ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරතු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය ‘හැක් කිරීම’ සම්බන්ධයෙන් සැකපිට කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් සිසුවා පිළිබඳව තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබියදී වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා කඩුගන්නාව ප්‍රදේශයේ බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දහවල් රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කඩුගන්නාව ප්‍රදේශයට ගොස් සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඔහු කඩුගන්නාව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරන 17 හැවිරිදි සිසුවකු බව හඳුනා ගත්තා.
ඒ අනුව එම පාසල් සිසුවා සමඟ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කළ පරිගණක උපාංගද පොලිස් භාරයට ගත් බවයි පැවසෙන්නේ.
මීට ඉහතදීත් වෙබ් අඩවි ගණනාවක අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳව සැකකාර පාසල් ශිෂ්‍යයාට චෝදනා එල්ල වී තිබෙන බවත් වාර්තා වනවා.
අත්අඩංගුවට ගනු ලැබූ මේ ශිෂ්‍යයා ඊයේ (29)රාත්‍රී වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹට රැගෙන ඒමට නියමිතව තිබුණා.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය දින දෙකක් ඇතුළත දෙවතාවක් හැක් කිරීමේ අරමුණ කවරක්දැයි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
http://nethgossip.lk/articles/6516