ජනාධිපතිතුමනි, කිරිදෙන අම්මලා සහ බත් දෙන &#346

shashika1990

Member
Dec 13, 2011
91
11
0
ජනාධිපතිතුමනි, කිරිදෙන අම්මලා සහ බත් දෙන &#346

ජනාධිපතිතුමනි, කිරිදෙන අම්මලා සහ බත් දෙන අප්පලා රැකදෙනු මැනවි!



පහත දැක්වෙන්නේ සිංහල බෞද්ධයා අඩවියේ විද්‍යුත් ලිපිනයට ලැබුන ලිපියකි. මෙම ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතත් යොමු කර තිබිය ඇති අතර මේ ගැන ජනාධිපති තුමාගේ දැඩි අවධානය යොමු වේවායි සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙනුවෙන් අපගේත් ප්‍රාර්ථනයයි.
11be92.jpg

අතිගරු ජනාධිපතිතූමනි /අසමසම රාජ්‍යනායකයාණනි /ගෞරවනීය මහරජාණනි,
මේ අපරාධය නවතා දෙන්න!


කිරිදෙන අම්මලා සහ බත් දෙන අප්පලා රැකදෙනු මැනවි!
ඔබතූමාගේ කෘතහස්ත රාජ්‍ය නායකත්වය බලපවත්වන මෙම අති උතුමී ශ්‍රී ලංකාද්වීප ධරණීතලය වූ කලී ශාන්තිනායක තිලෝගූරු අංගීරස බූදූරජාණන්වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් තෙවරක්ම පහස ලැබූ වන්දනීය වූත් ගෞරවනීය වූත් පාර්ශූද්ධ වූත් පින් බර භූමියකි. මෙම භූමිය පසූගිය වසර ගණනාවක් පූරාවට වෙලාගෙන තිබූ රුදූරු ත්‍රස්තවාදය මූලිනූපූටා දැමීමට සේනාධිනායකවූත්, මෙරට පහළ වූ රාජ්‍ය නායකයන් අතර අසමසම රාජ්‍ය නායකයාණන් වූත් ඔබතූමාට හැක් ව්ය. ඒ පිළිබඳව අප ඔබතූමාණන් හට සදා ණයගැතිය. එසේම ඒ පිළිබඳව අප තුළ සියුම් වූ ආඩම්බරයක් ද ඇත. ඒ ඔබතූමාණන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකු පත් කරලීමට අපද සූළුවෙන් හෝ දායකත්වය ලබා දූන් න්සාවෙනි.


අතිගරු ජනාධිපතිතූමනි, ඔබතූමාගේ මෙම නායකත්වය හා ශ්‍රේෂ්ඨත්වය මිනිසුන් උදෙසා පමණක් නොව අසරණ තිරිසන් සතුන් කෙරෙහ්ද, බලපවත්වන්නේ නම් එය අතිශය හිතානුකම්පීය. එහෙයින් ඒ පිළිබඳව ඔබතූමාගේ කාරුණික අවධානය යොමූ කරවීම මෙම ලිපියේ අරමූණයි. අතිගරු ජනාධිපතිතූමනි, සත්ව ඝාතනය අපරට වැනි බුදූන් වහන්සේ වැඩම කළ පින්බර බෞද්ධ රටකට අනූචිත බව අපගේ හැඟිමයි. ඒ අතරින්ද, ගව ඝාතනය ඉතාමත්ම සංවේදීය. මෙම රුදුරු ගව ඝාතකයෝ ගැබීබර දෙනුන්, කිරිබොන පැටවුන් ඇතුළු, සියළු ගවයින් කිසිදු අනුකමීපාවකින් තොරව ඝාතනය කරති. ඉතාමත්ම හොර රහසේ ඇතැම්විට නීතිය පවා ඔවුන්ගේ මුදලට හා බලයට යටත් කොට ගනිමින් සොරාගත් ගවයින් ලොරි රථ තූළ අතපය කඩාදමමින් ඉතාමත්ම දැඩි වද වේදනා දෙමින් ගව ඝාතකාඝාර දක්වා ප්‍රවාහනය කරති. අනතූරුව දින ගණනාවක් ආහාර හා ජලය ලබා නොදෙමින් අමානූෂික ලෙස දස වද දෙමින් ගාල් කොට තබා ගනිමින් අනතූරුව සිත් පිත් නැති ලෙස මරා දමති.

