ජනපති නියෝගයෙන් FB තහනම වහාම ඉවතට

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ජනපති නියෝගයෙන් FB තහනම වහාම ඉවතට

    දැනට අවහිරකර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

    ජනාධීපතිවරයාගේ ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි.

    එම සාකච්ඡාවේදී ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම අවහිරතාව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව සඳහන්.


    source : http://www.hirunews.lk/sinhala/185979/ෆේස්බුක්-සමාජ-ජාල-තහනම-ඉවත්කරන-ලෙස-ජනපතිගෙන්-උපදෙස්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඊයේ තහනම් කරපු එකෙන් වාසියි කියපු එකා නේද මේ..මූ නම් මහ පිස්සෙක්.:lol:


    අපමණ අගයක් රටට දෙන්න ආපු අපේ සිරිසේන උන්නැහේ ඊයේ කියනවා ශෝෂල් මීඩියා තහනම් කරපු එකෙන් දවසට මිළියන 200 ලාබයක් ලැබුවලු ටෙලිකොම් එකයි - TRC එකයි !

    ඒ ඩුබයි වට්ටක්කෙට නොතේරෙන තැන් ටිකක් ආර්ථික විද්‍යාව නොදන්න මම පැහැදිලි කරලා දෙන්නම්

    දවසේ මිලියන 200 ඒ කියන්නේ කෝටි 20 කැපුනේ අසරණ මිනිසුන්ගෙන්

    අලගෙඩියට පොල් ගෙඩියට නෙවෙයි සංනිවේදනයට පවුලේ එකෙකුට කතා කරන්න ලාබ ඩේටා කෝල් නොතිබුන නිසා ගිණි ගනන් නෙට්වර්ක් වලට නෝමල් කොල් වලට කැපුන සල්ලි ඒ..

    චැට් එකකින් ලාබෙට ශත ගානෙන් කියාගන්න තිබුන පණිවිඩේ sms එකකින් රුපියල් 3 විතර ගෙවලා කියන්න ගිහින් කැපුණ මුදල්..

    උඹලා කෝටි 20 හොයනකොට ඒ මුදල වැය උනේ එකම දේ කරන්න එදාට වඩා වැඩියෙන් ගෙවන්න උන නිසා චුට්ටක් ඔය අලේට තේරෙනවා නම් හිතයි..

    උඹලා කෝටි 20 හොයනකොට අදාල නෙට්වර්ක් සමාගම කියක් හොයාගන්න ඇත්ද?..

    වෙන එකක් තියා ටෙලිකොම් කොටස් 50% ආසන්න ගානන් බහුජාතික බුවල්ලන්ට හිමිකාරිත්වය තියෙනකොට ( http://www.slt.lk/si/about-us ) මේ රටේ අසරණ අපේ සල්ලි කෝටී කීයක් රටෙන් පිටට මේ ටිකට යන්න ඇත්ද කියලා..?

    ආර්ථික ඝාතන වලට සුදු ඇදුම් අන්දලා ලස්සන කරන්න එපා ඒක ජාතික අපරාධයක් !



     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Anura.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ෆේස් බුක් තහනමෙන් දවසකට මිලියන දෙසීයක අමතර ලාබයක් ලැබෙනවා~ ජනාධිපති සිරිසේන ජපානයේදී.
    මාසෙකට 200 x 30 = මිලියන 6000
    අවුරුද්දට මිලියන 72000
    බිලියන 72
    ෆේස් බුක් තහනම් කරමින් කාටවත් ණය නොවී රට හදන හැටි ලෝකෙටම ආදර්ශයක්


    FB
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උන් කියනවා තහනම නැතිකරනකම් මේ පිලිබදව බලන්නේ නැ කියලා
    එකයි ඔය තහනම ඉවත් කරන්නේ මං හිතන්නේ :yes: