ජනතා විමුක්ති පෙරමුණ රැකගමු....!
දෙවියන් වහන්සේ ගැන කියන වාරයක් පාසා යක්ෂයා මතක් කරන්නා සේ විප්ලවය පසුපස පාවාදීම පන්න පන්නා එන බව වාමාංශික සාහිත්‍යයෙන්ම පෙනේ.
විප්ලවය ගැන කතා කරමින් සිටින වාමාංශිකයාගේ මනසට, කතාවේ ඊළඟ වචන සඳහා මොළයේ පෙළ ගැසෙන අනිවාර්ය වචනය වන්නේ පාවාදීමය.
මේ කියනු ලබන කතාව එවැන්නකි.
මෙය පාවාදීමක් ද අතපසුවීමක් ද යන ප්රශ්නය තවම විසඳී නැත.
නමුත් මෙතෙක් ලංකාවේ බිහිවුණු අතිශය විනයවත් දේශපාලන ව්‍යාපාරයේ සන්ධිස්ථානගත ගැටලු බවට මෙය පත්වී තිබේ.
අපේ කතානායක, වාමාංශික නායකයා පසුගිය කාලය පුරාම තම ව්‍යාපාරයේ බරට වඩා වැඩි බරකින් රටේ දේශපාලන තීන්දු තීරණ සදහා මැදිහත් වූවෙකි. ඔහුගේ නම සමග ඇදුනු ගනුදෙනු කතා පසුගිය කාලයේ රටේ ප්‍රචලිත විය. ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධ කතාබහක් දුර දිග යැමේ ප්‍රතිපලයක් ලෙස ඇමැති විඡේදාස රාජපක්ෂ විසින් මේ ව්‍යාපාරයේ මුල් තැනේ සිටින දෙදෙනකුට තමන් රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ලබා දුන්නා යෑයි චෝදනා කළේ ප්රසිද්ධියේය. ඒ පිළිබඳ විවාදයකට එන්නැයි ඇමැතිවරයා අභියෝග කරද්දී මේ වාමාංශික නායකයා හෝ මුදල ලබා ගත් අනිත් සගයා ඒ තැනට ගොස් ඇමැතිවරයාට මුහුණ දෙනවා වෙනුවට සුපුරුදු පරිදි ‘තනි ටෝකෙන්’ ඉවත් විය.
මේ නායකයා පසුගිය අප්‍රේල් මාසයේ හදිස්සියේම විදේශගත විය. සාමාන්‍යයෙන් මෙවැනි වාමාංශික නායකයෝ ‘ආතල් එකට’ රට යන පුද්ගලයෝ නොවෙති. එය, එවැනි ව්‍යාපාර හි ගති ස්වභාවයට සහ චර්යාවට ඉඳුරාම පටහැනිය. මෙවැනි ‘ආතල්’ සාමාන්‍යයෙන් වාම ව්‍යාපාරයේ හඳුන්වන්නේ සුළු ධනේශ්වර මානසිකත්වය වැනි එම ව්‍යාපාරය තුළ කුණුහරුප බඳු වචන යොදමිනි.
ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ අප්‍රේල් දෙවැනිදා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මේ රතු නායකයා එතෙර බලා ගිය බවය. ඔහුගේ ගුවන් ගමන් පන්තිය වූයේ, සාමාන්‍ය මගින් ගමන් කරන ‘ඉකොනොමික් ක්ලාස් එකේ’ නොව ධනපතියන් ගමන් කරන බිස්නස් ක්ලාස්යේ බවද සදහන්ය.
අනුන්ගේ බැංකු ගිණුම්, හරි හම්බ කර ගත් ආකාරය ගැන උදේ හවා කතා කරන, ගෙදර තිබෙන ෆයිල් කවරයක් රැගෙන හෝ නිතරම අල්ලස් කොමිසමට යන රතු පිලේ මේ නායක සහෝදරයා බිස්නස් ක්ලාස් එකේ යැම සඳහා මුදල් සොයා ගත්තේ කොහොමද…?
ඔවුන්ම කියන පරිදි ඔවුන් තම මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරන්නේ පක්ෂයටය. හොඳ රැකියාවක් කරන ඉහළ වැටුපක් ලබන කෙනකුට පවා මේ ලෙස ව්‍යාපාරික පන්තියේ ගමන් බිමන් යැම අසීරු කටයුත්තකි. එසේ තිබියදී විප්ලවීය නායකයා සුපිරි පන්තියේ ගුවන් ගමන් යන්නේ කෙසේද යන ප්රශ්නය තිබේ. මේ සඳහා වියදම දැරුවේ පක්ෂයෙන්ද…?
පක්ෂයෙන් වියදම දැරුවා නම් එතැන තිබෙන ප්රශ්නය සඳහා එක් උදාහරණයක් මෙසේය. ගාල්ල ප්‍රදේශයේ විප්ලවීය පක්ෂයක කාර්යාලයේ අතිශය දරුණු විනය කතාබහකි. ඊට පෙරදා රාත්‍රියේ පක්ෂයේ පෝස්ටර් ඇලවීම සඳහා ගිය පක්ෂ කාඩර්වරුන් පක්ෂ අරමුදලෙන් රාත්‍රි ආහාරය සදහා කොත්තු ආහාරයට ගැනීම මේ විනය පරීක්ෂණය සදහා හේතුවය.
පක්ෂයේ වැඩක් සඳහා ගිය සහෝදරයන් පිරිසක්, පක්ෂ අරමුදලෙන් කොත්තු කෑම බරපතල විනය ප්‍රශ්නයක් නම්, නායකයා පක්ෂයේ අරමුදලින් සුපිරි පන්තියේ ගුවන් ගමන් යැම කොයිතරම් බරපතල ප්‍රශ්නයක්ද…?
රතු නායකයා මේ ගමන හදිස්සියේ යැම පක්ෂයේ කටයුත්තක් බව මෙතෙක් පෙනී ගොස් නැත. ඒ සඳහා මේ වන විට කතාවක් ගොතාගෙන තිබෙනවා විය හැකි වුවත්, එම විදේශ ගමනේදී පක්ෂයට හෝ වාමාංශික ව්‍යාපාරයට අදාළ කිසිදු කර්තව්‍යයක ඔහු නියෑළී නැත.
සාමාන්‍යයෙන් මෙම පක්ෂයේ නායකයකු එතෙර යන්නේ පක්ෂයේ වැඩකටය. එසේ යන විට ඔහු එහිදී, එතෙර සිටින ජවිපෙ සාමාජිකයන් ඇමතීම, එම රටේ තම මතවාදී වම්මුන් මුණ ගැසීම සිදු කරන අතර ඒ සදහා පක්ෂයෙන්, මාධ්‍ය ඔස්සේ සහ සිය වෙබ් අඩවි මාර්ගයෙන් ප්‍රසිද්ධිය ලබා දේ. එවැනි කිසිදු ප්‍රසිද්ධියක් රතු නායකයාගේ මේ ගමන වෙනුවෙන් පක්ෂයෙන් ලැබුණේ නැත.
මේ පිළිබඳව අප්‍රේල් 27 වෙනිදා රතු පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදීන් විසින් පක්ෂ ලේකම්ගෙන් ප්‍රශ්න කළේය.පක්ෂයට කට උත්තර නොමැති විය.
"එයා ගියේ අයර්ලන්තයටද...?.."
පක්ෂයේ ලොක්කෙකුම මාධ්‍යවේදීන්ගෙන් ඇසුවේ සභාවම සිනහ සයුරේ ගිල්ලමිනි....
එයයි ඔබලා දිනාගත් වෙනස..

බඩ වෙනුවෙන් රටක් විකුණපු පක්ෂයක් විදිහට ඔබවත් හදුන්වා දීමට වීම කනගාටුය....
පක්ෂයේ විප්ලවය ඔබ විසින් පාගා දාමා අැත.කොඩි විකුණමින් පක්ෂයට මුදල් එක් කල නුබලා අද කෝටිපතියන් ය.
රටේ ප්‍රධාන ප්‍රශ්න ගැන නැගුණු හඩ අලියා ඉදිරියේ හකුලා අැත ....
දැන් විප්ලවය අත හරින්න.....
ජනතාව තවත් රැවටිය යුතු නැත.....
අවසන් ඔබට පක්ෂයට එල්ලෙන්න ඉතුරුවුනේ මහින්දට හොරා කීම පමණයි ......
දැන් අපිට ඔබට හොරා කීමට හැකිය......
එයයි ඔබලා දිනාගත් වෙනස..
එයයි ඔබලා දිනාගත් වෙනස..