ජනාධිපතිවරණය සාධාරණ බව ෆොන්සේකා පිළිගන්&
ඡන්ද පෙත්සම මගින් ඉදිරිපත් කර ඇති කරුණුවලට අනුව පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණව පැවති බවට පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා විසින්ම පිළිගෙන ඇතැයි ජනාධිපති නීතීඥ ඩී.එස්. විජේසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කර තිබේ.
වගඋත්තරකාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම දෙවන දිනටත් අද විභාගයට ගත් අවස්ථාවේ දීය.
පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවලංගු නොකොට එම ඡන්ද විමසීමෙන් තමන් ජයග්‍රහණය කළ බවට අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇති බව ඔහු එහිදී කියා සිටියේය.
මෙහිදී ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හා කේ. ශ්‍රීපවන් යන විනිසුරුවරුන් ප්‍රශ්න කර සිටියේ ඡන්ද විමසීමක් අවලංගු කරන්නැයි ඉල්ලා නොසිට එයින් තේරී පත්වූ පුද්ගලයින්ගේ පත්වීම අවලංගු කරන්නැයි ඉල්ලා සිටීමට හැකියාවක් තිබේ ද යන්නයි.
එවැනි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටීමට පෙත්සම්කරුට නීතිය තුළ ඉඩක් නොමැති බව ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතීඥවරයා කියා සිටියේය.
වගඋත්තරකාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණ සමයේ නීති විරෝධී ලෙස සංග්‍රහ පැවැත්වූ බවට පෙත්සම්කරු විසින් චෝදනා කර ඇතත් එසේ සංග්‍රහ කරනු ලැබූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නට අපොහොසත් වී ඇති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නේය.
අනෙක් අතට එසේ සංග්‍රහ ලැබූ පුද්ගලයින් සියලුදෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් බවට තහවුරු කිරීමට පෙත්සම්කාර ෆොන්සේකා මහතා අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේය.
එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව,ලක් හඬ ගුවන් විදුලිය,සහ ස්වාධීන රූපවාහිනී සේවය ජනාධිපතිවරණ සමයේ තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.
එසේ වුවද එකී කිසිදු මාධ්‍ය ආයතනයක් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර නොමැති බැවින් එම චෝදනාව පවත්වාගෙන යාමට පෙත්සම්කරුට හැකියාවක් නොමැති බවට ද ජනාධිපති නීතිඥයා තර්ක කළේය.
ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම හෙට දිනයේත් විභාග කිරීමට නියමිතව ