ජනරාල්ගේ ඉල්ලා අස්වීම සහ කොටි ජාත්‍යන්ත
ජනරාල්ගේ ඉල්ලා අස්වීම සහ කොටි ජාත්‍යන්තර ජාලයේ සතුට
"මේ සතියේ ආරක්ෂක කරළිය දෙස විමර්ශනය කරද්දී මාණ්ඩලික ප්‍රධානි සරත් ෆොන්සේකාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් අතර දැඩි කුතුහලයට තුඩු දුන් සිද්ධියක් විය. මෙයට හේතු වූයේ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයන් හා ස්විස් යුරෝපා කොටි වෙබ් අඩවි විසින් ජනාධිපති හා ජනරාල් අතර ගැටුමක් ඇතිවී තිබෙන බවට පෙන්නුම් කිරීමය.
ජනරාල්වරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යෑවීමට පැය 24 කට පෙර ඉන්දීය හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පුවතක් පළ කරමින් මේ මස අවසානය වන විට ජනරාල් ඉල්ලා අස්වන බව සඳහන් කිරීමය.
මෙහිදී තවත් පුදුමාකාර සිද්ධියක් වාර්තා විය. එA ඕනෑම කෙනකුට යුද්ධ කරන්න පුළුවන් යෑයි පැවසූ විපක්ෂයේ දේශපාලනඥයකු ජනරාල්වරයාට උපදෙස් දෙමින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු ඉල්ලා අස්නොවන ලෙස කියා සිටීමයි.
එA අතර මැයි 22 දා සිට ජනරාල්වරයාව යුද අපරාධකරුවකු කිරීම දැඩි උත්සාහයක් ගත් ජර්මනියේ ඡේ.ඩී.එස්. කණ්ඩායම හා ඔවුන්ට සම්බන්ධ මඩ වෙබ් අඩවිය එකවරම ජනරාල් වෙනුවෙන් කිඹුල් කඳුළු සැලීමට ක්‍රියාකර ඇත.
මෙලෙස ජනරාල්වරයා ඉල්ලා අස්වීමට සම්බන්ධ පුවත යුරෝපා කොටි ජාලය වෙත පැතිර ගියේ විදුලි වේගයෙනි. ස්විස් හා යුරෝපා කොටි වෙබ් අඩවි තම සතුට දරාගත නොහැකිව තවදුරටත් ගිනි ඇවිලීමේ පුවත් විටින් විට විකාශනය කළහ.
කොටි සමූල ඝාතනය කිරීමට උරදුන් ජනරාල්වරයා තම ඉල්ලා අස්වීම ජනාධිපති වෙත භාරදීමට පෙර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී ශ්‍රී කාන්තා මෙලෙස පවසා තිබිණි. "අපේ සාමාජිකයන්ගේ මතකය කෙටි නැත. අපේ රටේ සිදුවූයේ කුමක්ද යන්න අපි දන්නෙමු"යි පැවසීමෙන් ද්‍රවිඩ දේශපාලනඥයන්ගේ අරමුණ සනාථ විය.
මෙයට දෙවසරකට පෙර මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නේ අපේ මල්ලි (ප්රභාකරන්) යටතේ යෑයි පැවසුවේද මේ ශ්රීකාන්තායි.
මේ අතර පසුගිය බදාදා පැවැති සාකච්ඡාවේදී තමා ජනරාල්ගේ ඉල්ලා අස්වීම හා ඔහු දේශපාලනයට පැමිණීම ගැන විරෝධයක් නැතැයි ජනාධිපතිවරයා විසින් ජනරාල් වෙත පවසා ඇත. එහෙත් ඔබ පරාජය වූවායින් පසු ආපසු මා වෙතට පැමිණිය හැකි යෑයි ජනාධිපතිවරයා කියා සිටියේය.
මේ අතර ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීමට තුඩුදුන් කරුණු 17 ක් ජනාධිපති වෙත යෑවූ ලිපියේ සඳහන් කර තිබිණි.
