ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ &

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ &

    ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ හැකිද​?

    මේ දිනවල හැමෝම වගේ නාගානන්ද මහතාගේ නව ව්‍යවස්ථාව ගැන කතාකරනවා ඒත් මේක ඇත්තටම මේක කරන්න පුලුවන්ද ? අන්තිම වෙනකන් කියවලා උත්තරේ හොයන්න කලින්ම උත්තරේ දෙන්නම්..ඇත්තටම මේක කරන්න බැරි වැඩක් ඒ වගේම මෙහෙම දෙයක් ලෝක ඉතිහාසයේ හෝ ලංකා ඉතිහාසය තුල සිදු වෙලා නැහැ..ඇත්තටම මැතිවරණයකින් ජය ලැබුනු සැනින් ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වුනොත් ඒක මහ නරක පූර්වාදර්ශයක් මොකද එහෙම වුනොත් ඉදිරියේදී මැතිවරණ වලදී දිනන හැම නායකයෙක්ම ව්‍යවස්ථා සම්මත කරන්න ගත්තොත් අවුරුදු 5 න් 5 ට අලුත් ව්‍යවස්ථා හැදිලා අපේ රට ලෝකයා ඉදිරියේ සමච්චලයට ලක් වේවී..:baffled:

    අනිත් එක ජනාධිපතිවරණයකදී එක් අපේක්ශකයකුගේ මැතිවරණ පොරොන්දු කිහිපයක් රටට ඉතාම අහිතකරව තිබියදීත් අනෙක් අපේක්ශකයාට සාපෙක්‍ෂව ඔහු චරිතයක් වශයෙන් ඉදිරියෙන් යන පදනම මත මිනිස්සු චන්දය භාවිතා කර එම පුද්ගලයා ජයගතහොත් හා එම ජයග්‍රහණයේ පදනමම එම අපේක්ශකයාගේ සියලුම මැතිවරණ ප්‍රතිපත්ති ජනතාව අනුමත කලේ යැයි උපකල්පනය කිරීමම කොතරම් යුක්ති සහගතද? මීට හොදම උදාහරණය 2015 ජනාධිපතිවරණයයි..:oo:

    1972 සිට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය

    ඔන්න දැන් තමයි මේකේ හොඳම හරිය පටන් ගන්නේ.;).අපි මුලින්ම ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය ගැන කථා කරලම වර්තමාන කතාවට බහිමු...ඇත්තටම මේ ව්‍යවස්ථා ඉතිහාසය ගැන කථා කරනකොට අපේ මාත්‍රුකාවට අදාළව අපිට වැදගත් වෙන්නේ ව්‍යවස්ථා 2 යි. ඒ 1972 ජනරජ ව්‍යවස්ථාව හා 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ව්‍යවස්ථා දෙකයි. අපි ඒ ව්‍යවස්ථා දෙකම ගැන සාකච්ඡා කරමු..


    1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    sirimavo-bandaranaike-1.jpg


    ඇත්තටම මේ 1972 ව්‍යවස්ථාව කියන්නේ ලංකාව ලද ඓතිහාසික ජයග්‍රහණයක් මොකද කිව්වොත් මේ ව්‍යාවස්ථාව නිසා තමයි ලංකාව මහා බ්‍රිතාන්‍යයෙන් පූර්ණ නිදහස ලද ස්වෛරී රටක් බවට පත් වෙන්නේ..ඒ විතරක් නෙමේ අපේ රටේ නම සිලොන් වෙනුවට ශ්‍රී ලංකාව කියලා නම වෙනස් වුනේ මේ ව්‍යවස්ථාවෙන් තමා..1947 ඉඳලා ක්‍රියාත්මක වෙමින් තිබූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලංකාව පූර්ණ නිදහස ලද ස්වෛරී ජනරජයක් බවට පත්කල මේ ව්‍යවස්ථාවේ නිර්මාථ්‍රූ උනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමඟි ආණ්ඩුවේ ප්‍රබලයකු වූ කොල්වින් ආර් ද සිල්වා මහතායි..:love:කොහොම නමුත් මේ ව්‍යවස්ථාව පිලිබඳ විවිධ මත දරමින් එක්සත් ජාතික පක්ශය මේ ව්‍යවස්ථාවට විරුද්ධව චන්දය භාවිතා කරනවා..:rofl:

    දෙවන කොටස බලාපොරොත්තු වන්න හැබැයි සලකන විදිහට තමා...කරුනු ගොඩක් හොයල බලලා කියවලා ලිව්වේ..හොදම කරුණු ටික දෙවන කොටසින්..:love::cool:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    1ka dawasin naya gewanawa wagema thamai mekath surangana kathawak thawath.:yes::yes::yes:






