන්න තියන්නේ නැ..

    නිමල් ලා මොන කබ්බොද බන්? උට අඩුගානෙ බදුල්ලෙන් වත් චන්ද තියෙනවද හරියට? උන් ජාතික දේශපාලකයොද?

    මන් නන් හිතන් නැහැ මහින්දට ශ්‍රි.නි.ල.පේ. ඊලග පාර අවස්තාවක‍් දෙයි කියල. දුන්නත් ඉතින් අර චන්ද්රිකා කිව්ව වගේ ඔලුව නවන් තමයි ඉන්න වෙන්නෙ. මහින්දයත් පක්සෙ දාලා යයි කියල හිතන්න බැහැ හැබැයි...

    ඒත් ඉතින් මහින්ද නැත්තන් ගෝටාව හරි ගේනවා.... රට ඉල්ලන්නෙ කොන්ද කෙලින් තියෙන නායකයෙක්ව.