පහ වසර ශිෂ්‍යත්වේ මූලික අරමුණ ළමයෙක් ට ජනප්‍රිය පාසලකට ඇතුළු වීමට අවස්ථාව ලබා දීමයි. මාස් පතා ශිෂ්‍යත්වයක් විදියට අධ්‍යාපන කටයුතු වලට මුදලක් ලබා දීමයි.
ඉතින් ජනප්‍රිය පාසල් වල ඉන්න ළමයින් ට පලවෙනි කාරණය කොහොමවත් අදාළ නෑ.
දෙවෙනි කාරණයත් ඒ තරම්ම අදාළ නෑ. මොකද ජනප්‍රිය පාසල් වලට 1 වසරේදීම ළමයෙක් ව ඇතුළු කරන්නේ බොහෝදුරට යමක් කමක් තියෙන කරන්න පුළුවන් පවුල් වල අයනේ.
ඒ නිසා මම හිතන විදියට එයාල 5වසර ශිෂ්‍යත්වය එච්චරම තකන්නේ නෑ.
ප. ලි.
ඒ උනත් ශිෂ්‍යත්වය නිසා ගමේ ඉස්කෝල වල ඉදලා ජනප්‍රිය පාසල්වලට බුද්ධි ගලනයක් නම් වෙනවා. ඒ නිසා සාපේක්ෂව සා පෙළ, උ පෙළ වලදී ජනප්‍රිය පාසල් වල ප්‍රතිපල ඉහල යන්න පුළුවන්.