    එක දවසින් නය ගෙවන / ණය ටික තනියම ගෙවන කතා ඔක්කොම මේකේ උනුයි ගොසිප් කාරයෝයි හදපු කතා මිසක් ඒ මනුස්සය කියපු දේවල් නෙවෙයි. කරන්න පුළුවන් හෝ නැතා ඒ කෙනා කිව්වේ තියෙන ණය වලට අඩුපොලියක් යටතේ වෙන රටකින් ණය අරන් පියවල අධික පොලියක් ගෙවන එක නැති කරන එකයි. ඒක ඒ මනුස්සයා බලයට ඇවිත් කරන්න හිතන්නේ නැතුව ගිහින් අදාළ පාර්ශව දැනුවත් කලහම උන් දීපු රිප්ලයි එක " එහෙම කලොත් චිනේ අපි එක්ක තරහා වෙයිලු. " ඉතින් අපි එහෙම ගෙවමු. :)
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Mawa e yaka block kara prashna ahanna gihin.:rofl:
    Pora kauruwath prashna ahanawata kamathi na..victor iwan meyage constitution eka gana danaganna call kalalu dawasak.. naga kiwwalu oya media karayek oya danna constitution ekak na kiyala phone eka cut kalalu..:D
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    එක දවසින් නය ගෙවන / ණය ටික තනියම ගෙවන කතා ඔක්කොම මේකේ උනුයි ගොසිප් කාරයෝයි හදපු කතා මිසක් ඒ මනුස්සය කියපු දේවල් නෙවෙයි. කරන්න පුළුවන් හෝ නැතා ඒ කෙනා කිව්වේ තියෙන ණය වලට අඩුපොලියක් යටතේ වෙන රටකින් ණය අරන් පියවල අධික පොලියක් ගෙවන එක නැති කරන එකයි. ඒක ඒ මනුස්සයා බලයට ඇවිත් කරන්න හිතන්නේ නැතුව ගිහින් අදාළ පාර්ශව දැනුවත් කලහම උන් දීපු රිප්ලයි එක " එහෙම කලොත් චිනේ අපි එක්ක තරහා වෙයිලු. " ඉතින් අපි එහෙම ගෙවමු. :)
    පල්ලේවත්ත ගැන මන් මුකුත් කියන්නේ නැහැ ඒක ඔයාට බාරයි.:)

    හැබැයි ජපන් ණය ගැන මන් දෙයක් කියන්නම් ගොඩක් අය දන්නේ නැති නිසා. ගොඩක් අය හිතන්නේ ජපන් ණයේ අඩු පොළියයි දූෂණ වංචා කරන්න බැරි වෙන්න දාන කොන්දේසි ටික විතරයි. හැබැයි මේ ණය දෙන එක ඇතුලේ එක මාරයෙක් ඉන්නවා :frown: ඒ තමයි ජපන් යෙන් එක පාරටම අවප්‍රමාණය වෙනවා වෙනුවට යෙන් නැග්ගොත් කොහොමද සනීපේ අපිට ගෙවන්න වෙන වාරික මුදල වැඩි වෙනවා..එහෙම වෙලා නෑනේ කියලා ඔයා කියයි නෑ ලංකාවට එක පාරක් කෙළ වුනා මේ යෙන් ණය නිසා..

    රටක් අපිට ණය දෙන්නේ අපිට ආදරයකට නෙමේ..මේ වගේ යෙන් අගය එක පාරටම උඩ ගිය නිසා කෙළවෙච්ච රටවල් ගොඩක් ඉන්නවා...ඉන්දුනීසියාව ඒ වගේ රටක්..අන්තිමට ජපානේ කියන විදිහට එයාලගේ ඉල්ලීම් වලට ඉඩ දෙන්න මේ රටවල් වලට සිදු වෙනවා..ළගදී ඉදන් ජපන් ණය දෙන එක වැඩි උනා වෙන මොකටවත් නෙමේ යටි අරමුණ කලාපීය බලවතුන් වෙන එක තමා..

    ඔන්න මගේ කතාව verify කරන්න source එකකුත් දැම්මා..

    http://www.sunsonline.org/trade/areas/finance/10290196.htm



     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔව් එහෙම ව්‍යවස්ථා සම්මත කරන එක හරි නෑ, අඩුම තරමෙ එයා ජනදිපති උනොත්, ජනමවිචාරනයක් වත් තියල සම්මත කරගන්න ඕනෙ.