ගවයා යනූ ඉතාමත්ම සංවේදී සතෙකි. උගේ මරණය ගැන ඌට හොඳින් දැනේ. මරණයෙන් බිය වූ උගේ ඇස් අප අනන්තවත් දැක ඇත. අතිගරු ජනාධිපතිතූමනි, අපි එවන් වූ ගවඝාතකාගාර වෙත ගොස් ගවයන් මරණයෙන් මූදවාගෙනද ඇත්තෙමූ. ඵහෙත් ඵය ප්‍රමාණවත් නොවන බව මාගේ හැඟීමයි. මක් නිසාද යත් සියළු ගවයින් මූදවාලීමට අපහට හැකියාවක් හෝ බලයක් නොමැති නිසාවෙනි. මව්වරුන් බලා සිටියදී කිරි බොන පැටවූන්ද, කිරි බොන පැටවූන් බලා සිටියදී කිරි මවූවරුන් ද, දස වද දෙමින් ඝාතනය කරන්නේ, බූදු සිරිපා පහස ලැබූ මෙම පාරිශුද්ධ මාතෘ භූමිය තූළදීමය. මෙම ගව ඝාතනය අප ශ්‍රී ලංකාව වැනි උත්තම දේශයකට නොගැළපෙන ඉතාමත්ම පහත් ක්‍රියාවක් බව අපගේ හැඟීමයි.


අතිගරු ජනාධිපතිතූමනි, මෙම ගව ඝාතනය කෘෂිකාර්මික රටක් වූද, ථෙරවාදී පිරිසිදු බුදු දහම මුල් බැස පවතින්නා වූ දේශයක් වූද, ශ්‍රී ලාංකීය අප හට ශාපයක් වන බව අපගේ විශ්වාසයයි. ඵහෙත් මෙම ශාපයෙන් අප රට ගළවා ගත හැක්කේත්, අසරණ ගවයන් හට මුළුමනින්ම අභය දානය ලබා දිය හැක්කේත්, සෘජූ තීරණ අභීතව කිසිඳු බලවේගයකට යටත් නොවී ක්‍රියාත්මක කරන්නා වූ කෘතහස්ත අසමසම රාජ්‍ය නායකයාණන් වූ ඔබතුමාණන් හට පමණක්මය.



අතීත ලංකාවේ රජ වූ ආමණ්ඩ ගාමිණී අභය රජතුමා වැනි රජ දරුවන් විසින් දිවයින පූරාම, මස් පිණිස සතූන් මැරීම සපූරා තහනම් කරමින් නීති ක්‍රියාත්මක කරන ලදි.
අතිගරු ජනාධිපතිතුමනි, මෙහිදී අප ඔබතුමාගෙන්ද ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම ගව ඝාතනය ශ්‍රී ලංකාද්වීප පූණ්‍යභූමියෙන් මූළුමනින්ම තූරන් කර දෙන ලෙසය. රුදුරු ත්‍රස්තවාදය මූලිනූපූටා දමා ලූවා සේම මෙම ගව ඝාතනයද මූලිනූපූටා දැමීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ග සම්පාදනය කර දෙන ලෙසය.

අතිගරු ජනාධිපතිතුමනි, ඉහත දැක්වූ ගව ඝාතනය මැඩ පැවැත්වීමට ඔබතූමන් වහා පියවර ගනූ ඇතැයි මම දැඩිව විශ්වාස කරන්නෙමි. එසේම ඔබතූමා වැනි ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයකූගෙන් මා ඉහත ඉල්ලීම කරන්නේ ඉතාමත්ම යටහත්වය. ශ්‍රී දළඳා සමිඳූන් වැඩ වසන මෙම ශ්‍රී ලංකාද්වීපයේ තවත් චිරාත් කාලයක් පූරාවට ඔබතූමන්ගේ කෘතහස්ත ගෞරවනීය අණසක පවතීවා යිද, තූණූරුවන් සතූ සූවිසි අනන්ත මහා ගූණ බලයෙන් ඔබතුමාණන් හට දීර්ඝායූ වේවා යිද, මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි.!
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවාර්යෙන් ගව ඝාතනය තනිකර නතරකරල දාන්ඩ ඔනේ :yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනිවාර්යෙන් ගව ඝාතනය තනිකර නතරකරල දාන්ඩ ඔනේ :yes:

    හැබැයි එතකොට පාරවල් පිරෙන්න ගවයො බෝ වෙයි.:confused: මගෙ අදහසක් විතරයි.:confused: රෙප් කපන්න එපා.:confused:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සාමාන්‍යයෙන් ගවයෙක් අවුරුදු 7ක් විතරලු ජීවත් වෙන්නෙ. නමුත් මිනිස්සු නිසා 80% විතර ගවයො ඊට ඉස්සෙල්ල මැරුම් කනව. මේ ක්‍රමයට දැන් ගවයො හුරු වෙලා තියෙන්නෙ. මිනිස්සු ගවයො මරණ එක නැවැත්තුවොත් ලංකාවෙ ගව ගහනය වැඩි වෙනවා. ඊට පස්සෙ තණකොල මදි වෙලා ගවයො පාරවල් වලට එනවා. එතකොට වාහන වලට වඩා පාරවල් වල ගවයො ඉන්න ඉඩ තියනව. නමුත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගවයො මරන්න ගත්තොත්, ගවයො තුරන් වෙලා යන්න ඉඩ තියනවා. ඒ නිසා මෙවැනි උත්සව සඳහා සතුන් මරන එකට මම විරුද්දයි. මගෙ අදහසක් විතරයි. රෙප් කපන්න එපා.
     
    Last edited:

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    සාමාන්‍යයෙන් ගවයෙක් අවුරුදු 7ක් විතරලු ජීවත් වෙන්නෙ. නමුත් මිනිස්සු නිසා 80% විතර ගවයො ඊට ඉස්සෙල්ල මැරුම් කනව. මේ ක්‍රමයට දැන් ගවයො හුරු වෙලා තියෙන්නෙ. මිනිස්සු ගවයො මරණ එක නැවැත්තුවොත් ලංකාවෙ ගව ගහනය වැඩි වෙනවා. ඊට පස්සෙ තණකොල මදි වෙලා ගවයො පාරවල් වලට එනවා. එතකොට වාහන වලට වඩා පාරවල් වල ගවයො ඉන්න ඉඩ තියනව. නමුත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගවයො මරන්න ගත්තොත්, ගවයො තුරන් වෙලා යන්න ඉඩ තියනවා. ඒ නිසා මෙවැනි උත්සව සඳහා සතුන් මරන එකට මම විරුද්දයි. මගෙ අදහසක් විතරයි. රෙප් කපන්න එපා.

    http://elakiri.lk/forum/showthread.php?p=11747647&posted=1#post11747647
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    :no::no:Bro technology thiyanne ekata thama... Ahinsaka Sathekwa maran kana eka maha thuchcha wadak......... Comment ekak danna essella egana hithala balanna.... eta passe nikan GON talks denna epa.....:no::no:
     
    Dec 29, 2011
    151
    17
    0
    හරි , උඹලට මේක නවත්වන්න නේ ඕනේ?? එහෙනම් කරුණාකර මස් කන එක අඩු කරන්න. එතකොට උන්ගේ බිස්නස් බැහැල මේ සත්තුන්ගේ ජීවිත බේරෙයි.