ජනපති ජාතිය ඇමතීම

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඕකට කරන්න තියෙන්නේ තෙල් මිල වැඩිවුනාම පරිප්පු හොද්දක් උයලා වාහනේට ගහන්න.






    පරිප්පු ටැංකියට ගහල එන්ජින් එකට පොල්තෙල් දැම්මම සයිලන්සර් එකෙන් වඩේ එනව:)
     
    • Haha
    Reactions: Sen-lu

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.
    කියන්න දෙයක් තිබ්බ නම් හරියට මේක පැහැදිලි කරන්න තිබ්බා. මොනවගේ ක්‍රියාවලින්ද වෙන්නේ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පරිප්පු ටැංකියට ගහල එන්ජින් එකට පොල්තෙල් දැම්මම සයිලන්සර් එකෙන් වඩේ එනව:)
    :lol::lol::lol:
    පුටින් වගේ හිටියට මෙයා සූටින්ට වඩා ලාමකයි
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අපරාදෙ අද සැමන් හැදුවා. හෙටම හදන්න කියනවා දන්නවනම් 😂😂

    කවුද අයිසේ මේ කතාව ලියපු එකා. 😂😂 හිරිකිතයි.

    ඡන්ද රැස්වීමකට ගුවන් කාලය අවභාවිතා කලා වගේ ඒකනම්...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Mokakda futala ae jathiya amathima ? Ada ude idan Derana hype kare oya amathimata da?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    පරිප්පු ටැංකියට ගහල එන්ජින් එකට පොල්තෙල් දැම්මම සයිලන්සර් එකෙන් වඩේ එනව:)

    අයි සැමනුත් අඩුවුනේ...ඒ හොදිත් දාන්න පුලුහන්..තව මොනාහරි අඩුවුනොත් ඒවත් දාමු:sorry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    balagena kiyewwata kamak ne kiyamu eith ara katawa nam mara kethai hoda.. dakkama epa wenawa lajjai itng me wage rataka ipaduna kiyanath :dull:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මුලු කතාවෙන්ම සැමනුයි පරිප්පුයි විතරයි ඇහිලා තියෙන්නෙ ගොඩක් උන්ට :baffled:

    Aiyata Chande dila support karannath kiwwa..ekath mata ahuna. :yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුලු කතාවෙන්ම සැමනුයි පරිප්පුයි විතරයි ඇහිලා තියෙන්නෙ ගොඩක් උන්ට :baffled:
    නෑ දහයි බෑ දහයයි ඇහුනා:lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සිරිසේන #නන්දසේන නම් දෙක විතරයි වෙනස්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,907
    2
    54,587
    113
    කියන්න දෙයක් තිබ්බ නම් හරියට මේක පැහැදිලි කරන්න තිබ්බා. මොනවගේ ක්‍රියාවලින්ද වෙන්නේ.


    89933877_1546027755562534_5808893111211917312_o.jpg


    * * *

    අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

    සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.

    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් ජනපති ඉල්ලා සිටියි.

    කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

    * * *

    මහජන ගැවසීම අඩු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා සීමා කෙරේ.
    කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ.
    හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ.
    අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුකිරීමට නියමිත අධිකරණ කටයුතු පිළිබඳව චක්‍රලේඛයක් විනිසුරුවරුන් වෙත යොමු කර ඇත. වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොකෙරේ. එම නඩු කැඳවීම් අප්‍රේල් මස මුල් සතියේ දී අධිකරණ පරිශ්‍රයට පැමිණ දැන ගැනීමේ හැකියාව මහජනතාවට ඇත. අත්‍යාවශ්‍ය සහ හදිසි ප්‍රමුඛතාවයකින් ගත යුතු නඩු පමණක් ඒ ඒ විනිසුරුවරුන්ගේ අභිමතය පරිදි කැඳවන ලෙස චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් දී ඇත. මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ද මෙය ක්‍රියාත්මක බව අධිකරණ සේවා කොමිසන් සභාව දැනුම් දෙයි. බන්ධනාගාර ආශ්‍රිතව මහජන ගැවසීම් ද මේ යටතේ සීමා කෙරේ.
    බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සියලු පහසුකම් සපයා තිබේ.
    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ මෙහෙයුම් රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ, අංක 1090 දරණ ස්ථානයේ සිට සිදු කෙරේ.
    දෛනික ජන ජිවිතය අඩාල නොවන පරිදි සියලු කටයුතු පවත්වාගෙන යාමට රජය හැකි උපරිම උත්සාහයක නිරත වේ. උද්ගතව ඇති තත්ත්වය නිවැරදි ආකාරයෙන් තේරුම්ගෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ජනතා සහාය රජය අපේක්ෂා කරයි.

    * * *

    89489788_1544786489019994_7084127420323725312_o.jpg



    * * *

    89849194_1544782609020382_848062651467563008_o.jpg


    * * *

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාක්) රාජ්‍ය නායකයන්ට යෝජනා කරයි.
    උද්ගතව ඇති තත්ත්වය ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට සාක් අමාත්‍ය මට්ටමේ හමුවක් සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා කලාපීය නායකයන්ට පෙන්වා දෙයි.
    අද (15) පස්වරුවේ දකුණු ආසියානු කලාපීය රාජ්‍ය නායකයන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ යෝජනා ඉදිරිපත් කළේය.


