ජනපති-වියදමේ-ඇත්ත-නැත්ත

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    ජනපති-වියදමේ-ඇත්ත-නැත්ත

    දැනගන්න අහන්නේ
    MR වාර්ෂික වියදම කොටි 9000 ක් කියන්නේ ඇත්තද.. මොකෝ ඊයේ හිරි එකේ අයවැයෙන් පස්සේ එලියට UNP ඇමති කෙනෙක් කිව්වේ ...ජනපතිගේ වැය ශීර්ෂයෙන් කපලා ජනතාවට සහන දුන්නා කියලා..ඇමති කියනව ජනපතිගේ දෛනික වියදම කොටි දෙකහමාර වැඩි කියලා (මාසෙකට කොටි 75 අවුරුදකට කොටි 850+)සහ අනෙකුත් වැය ශිර්ෂ කපුවලු මොනවද ඒ අනෙක් වැය හිර්ෂ කියන්නේ දැන් මොකක්ද හරි...

    හිරු news ලින්ක් එක http://www.rupapettiya.info/videos/h...-01-2015/6381/

    විනාඩි 20 තප්පර 3 ඉදන් බලන්න ...
    බලල ඉවරවෙලා කොම්මෙන්ට් දැම්මොත් හොදයි...


    තව දෙයක් ඔය කොටි 9000 ඇත්ත කියමුකෝ ..මාසෙකට කොටි 800+ වගේ තව මස 6 කින් රජයේ පඩි වැඩිවීම නිසා ආණ්ඩුවට අමතර කොටි 13000 ක් හොයන්න ඕනේ තව මිට අමතර විශ්‍රාම වැටුප් සමුර්දිය(ලියන්නේ ඔහොම නෙවේ එත් ඕන විදිහට type වෙනේ නේ) මහපොළ ...ඔය ඒවාට සල්ලි කොහෙන්ද එන්නේ ....
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජනපතිට වෙන්කළ මුදල වර්ෂයට කෝටි 600+
    ගිය අව්රුද්දෙ රාජපකසට වියදම් කල මුදල කෝටි 9000+
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පසුගිය රජය සමයේ සිදුව ඇති දූෂණය හා නාස්තිය පිළිබඳ උදාහරණ කිහිපයක් අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ හෙළි කළේය.



    • ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් දේශපාලන අරමුණු සඳහා යොදවා ගැනීම

    දළ වශයෙන් රු. මිලියන 270 ක් පමණ ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් දේශපාලන අරමුණු සඳහා යොදවාගෙන ඇත.



    • ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස් ගනුදෙනු

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ අවධානයෙන් සිටින නිලධාරීන් නිසා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෙන්නට ගිය මහා පරිමාණ කොටස් ගනුදෙනුවක් වැළකී ගොස් ඇත.



    • උතුරු අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තුගත පිරිවැය ඉක්මවා යෑම

    උතුරු අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තුව නැවත ඇගයීමට ලක් කළ විට රු.බිලියන 50ක පමණ ඇස්තමේන්තුගත පිරිවැය ඉක්ම යාමක් වාර්තා වේ.



    • M17 හෙලිකොප්ටර් මිලදී ගැනීම

    වියදම් කළ ඇ.ඩොලර් මිලියන 450ක මුදල් ඇ.ඩො.මිලයන 200ක් විය හැකි වන පරිදි සාකච්ඡා සම්මුති මගින් එකඟතාවයකට පත්විය හැකිව තිබුණි. ඇ.ඩොලර් මිලයන 250ක් (රු.බිලියන 33ක්) මෙමගින් අහිමි වී ඇත.



    • සීෂෙල්ස් - බදු කෙම්බිම

    සීෂෙල්ස් රට තුළ ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති උපායශීලී නොවන ආයෝජන පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා නිල විගණනයක් සහ පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කෙරෙයි.



    • පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සඳහා ලංසු ඉදිරිපත් කිරීම

    රජය විසින් මහජනතාවගේ මුදල් රු.මිලියන 760 කට වැඩි ප්‍රමාණයක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලංසු ඉදිරිපත් කිරීම සඳහා වියදම් කොර ඇත.



    • ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ප්‍රභූ පැකේජ

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මෑතකදී සිදු කරන ලද ගුවන් යානා මිල දී ගැනීම් තවත් අනවශ්‍ය නාස්තිකාරී වියදමකි. මෙම ගුවන් යානා සඳහා ඇ. ඩොලර් මිලියන 15 ක් (රුපියල් බිලියන 1.95) වටිනා ප්‍රභූ පැකේජයක් අඩංගු කර ඇති අතර, එය නොමිලයේ පිරිනමා ඇත -
    See more at: http://www.infosrilankanews.com/2015/01/mr_30.html#sthash.3B2eqO9q.dpuf
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ජනපතිට වෙන්කළ මුදල වර්ෂයට කෝටි 600+
    ගිය අව්රුද්දෙ රාජපකසට වියදම් කල මුදල කෝටි 9000+


    machan othana 9000+ mahindata vitharakma newei.. aka ayawaya karana welawe kiwwa. oka janadipati karyalata karapu wiyadama kiyala:).( aunata ithin api danne nane neda aththatama kata wiyadam karada kiyala):lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මහින්දයා ඒ තරම් වටිනවද බන්..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    රජයේ ආදායම් මාර්ග,
    ජාතික ලොතරැයි මණ්ඩලය
    රාජ්‍ය බැංකු
    ආදායම් බදු
    භාණ්ඩ හා සේවා බදු
    රාජ්‍ය දේපළ බදු දීමෙන්
    විවිධ බලපත්‍ර ගාස්තු
    විදේශයන්ගෙන් ලැබෙන පරිත්‍යාග
    රාජ්‍ය ආයෝජන මත ලාභ
    දේශීය සහ විදේශීය ණය
    ...............
    (තව ඇත-මතක නැත)

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    owa un hoyayi ban..kalin godk nasti kara wiyadam tibba.
    dayata kirula. ..oka kochra salli kawada
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අයවැය වියදම් ගැන උබ ඔච්චර උඩ පනින්න ඕන නෑ. උබල අපිට වඩා ඒ ගැන සියදහස් ගුණයක් දන්න ආර්ථික විශේෂඥ්‍යයෝ ආර්ථිකේ ගැන බලාගනියි. අපි ඕවට කලබල වෙන්න ඕන නැහැ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ජනාධිපති වැය ශීර්ෂයේ අඩංගු වන්නේ මොනවාද ?

