ජනමාධ්‍යවල සමාජ වගකීමේ තරම ........

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ජනමාධ්‍යවල සමාජ වගකීමේ තරම ........

    (2011 පෙබරවාරි 19, W3Lanka) පානය කිරීමෙන් පසු 11හැවිරිදි ගැහැනු ළමයකු මිය යාම හා ඇගේ මව බරපතල ලෙස රෝගාතුර වීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහනම් කරන ලද පැණී බීම වර්ගය මේ රටේ ප්‍රධාන ජනමාධ්‍යවලට ඇනොනිමස් හෙවත් නිර්නාමික ය.


    එයින් මේ ජනමාධ්‍යවල සමාජ වගකීමේ තරම පෙනේ. දුප්පත් මිනිහෙකු කරන වරදකදී කිසිදු ආචාර ධර්මයකින් තොරව කටයුතු කරන ජනමාධ්‍ය මේ පැණි බීම වර්ගයේ නම පවා සඳහන් නො කිරීමට පරිස්සම් වන්නේ ඇයි?


    මරණයට හේතුව එම පැණි බීම වර්ගයමදැයි තවමත් නීත්‍යානුකූලව ඔප්පු වී නැති නිසා එසේ කරන බවට තර්ක කළ හැකි ය. මේ පරිස්සම දුප්පතුන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි? නීතියෙන් වරදකරුවන් වන්නට පෙර ජනමාධ්‍ය විසින් කීදෙනෙකු වරදකරුවන් ලෙස හංවඩු ගසා තිබේ ද?


    මෙතැන ඇත්තේ පැණිබීම සමාගම්වලින් ලැබෙන දැන්වීම් ආදායම බිඳ වැටීම පිළිබඳ බියක් හෝ එසේ නොමැති නම්, අදාළ බීම වර්ගයේ නම සඳහන් නො කර සිටි විට සෙසු බීම වර්ග නිපදවන සමාගම් ඒ තමන් නො වන බව කීම සඳහා වැඩිපුර දැන්වීම් පළ කරනු ඇතැයි බලාපොරොත්තුවක් හෝ විය හැකි ය.


    ළමයකුගේ මරණයට හේතු වූ විෂක් අඩංගු යයි සැක කරන බීම වර්ගය 'රි‍ෆ්‍රෙෂ් ඔරේන්ජ්' නම් වේ. එය නිපදවන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ බියගම බව කියනු ලැබේ. කොකා කෝලා සමාගමේ බෝතල් කරන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ ද බියගමයි.




    පැණි බීම කොහොමත් සෞඛ්‍යයට අහිතකර ය. ඒවායේ අඩංගු වන්නේ ජලය, සීනි, සිට්‍රික් අම්ලය, කැෆේන්, කැරමල්, තෙල් වර්ග, රසකාරක, වර්ණක, කල් තබා ගැනීමේ රසායනික හා කාබන්ඩයොක්සයිඩ් ආදියයි. ඒවායේ නම් හා සම්බන්ධ දොඩම් වැනි පළතුරු අංශු මාත්‍රයක්වත් මෙම බීම වර්ගවල නැත.


    සාමාන්‍යයෙන් මෙම බීම බෝතලය තුළ ඇති පානයෙහි වටිනාකම ඉතා අඩු ය. වැඩි වියදමක් යන්නේ බෝතලය, ලේබලය හා ප්‍රචාරණයටයි. ලාභයෙන් වැඩි ප්‍රමාණයක් මාධ්‍ය ආයතනවලට දැන්වීම් පළ කිරීමෙන් ලැබේ. ආණ්ඩුව ද බදු ලෙස සැලකිය යුතු ආදායමක් ලබා ගනියි.


    මෙම බීම වර්ග පානය කිරීමට පුරුදු වීමෙන් අධික ලෙස සීනි ශරීරගත වී පෝෂණ හා සෞඛ්‍ය ගැටලු ඇති වේ. දියවැඩියාව වැනි රෝග තත්වයන් ව්‍යාප්ත වීමට පැණි බීම වර්ග සෑහෙන්න දායක වී තිබේ. ළමයින් මෙම පාන වර්ගවලට පුරුදු වීම බරපතල ප්‍රශ්නයකි.
    ගොසිප් ලංකා
    වෙබ් අඩවියේ පළ වූ
    බෝතලයේ ඡායාරූපය
    refresh_orange.jpg

    මෙම බීම වර්ග සඳහා කරන ප්‍රචාරණයන් හරහා සංස්කෘතික ආක්‍රමණයක් ද සිදු වේ.


    කොකා කෝලා නම් බහු ජාතික සමාගමට ඇති විරෝධය තරගකාරී සමාගම්වලට වාසිදායක ය. එහෙයින් විරෝධය කොකා කෝලාවලට සීමා නො කර සමස්ත පැණි බීම කර්මාන්තයට ම එල්ල විය යුතු ය.
    Orange_Drinks.jpg



    ලංකාවේ ජනයා 2009 වසරේදී පැණි බීම වර්ග ලීටර් මිලියන 62ක් පානය කළ බව කර්මාන්ත දන්ත අනුව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවිය පවසයි. එයින් වැඩි වෙළඳ පංගුවක් අත් පත් කර ගැනීමට කොකා කෝලා සමාගම සමත් වී ඇත. ජෝන් කීල්ස් සමාගමට අයත් එලිෆන්ට් හවුස් ද විශාල වෙළඳපොළක හිමිකරුවෙකි.
     
    • Like
    Reactions: skybirb