ජනපතිවරණයට මම එනවා
චලිත කොඩිකාර
එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට ලබාදෙන්නේ නම් ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එය එජාපයට ජයග්‍රහණය කර දීමට තමන්ට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ පරාජයෙන් පසු පැවැති එජාපයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙය විය. මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපයට ඉදිරි ගමනක් නැති බවත් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නරේන්ද්‍ර සිං මෝඩිගේ නායකත්වය යටතේ ඉදිරියට පැමිණි ආකාරයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතාගේ නව නායකත්වය යටතේ සියයට තුන්සියයක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ආකාරයෙන් එජාපය ආදර්ශ ලබාගතයුතු බවත්ය.
මේ තත්ත්වය යටතේ නායකත්වයේ වෙනසක් සමඟ පක්ෂය වටා එකතු වීමට එජාප පාක්ෂිකයන් බලා සිටින බවද සඳහන් කර ඇති මන්ත්‍රිවරයා පක්ෂය පිළිබඳ කලකිරී සිටින සියලු බලවේග ඒකරාශීි කරගත හැක්කේ තමන්ට පමණක් බවද මේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර ඇත.
mawbima