    අය වැය ලේඛනය හෝ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන අවස්ථාවක "ජනාධිපති වැය ශීර්ෂය" කියලා වෙනම මුදල් ප්‍රතිපාදනයක් අනුමත කරගන්නවා. මේක ජනාධිපති වරයාගේ පුද්ගලික පාවිචියට වෙන් කරන මුදල කියලයි සමහරක් පවසන්නෙ. ඒත් කිසිදු අමාත්‍යාංශ විෂය පථයකට නොගැනෙන, එහෙත් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන 21 ක් සඳහා වූ වියදම් තමයි මූලික වශයෙන් ඇතුළත් වෙන්නේ.

    1. ජනාධිපතිතුමාගේ කාර්යාලය සඳහා වියදම් - කොළඹ, මහනුවර නුවරඑළිය , අනුරාධපුර ජනාධිපති නිල නිවාස හා අරලිය ගහ මන්දිරයේ නඩත්තුව සේවක වැටුප්, පෞරාණික බව රැක ගනිමින් ඒවා නඩත්තුවට වියදම්
    2. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වියදම්
    3. හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපතිවරුන්ගේ කලත්‍රයන් සඳහා වියදම්
    4. කොමිෂන් සභා සඳහා වියදම් (සේවක කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව,)
    5. ජනාධිපති විමර්ශන ඒකකය සඳහා වියදම්
    6. උපාය මාර්ගික ව්‍යාපාරය කළමනාකරණ එජන්සිය (SEMA) සඳහා වියදම්
    7. නිසි බලධරයාගේ කාර්යාලය සඳහා වියදම්
    8. අත්‍යාවශ්‍යසේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහා වියදම්
    9. නැවත පදිංචි කිරීම් සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහා වියදම්
    10. ජාතික පර්යේෂණ සභාව සඳහා වියදම් - රටේ අනාගත බලාපොරොත්තුවක් වූ ඛනිජ තෙල් සොයා ගැනීමේ කාර්යභාර ව්‍යාපෘතිය
    11. ආහාර මිලදී ගැනීමේ හා අවේක්ෂණ ඒකකය සඳහා වියදම්
    12. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව සඳහා වියදම්
    13. ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව සඳහා වියදම්
    14. ඉංග්‍රීසි හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය සඳහා වියදම් - ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන”E - ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය
    15. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සඳහා වියදම්
    16. ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය උපකමිටුව සඳහා වියදම්
    17. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා වියදම්
    18. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වියදම්
    19. මූලික අධ්‍යන ආයතන සඳහා වියදම්
    20. ශ්‍රී ලංකා පදනම සඳහා වියදම්
    21. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සඳහා වියදම්
    ඉහත ආයතන 21 නඩත්තු කිරීමට අදාළ වූ, ප්‍රජා සංවර්ධන වියදම්ද, ප්‍රාග්ධන වියදම් ද, ජනාධිපති වැය ශීර්ෂ යටතට ඇතුළත් වෙනවා.
    හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් හේමා ප්‍රේමදාස මැතිනියට ලැබෙන පහසුකම් ද, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ලැබෙන පහසුකම් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත්. (අංක 3 බලන්න). මහින්දගේ වියදම අච්චරක් වුණා කියල කෑ ගහන චන්ද්‍රිකා යැපෙන්නේත් ඒ කියන මහින්දගේම වියදමෙන්.
    මීට අමතරව ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා බැවින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද මුදල ද මහින්ද ජනාධිපතිවරයාගේ වියදම ලෙසයි ඔවුන් පෙන්වන්නේ.
    ජනාධිපති අරමුදල කියල වෙනම එකක් තියෙනවා. ඔය මඩ ගහන උන්ට බොරු කියල බොරු කියල ඒ පවටම අන්තිම කාලේ පිළිකාවක් හැදුනාම ඒ පිළිකාව වෙනුවෙන් යන වියදම් වලින් 50% ක් ලැබෙන්නේත් ජනාධිපති අරමුදලෙන්. පහුගිය කාලේ ඒකත් ජනාධිපති මහින්දගේ වියදම් වලට එකතු කරලයි පෙන්නුවේ.
    ඔය දේවල් බලද්දී මහින්දගේ දිනක වියදම කෝටි 2 ක් කියලා යූඇන්පී පච බලකාය කෑ ගහන්නේ ඉහත වියදම් වර්ග 21 සහ රටේ රාජ්‍ය ආරක්ෂක වියදමත් , ජනාධිපති අරමුදලත් එකතු කරලයි.
    ලෝක ඉතිහාසයේ වැඩිම බොරු තොගයක් කියා ජනාධිපති වූ සහ ජනාධිපති වැය ශීර්ෂය දිනකට කෝටි 2 සිට , දිනකට රු.2850 කට බැස්සුවා කියල.
    චන්ද්‍රිකාගේ දිනක වියදමට එහෙනම් රු 50 ක් විතර දෙනවා ඇති. හේමා මැතිණිට රු 30 ක් විතර ?
    :baffled::baffled::baffled: