ජනපති සොයුරා රක්ෂිත බන්ධනාගාරයට
ජනපති සොයුරා රක්ෂිත බන්ධනාගාරයට
September 9, 2017
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගම්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අද (09) පොලොන්නරුව පොලීසියට බාරවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන මහතා පොලොන්නරුව මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා (11) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පති විය.
බුද්ධදාස මහතා වකුගඩු රෝගියෙකු වන අතර ඔහුගේ ප්‍රතිකාර කටයුත්තක් සඳහා ගොස් නැවත හිඟුරක්ගොඩ ප්‍රදේශය දක්වා යතුරු පැදියෙන් එමින් සිටියදී අද අළුයම 1.30ට පමණ මෙම අනතුරට මුහුණදී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන මහතා විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබිණි. ඉන් පසු අද පස්වරුවේ අදාළ රථය සමග ලාල් සිරිසේන මහතා පොලීසියට බාර වී ඇත. පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව ලාල් සිරිසේන මහතාද ඉන් මගහැරයාමට ඉඩ ලැබී නැත.
ඊට අදාළ නඩුව යළි ලබන 11වනදා කැඳවීමට නියමිත ය.
මාරාන්තික රිය අනතුරක් කර පලා ගිය ජනාධිපති සොයුරු රිමාන්ඩ්..! තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිගෙන් නියෝග
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන නැණසිරි ප්රඥාරත්න සිරිසේන හෙවත් ලාල් සිරිසේන මාරාන්තික රිය අනතුරක් සිදුකර පලා යෑමෙන් පසු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී ලාල් සිරිසේන පැදවූ ජීප් රියට අද (09) පාන්දර යට වී යතුරු පැදි කරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබිණ. මිය ගොස් ඇත්තේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස (58) යන එකම පවුලේ සොයුරන් දෙදෙනෙකි. බුද්ධදාස නමැත්තාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට රැගෙන ගොස් එන අතර තුරදී මෙම අනතුර සිදුව තිබිණ. ජයරත්න නමැති අය එම ප්‍රදේශයේ ජවිපෙ ක්රියාකාරිකයෙකි. එක් අයෙකු එතැනම මිය ගොස් සිටි අතර අනෙක් අය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
අනතුරින් පසුව ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රිය පැදවූ ලාල් සිරිසේන පලා ගොස් තිබූ අතර අද සවස පොලිසියට බාර වී තිබේ. ඉන්පසුව පොලිසියේ ඉහල නිලධාරියෙකු ජනාධිපතිවරයා අමතා සිද්ධිය ගැන සැල කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
අත් අඩංගුවට ලාල් සිරිසේන අද සවස පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජනපති සොයුරා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.
පොළොන්නරුවේ රිමාන්ඩ් බන්ධනාගාරයක් නොමැති අතර ඔහුව අනුරාධපුර බන්ධනාගාරය කරා ගෙන ගොස් තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලක් නොමැත.
- http://www.lankaenews.com/news/6321/si

දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනව
තමන් කැමති කෙනා ඡන්දෙ දින්නෙ නැති වුනාම වේදනයි තමා ඒත් අඩුම ගානෙ පුලුවන්නම් රට ඉස්සරහට ගිහිං තියෙන එක ගැනවත් අවංකව සතුටු වෙන්න උත්සාහ කරන්න 