ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

    කිසියම් අෙයකු එය එසේ සිදු කළහොත් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු පැවසීය.

    ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පිරිසක් සිදුකල ප්‍රකාශයක් හුවමාරු කලේ යයි රහස් පොලිසිය ප‍්‍රශ්ණ කල බවට කාන්තාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කරන ලදී.

    අදාල කාන්තාව කියා සිටියේ සමාජජාල හරහා හුවමාරු වූ ඡායාරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇතැම් පුද්ගලයන් තමනට නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තිය තමනට ඇතැයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    ජනාධිපතිතුමන් මේ බව කියා සිටියේ කෝට්ටේ සංඝ සභාවෙන් පිරිනමන ලද ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාව අමතමිනි.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    FB posts විතරයිනේ. posts අවුලක් නෑනේ 😁

    Gota-Medal-Gota-copy.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    රට වට කර වැට බැන්දත් කට වට කර වැට බදින්න බැ කියල නොදන්න තොත්ත බබෙක්
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ආන්න ඒකට තමයි භාෂණයේ නිදහස කියන්නෙ.. පට්ට පට්ට.. හිටං ට විරුද්ධව ජන මතය හදන්න මුන් සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි තිබුබෙ නැති නීතියක් වෙන්ටෑ.. ෂුවර් එකටම ගැසට් එකක් රිවස් කරද්දි වැරදීමකින් ඇක්ටිව් වෙලා ඇති....
     

    Similar threads