ජනරාල්ගේ ඉල්ලා අස්‌වීම සහ කොටි ජාත්‍යන්ත

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ජනරාල්ගේ ඉල්ලා අස්‌වීම සහ කොටි ජාත්‍යන්ත

ජනරාල්ගේ ඉල්ලා අස්‌වීම සහ කොටි ජාත්‍යන්තර ජාලයේ සතුට




"මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කරද්දී මාණ්‌ඩලික ප්‍රධානි සරත් ෆොන්සේකාගේ ඉල්ලා අස්‌වීම සම්බන්ධයෙන් දෙස්‌ විදෙස්‌ ශ්‍රී ලාංකිකයන් අතර දැඩි කුතුහලයට තුඩු දුන් සිද්ධියක්‌ විය. මෙයට හේතු වූයේ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයන් හා ස්‌විස්‌ යුරෝපා කොටි වෙබ් අඩවි විසින් ජනාධිපති හා ජනරාල් අතර ගැටුමක්‌ ඇතිවී තිබෙන බවට පෙන්නුම් කිරීමය.

ජනරාල්වරයා තම ඉල්ලා අස්‌වීමේ ලිපිය ජනාධිපතිවරයාට යෑවීමට පැය 24 කට පෙර ඉන්දීය හින්දුස්‌ථාන් ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ පළ කරමින් මේ මස අවසානය වන විට ජනරාල් ඉල්ලා අස්‌වන බව සඳහන් කිරීමය.

මෙහිදී තවත් පුදුමාකාර සිද්ධියක්‌ වාර්තා විය. එA ඕනෑම කෙනකුට යුද්ධ කරන්න පුළුවන් යෑයි පැවසූ විපක්‍ෂයේ දේශපාලනඥයකු ජනරාල්වරයාට උපදෙස්‌ දෙමින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු ඉල්ලා අස්‌නොවන ලෙස කියා සිටීමයි.

එA අතර මැයි 22 දා සිට ජනරාල්වරයාව යුද අපරාධකරුවකු කිරීම දැඩි උත්සාහයක්‌ ගත් ජර්මනියේ ඡේ.ඩී.එස්‌. කණ්‌ඩායම හා ඔවුන්ට සම්බන්ධ මඩ වෙබ් අඩවිය එකවරම ජනරාල් වෙනුවෙන් කිඹුල් කඳුළු සැලීමට ක්‍රියාකර ඇත.

මෙලෙස ජනරාල්වරයා ඉල්ලා අස්‌වීමට සම්බන්ධ පුවත යුරෝපා කොටි ජාලය වෙත පැතිර ගියේ විදුලි වේගයෙනි. ස්‌විස්‌ හා යුරෝපා කොටි වෙබ් අඩවි තම සතුට දරාගත නොහැකිව තවදුරටත් ගිනි ඇවිලීමේ පුවත් විටින් විට විකාශනය කළහ.

කොටි සමූල ඝාතනය කිරීමට උරදුන් ජනරාල්වරයා තම ඉල්ලා අස්‌වීම ජනාධිපති වෙත භාරදීමට පෙර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී ශ්‍රී කාන්තා මෙලෙස පවසා තිබිණි. "අපේ සාමාජිකයන්ගේ මතකය කෙටි නැත. අපේ රටේ සිදුවූයේ කුමක්‌ද යන්න අපි දන්නෙමු"යි පැවසීමෙන් ද්‍රවිඩ දේශපාලනඥයන්ගේ අරමුණ සනාථ විය.

මෙයට දෙවසරකට පෙර මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නේ අපේ මල්ලි (ප්‍රභාකරන්) යටතේ යෑයි පැවසුවේද මේ ශ්‍රීකාන්තායි.

මේ අතර පසුගිය බදාදා පැවැති සාකච්ඡාවේදී තමා ජනරාල්ගේ ඉල්ලා අස්‌වීම හා ඔහු දේශපාලනයට පැමිණීම ගැන විරෝධයක්‌ නැතැයි ජනාධිපතිවරයා විසින් ජනරාල් වෙත පවසා ඇත. එහෙත් ඔබ පරාජය වූවායින් පසු ආපසු මා වෙතට පැමිණිය හැකි යෑයි ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර ජනරාල්වරයා සිය ඉල්ලා අස්‌වීමට තුඩුදුන් කරුණු 17 ක්‌ ජනාධිපති වෙත යෑවූ ලිපියේ සඳහන් කර තිබිණි.

මෙලෙස දෙසැම්බර් 1 වැනිදා සිට ඉල්ලා අස්‌වන බව ජනරාල්වරයා විසින් ප්‍රකාශ කර කැලණි රජමහා විහාරය වෙත ගොස්‌ ඇත. රජය සමග තමාගේ ප්‍රශ්නයක්‌ නැති බවත් දේශපාලනයට එන්නේද යන්න මෙතෙක්‌ තීරණය කර නැති බවත් ජනරාල්වරයා පවසා ඇත.

කොටින්ගේ ප්‍රධානතම ඉලක්‌කය වූ ජනරාල්වරයා සිය මාණ්‌ඩලික ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්‌වීම පිළිබඳ විමර්ශනය කිරීමේදී ඉන්දියාවේ රන්දෙවොල අරක්‌ගත් ජනරාල් අරුන්විද්‍යාට අත්වූ ෙ€දනීය ඉරණම සිහිපත් කළ යුතුය. සික්‌ බෙදුම්වාදී ත්‍රස්‌තයන් විසින් අරක්‌ගත් රන්දෙවොල බේරාගැනීමට මෙහෙයුම දියත් කළේ අරුන් විද්‍යායි. එහිදී සික්‌ ත්‍රස්‌ත නායක බිරෙන්ද්‍රවාලා ඇතුළු ත්‍රස්‌ත කණ්‌ඩායම සමූල ඝාතනය විය. පසුව සික්‌ සංවිධානය ජනරාල් විද්‍යාට සමාව දෙන බව පවසා ඔහුගේ මෙහෙයුම අමතක කරන බව කියා සිටියේය. එහෙත් වසරකට පසු සික්‌ ත්‍රස්‌තයන් දෙදෙනකු විසින් නවදිල්ලිsයේදී ජනරාල්ව ඝාතනය කෙරිණි. මේ අතර වන්නි මෙහෙයුම නතර කර කොටි බේරාගැනීමට උත්සාහ කළ ද්‍රවිඩ දේහපාලකයකු වූ මනෝ ගනේෂන් නමැත්තා තමිල්නාඩු මාධ්‍ය වෙත ප්‍රකාශයක්‌ කරමින් තම පක්‍ෂය ජනරාල් ෆොන්සේකා වෙත ප්‍රශ්න මාලාවක්‌ ඉදිරිපත් කර ඊට ප්‍රතිචාරයක්‌ දෙන්නැයි දැක්‌වූ බව පවසා ඇත.

ජනරාල්ගේ නම පොදු අපේක්‍ෂකයා ලෙස යෝජනාවීමත් සමගම සියලුම ද්‍රවිඩ නායකයන් මැරුනු නිහඬතාවයක්‌ පළ කළා. මේ නිසා අපි නියම වෙලාවේදී සරත් ෆොන්සේකා සහ ද්‍රවිඩ ජනතාව මැයෙන් ජාතික සංවාදයක්‌ ආරම්භ කරනවා යෑයි මනෝ ගනේෂන් තවදුරටත් පවසා ඇත.

මෙහිදී මනෝ ගනේෂන්ගේ කවුද කියා කිවයුතුද? ජනරාල්ට ප්‍රශ්න යොමුකර ඔහුගෙන් පිළිතුරු ඉල්ලා සිටීම ජනරාල් වෙත කරන අවමානයක්‌ නොවේද? දැන් ජනරාල් ගනේෂන් වැන්නකුට ප්‍රතිචාර දැක්‌විය යුතුද?.

මෙලෙස කොටි සමූල ඝාතනය කළ හමුදා ජනරාල්වරයා මාණ්‌ඩලික ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්‌වීම සතුටුදායක පුවතක්‌ වූයේ කොටි ජාලයටයි. ඔවුහු කෝවිල්වලට ගොස්‌ බෙර වයමින් ප්‍රීති ඝෝෂා කර ඇත. එසේම ඇතැම් යුද හමුදා නිලධාරීන්ද ප්‍රීතියට පත්වී ඇතැයි වාර්තා විය. මෙහිදී මතුවන ප්‍රශ්නය නම් ජනරාල්වරයා සතුරන්ගේ උගුලට ගොදුරුවිය යුතුද යන්නයි.
"

http://www.divaina.com/2009/11/15/defence.html
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
සහය ලබා දෙන්නේ ලැබෙන පිළිතුරු අනුවයි
මනෝ ගනේෂන්ගෙන් ජනරාල්ට ප්‍රශ්න පත්‍රයක්‌

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන්a පළිහවඩන

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණ පක්‍ෂය යටතේ ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති අපේක්‍ෂකයා වන ජනරාල් සරත් ෆොන්සේකා වෙත බස්‌නාහිර ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් ද්‍රවිඩ ජනතාවට බලපාන ප්‍රශ්න යෑයි දක්‌වමින් ප්‍රශ්නාවලියක්‌ ඉදිරිපත් කර තිබේ.

ප්‍රශ්න විසි ගණනකින් යුතු මෙහිs වන්නි යුද මෙහෙයුම ක්‍රියාත්මක වන විට උතුරේ ද්‍රවිඩ ජනතාවට සිදුවූ විපත් පිළිබඳව සහ ඒ සම්බන්ධව දරන ආකල්පය. බලයට පත් වුවහොත් ද්‍රවිඩ ප්‍රදේශ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග, අවතැන්වූවන්ගේ කඳවුරුවල සිටින ද්‍රවිඩ ජනතාව මුදා හරින්නේද ඇතුළු ප්‍රශ්න රැසක්‌ ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රශ්නාවලියට ජනරාල්වරයාගෙන් ලැබෙන පිළිතුරු අනුව තම පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා එක්‌සත් ජාතික පෙරමුණ යටතේ තරග කළහොත් සහාය ලබාදීම පිළිබඳව තීරණය කරන බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනරාල්වරයා මෙතෙක්‌ එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදී නොමැත.

ජනරාල් සරත් ෆොන්සේකා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කිරීම යුරෝපා ඇතුළු ජාත්‍යන්තර කොටි ජාලය ලැබූ ජයග්‍රහණයක්‌ බව එම කොටි සාමාජිකයෝ ප්‍රකාශ කර සිටිති. ජනරාල් ෆොන්සේකා ඉකුත් 12 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීම පිළිබඳ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යෑවූ පුවත වාර්තා වීමත් සමග යුරෝපා කොටි සාමාජිකයන් ඊළාම් ධජ ඔසවමින් ප්‍රීති ඝෝෂා පවත්වා තිබේ.

ජනරාල් ෆොන්සේකා ආණ්‌ඩුවත් සමග මත ගැටුම් ඇති කර ගෙන ඉවත් වීම තමන් ලැබූ ජයග්‍රහණයක්‌ බව පවසා ඇති ඔවුන් මේ අනුව ඉදිරියේදී සිය සංවිධානයේ ජාත්‍යන්තර නායකයා වන දැනට ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවට පත්ව සිටින කුමාරන් පද්මනාදන් නිදහස්‌ කර ගැනීමටද පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත.

http://www.divaina.com/2009/11/15/news01.html


 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඌරො කැකූණ තලනකොට හබන් කුකුළොන්ට මඟුල් ළු :ඊක්:

ඒක නෙවේ මනෝ ගනේෂන් මොකෙද්ද ජෙනරල් ට ප්‍රශ්න පත්තරයක් දෙන්න :ඊක්:
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ඌරො කැකූණ තලනකොට හබන් කුකුළොන්ට මඟුල් ළු :ඊක්:

ඒක නෙවේ මනෝ ගනේෂන් මොකෙද්ද ජෙනරල් ට ප්‍රශ්න පත්තරයක් දෙන්න :ඊක්:
:yes::yes::yes:
දෙමල සන්ධනෙත් දෙකට බෙදිලලු මෙ නිසාම.
:baffled:
උන් දෙපැත්තටම උදව් කරන පාටයි.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණ පක්‍ෂය යටතේ ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති අපේක්‍ෂකයා වන ජනරාල් සරත් ෆොන්සේකා වෙත බස්‌නාහිර ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් ද්‍රවිඩ ජනතාවට බලපාන ප්‍රශ්න යෑයි දක්‌වමින් ප්‍රශ්නාවලියක්‌ ඉදිරිපත් කර තිබේ.

ප්‍රශ්න විසි ගණනකින් යුතු මෙහිs වන්නි යුද මෙහෙයුම ක්‍රියාත්මක වන විට උතුරේ ද්‍රවිඩ ජනතාවට සිදුවූ විපත් පිළිබඳව සහ ඒ සම්බන්ධව දරන ආකල්පය. බලයට පත් වුවහොත් ද්‍රවිඩ ප්‍රදේශ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග, අවතැන්වූවන්ගේ කඳවුරුවල සිටින ද්‍රවිඩ ජනතාව මුදා හරින්නේද ඇතුළු ප්‍රශ්න රැසක්‌ ඇතැයි වාර්තා වේ.




ද්‍රවිඩ ප්‍රදේශ! අනේ මගෙ කට. අපි කිව්වොත් බැරි වෙලාවත් මේක සිංහල රට කියල අපි ජාති වාදියො. සිංහල ජනතාවට බලපාන ප්‍රශ්න ගැන ඇහුවොත් ජාතිවාදියො.

හකීම් තාම හදල ඉවර නැද්ද දන්නෙ නෑ එයාගෙ ප්‍රශ්න පත්තරේ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
:yes::yes::yes:
දෙමල සන්ධනෙත් දෙකට බෙදිලලු මෙ නිසාම.
:baffled:
උන් දෙපැත්තටම උදව් කරන පාටයි.

විරුද්ධවාදීන්ව දෙකට බෙදීම මහින්දගෙ ටෙක්නික් එකක්.
 
Jan 24, 2009
3,532
130
0
me thread walata elakiri eke kattiya reply karanne naththe ai? aththa thiththa nisa face karanna akamathi da? mahinda jenaralta arama karaa mehema karaa kiwwa nam uda panagena reply dawi
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
විරුද්ධවාදීන්ව දෙකට බෙදීම මහින්දගෙ ටෙක්නික් එකක්.

යා ලොල් පස්සෙ උන් සී සී කඩ යනවා ..ජවිපෙට උනා වගේ

මට නිකමට හිතෙනවා මේ ඔක්කොම මහින්දගෙ පොඩි උපායක් කියල:D අන්තිමේ දී ජෙනරාල්වත් ඒ පැත්තටම ගෙන්න ගනී වගේ
රනිල්ට තවත් එක ඤක් වීමක් අවුල් නෑ නේ මෙතුවක් කල් උනේම ඤක් වෙන එක නේ!