ජනපතිට කුණුහරුපෙන් බැන්න අයට වෙන්න යන වැ&#3497

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ජනපතිට කුණුහරුපෙන් බැන්න අයට වෙන්න යන වැ&#3497

    රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර්ජාලය ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේනට අසැබි වචනයෙන් බැණ වැදුණු පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසනවා.

    අන්තර්ජාලය භාවිතා කොට ඉතා පහත ආකාරයෙන් නින්දා සහගත වචන භාවිතා කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අසැබි වචනයෙන් බැණ වැදෙමින් ජීවිත තර්ජන එල්ල කොට ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    ඉහත කී පැමිණිල්ලට අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

    "එම විමර්ශන වලින් අනතුරුව අදාළ තැනැත්තන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන සිදු කරමින් සිටිනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදුණු බව කියන පැමිණිල්ලකට අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

    (BBC ඇසුරිනි )
    - See more at: http://offair.nethfm.com/article/33083#sthash.P49bbunm.dpuf
     
    • Like
    Reactions: funmalaya

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර්ජාලය ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේනට අසැබි වචනයෙන් බැණ වැදුණු පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසනවා.
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදුණු බව කියන පැමිණිල්ලකට අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
    (BBC ඇසුරිනි )
    - See more at: http://offair.nethfm.com/article/33083#sthash.P49bbunm.dpuf

    sandya kiyanne kawda? hamudawa rasayanika awi pavichchi kala kiyapu balliyek vitharayi. polic allayi. allala karawayi owa kiyu unta. makabewilama yanna ona me wesa hathikarema.