මෙලෙස දෙසැම්බර් 1 වැනිදා සිට ඉල්ලා අස්වන බව ජනරාල්වරයා විසින් ප්‍රකාශ කර කැලණි රජමහා විහාරය වෙත ගොස් ඇත. රජය සමග තමාගේ ප්‍රශ්නයක් නැති බවත් දේශපාලනයට එන්නේද යන්න මෙතෙක් තීරණය කර නැති බවත් ජනරාල්වරයා පවසා ඇත.
කොටින්ගේ ප්‍රධානතම ඉලක්කය වූ ජනරාල්වරයා සිය මාණ්ඩලික ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ විමර්ශනය කිරීමේදී ඉන්දියාවේ රන්දෙවොල අරක්ගත් ජනරාල් අරුන්විද්යාට අත්වූ ෙ€දනීය ඉරණම සිහිපත් කළ යුතුය. සික් බෙදුම්වාදී ත්රස්තයන් විසින් අරක්ගත් රන්දෙවොල බේරාගැනීමට මෙහෙයුම දියත් කළේ අරුන් විද්‍යායි. එහිදී සික් ත්‍රස්ත නායක බිරෙන්ද්රවාලා ඇතුළු ත්‍රස්ත කණ්ඩායම සමූල ඝාතනය විය. පසුව සික් සංවිධානය ජනරාල් විද්‍යාට සමාව දෙන බව පවසා ඔහුගේ මෙහෙයුම අමතක කරන බව කියා සිටියේය. එහෙත් වසරකට පසු සික් ත්රස්තයන් දෙදෙනකු විසින් නවදිල්ලිsයේදී ජනරාල්ව ඝාතනය කෙරිණි. මේ අතර වන්නි මෙහෙයුම නතර කර කොටි බේරාගැනීමට උත්සාහ කළ ද්‍රවිඩ දේහපාලකයකු වූ මනෝ ගනේෂන් නමැත්තා තමිල්නාඩු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් තම පක්ෂය ජනරාල් ෆොන්සේකා වෙත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර ඊට ප්‍රතිචාරයක් දෙන්නැයි දැක්වූ බව පවසා ඇත.
ජනරාල්ගේ නම පොදු අපේක්ෂකයා ලෙස යෝජනාවීමත් සමගම සියලුම ද්‍රවිඩ නායකයන් මැරුනු නිහඬතාවයක් පළ කළා. මේ නිසා අපි නියම වෙලාවේදී සරත් ෆොන්සේකා සහ ද්‍රවිඩ ජනතාව මැයෙන් ජාතික සංවාදයක් ආරම්භ කරනවා යෑයි මනෝ ගනේෂන් තවදුරටත් පවසා ඇත.
මෙහිදී මනෝ ගනේෂන්ගේ කවුද කියා කිවයුතුද? ජනරාල්ට ප්‍රශ්න යොමුකර ඔහුගෙන් පිළිතුරු ඉල්ලා සිටීම ජනරාල් වෙත කරන අවමානයක් නොවේද? දැන් ජනරාල් ගනේෂන් වැන්නකුට ප්‍රතිචාර දැක්විය යුතුද?.
මෙලෙස කොටි සමූල ඝාතනය කළ හමුදා ජනරාල්වරයා මාණ්ඩලික ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීම සතුටුදායක පුවතක් වූයේ කොටි ජාලයටයි. ඔවුහු කෝවිල්වලට ගොස් බෙර වයමින් ප්‍රීති ඝෝෂා කර ඇත. එසේම ඇතැම් යුද හමුදා නිලධාරීන්ද ප්‍රීතියට පත්වී ඇතැයි වාර්තා විය. මෙහිදී මතුවන ප්රශ්නය නම් ජනරාල්වරයා සතුරන්ගේ උගුලට ගොදුරුවිය යුතුද යන්නයි. "
http://www.divaina.com/2009/11/15/defence.html

අන්තිමේ දී ජෙනරාල්වත් ඒ පැත්තටම ගෙන්න ගනී වගේ 