ජනාධිපතිවරණය ජනවාරි 30

sl-memes

Member
Apr 18, 2014
317
24
0
ජනාධිපතිවරණය ජනවාරි 30

මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි මස 30 වනදා පැවැත්වීමට තීරණය කර ඇත...මීට අමතරව ලබන මස සිට බදු අයකිරීම් ඉහල දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ජංගම දුරකථන, වාහන වල මිල ඉහල යනු ඇත...( අත්‍යාවශය භාණ්ඩ වල මිල ඉහල යනවාද කියා හරියටම දන්නේ නැත....)

දින තීන්දුයි ජනපතිවරණය ජනවාරි 30
0 April 20, 2014 2:05 am Hits(36)

චලිත කොඩිකාර

දේශපාලන විශ්ලේෂකයන් සහ ජනතාව අතර දැඩි කතාබහට ලක්ව ඇති මීළඟ ජනාධිපතිවරණය සහ උෟව පළාත් සභා මැතිවරණය පවත්වන දින සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසාන තීරණය ගෙන ඇත. ඒ අනුව උෟව පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ මැදදීත්, ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස 30 වැනිදාත් පැවැත්වීමට නියමිතය. මීට අදාළ නැකැත් සකස් කිරීම දැනටමත් ජනාධිපතිවරයාට සමීප ජේ‍යාතිඥයන්ට භාරදී ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ලබන සතියේ මේ මැතිවරණවලට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨයන් දැනුම්වත් කිරීමට නියමිත අතර, බිම් මට්ටමේ ශ්‍රී ල.නි.ප. ශාඛා සමිති ගොඩනැංවීමට මෙන්ම අක්‍රියව ඇති ශාඛා සමිති යළි ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට සිදු කිරීමට කඩිනමින් සැලසුම් කර ඇත.

ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන මැතිවරණය වන උෟව පළාත් සභා මැතිවරණයේදී තම උපරිම ශක්තිය උරගා බැලීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව සඳහන් කරන අදාළ ආරංචි මාර්ග, ඉදිරියේදී ආසන සංවිධායකවරුන් කිහිප දෙනකුට අදාළව තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවද අනාවරණය කරයි.

මේ අතර ජනාධිපතිවරණය 2016 වසරේදී පැවැත්වෙන බවට ආණ්ඩුවේ ජේ‍යෂ්ඨයන් මෙන්ම ජනාධිපතිවරයාද මීට පෙර පවසා තිබිණි. මේ අතර මීළඟ මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජේ‍යාතිෂ උපදේශක දේශබන්දු සුමනදාස අබේගුණවර්දන මහතා 'මව්බිම'ට පැවැසූවේ 2015 ජනවාරි 15 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබදායක සහ ප්‍රබල බවයි.

ජනාධිපතිවරයාගේ කන්‍යා ලග්න ජන්ම පත්‍රයේ සියලුම ලැබීම් පෙන්වන සියලු ග්‍රහයන්ට සුබ 11 වැන්නට පැමිණ ගුරු හෙවත් බ්‍රහස්පතිගේ උච්චත්වය ජුනි මාසයේ 19 වැනිදා සිදුවන බවත් එම ග්‍රහ මාරුව ජනාධිපතිවරයාට ඉතාම බලගතු වාසනාවන්ත ග්‍රහ යෙදුමක් වන අතර එම ගුරු ග්‍රහයාට දෙසැම්බර් මස සිදුවන චක්‍රය හේතුකොටගෙන ජනාධිපතිවරයාට වාසනාව උදාවන බවත් සඳහන් කළ සුමනදාස අබේගුණවර්ධන මහතා එම වාසනාව උදාවන්නේ ලබන ජනවාරි 15 වැනිදායින් පසුව බව අවධාරණය කරයි.


http://www.mawbima.lk/86-56109-news-detail.html
 
Last edited:

sl-memes

Member
Apr 18, 2014
317
24
0

:rolleyes:
avatar234490_14.gif
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකට මම ස්වාධීනව නොමිනේෂන් දෙනවා.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ජනාධිපතිට, බඩු මිල වැඩි කරන්න කරන්න ඡන්ද වැඩි වෙන රටක් මේක
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    පොදු අපේක්ෂකයෙක් ඇවිල්ලා දින්නත් වැඩක් වෙන එකක් නෑ බන්. ජනාධිපති වටේ ඉන්න හොරු වෙනස් වෙන්නේ නෑනේ... අරක්කු බෝතලේට ජන්දේ විකුණන රටක කවදාවත් දියුණුවක් හිතන්න බෑ... :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොදු අපේක්ෂකයෙක් ඇවිල්ලා දින්නත් වැඩක් වෙන එකක් නෑ බන්. ජනාධිපති වටේ ඉන්න හොරු වෙනස් වෙන්නේ නෑනේ... අරක්කු බෝතලේට ජන්දේ විකුණන රටක කවදාවත් දියුණුවක් හිතන්න බෑ... :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    දැන්නනම් තිත්තයි බන් ... ඊළඟ ඡන්දෙ අනිවා මහින්ද දිනනව හොර කරල හරි ... ආයෙ ඒකෙ දෙකක් නෑ :dull:
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    දැන්නනම් තිත්තයි බන් ... ඊළඟ ඡන්දෙ අනිවා මහින්ද දිනනව හොර කරල හරි ... ආයෙ ඒකෙ දෙකක් නෑ :dull:

    දිනුවේ නැත්තම් අර සුමනදාසකාරයා ඉවරයි...මිනිහගෙන් අහලා තමයි දිනේ දාගෙන තියෙන්නේ :lol:
     

    Similar threads