ජනාධිපතිවරණයේදී එ.ජා.ප. අපේක්ෂකයා රනිල්
එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවට ජාතික නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
පසුගිය ඉරිදා සවස ජාතික නීතිඥ සංගමයේ රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පවත්වා ඇත. එහිදී රනිල් වික්රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කොට ඇත්තේ ජාතික නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා විසිනි. එම යෝජනාව එම සංගමයේ ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා විසින් ස්ථීර කිරීමෙන් ඒකමතිකව සම්මත වී ඇත.
එළඹෙන ජනාධිපතිවරණයේදී දිවයින පුරා සිටින ජාතික නීතිඥ සංගමයේ සාමාජිකයන් එක්ව රනිල් වික්රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ සටන ජයග්රහණය වෙනුවෙන් ක්රියා කරන බව ජාතික නීතිඥ සංගමයේ ප්රකාශකයෙක් ‘රිවිර’ට පැවසීය.
දෙනගම ධම්මික රණවීර -rivira