    * * *


    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට අවැසි කඩිනම් තීරණ රැසක්.
    1. යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතී
    2. යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14 ක නිරෝධායනයක්
    3. මහජන ප්‍රවාහන සේවා වීෂබීජ හරණයට පියවර
    4. වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක්
    5. කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක්
    6. මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස්
    7. සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය

    රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමට අද කොරෝනා කාර්ය සාධක බළකාය සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කෙරිණි. කාර්ය සාධක බලකාය ස්ථිර කාර්යාලයක ස්ථාපනය කොට තොරතුරු රැස් කරමින් තීරණ ගන්නටද නියම විය. රෝග නිර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව පර්යේෂණ උපකරණ සපයා ගැනීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව රෝගය පැතිරයාම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත.
    මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරීම විධිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. පාලන මිලක් යටතේ ඕනෑම අයෙකුට මුඛ ආවරණ මිලදී ගැනීමට පහසුකම් සලසන ලෙස ද මම මෙහිදී උපදෙස් දුනිමි. දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇති බව සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.
    හෙට (14) සිට පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ සහ දුම්රිය විෂ බීජ හරණය කිරීමට ද තීරණය කෙරිණ. ඒ සඳහා ආරක්ෂක අංශ සහාය කර ගැනේ.
    චීනය මේ වන විට ඉතා සාර්ථකව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කර තිබේ. සමාජ චර්යාවන් සහ ක්‍රියාකාරකම් රෝග මර්දනයට ඉවහල් වන අයුරින් හැසිරවීමට චීනය ප්‍රමුඛත්වය දුන්නේය. එරට අනුගමනය කළ ක්‍රියාමාර්ග පුළුල්ව අධ්‍යයනය කරන ලෙස මෙහිදී උපදෙස් දෙනු ලැබීය.
    රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වාගැනීම හා පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට සිදු කිරීම අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කරගත යුතුව ඇත.
    විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය රෝගය ගැන ජනතාව දැනුවත් කරනු මිස සමාජ ව්‍යාකූලත්වයක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ.

    * * *

    කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට රජය තීරණ රැසක් ගෙන තිබේ. ජනවාරියේ සිට අප අනුගමනය කළ ක්‍රියාමාර්ග, රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් විය. වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ ප්‍රථම රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි අද කොරෝනා කාර්ය සාධන බලකාය සමග අග්‍රාමාත්‍ය තුමාගේද සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නෙමු.
    වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය අනුව යුරෝපා රටවල් රැසක වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතින අතර ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බෙහෙවින් බරපතල තත්ත්වයක් පවතී. ඒ අනුව යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවීමටත්, යුරෝපා රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටත් තීරණය කෙරිණ.
    අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනා ඇසුරු කළ පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ඔවුන් ආ ගිය තැන් හා ඇසුරු කළ අය ගැන ද අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙසද උපදෙස් දුනිමි.




    තව තියෙනවා මෙතන:

    https://www.facebook.com/gotabayar/
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කෝ බන් ජාතිය අමතන කොටනේ පැහැදිලි කරන්න ඕනේ මේවා. කතාවේ සමරි එක ගනින්. අතිත තෝම්බුවයි.
    සැමන් දෙනවා
    පරිප්පු දෙනවා අයියට චන්දේ දෙන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Aiyata Chande dila support karannath kiwwa..ekath mata ahuna. :yes::yes:
    ඒක ටිකක් අවුල් තමා ඒවට බැනපල්ලකෝ ටිකක් සාධාරනයි :yes: මිනිස්සුන්ට කන්න දෙන ජාතියක් අඩුවට දෙනවා කිව්වම ඒකට අනං මනං කියන්නෙ මුන් ඒවා කන්නේ නෑ වාගේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,907
    2
    54,587
    113
    කෝ බන් ජාතිය අමතන කොටනේ පැහැදිලි කරන්න ඕනේ මේවා.

    ජනවාරි ඉඳන් රජය කරපු හැම එකම තියෙනව එතන (https://www.facebook.com/gotabayar/)

    උඹට ඇත්තටම දැනගන්න උවමනාවක් නම් තියෙන්නෙ ගිහිං බලපං සැමන් පරිප්පු සැමන් පරිප්පු ගගා ඉන්නේ නැතුව :rofl:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    වැරදීමක්වත්ද බන්:shocked:

    ඒ මේවගේ වෙලාවක කරන කතාවක් නෙවේ. චන්ද ඉල්ලන අපේක්ශකයෙක් කරන කතාවක් නෙ.

    පෝර දෙන්නම් පරිප්පු දෙන්නම් අයියා හොදයි එයාට චන්දෙ දෙන්නලු?:lol:

    කොරෝනා බිය හා ඒකට ගන්න උපයාවල් කෝ

    සිරිසේන හොදයි යකෝ මීට වැඩිය:lol: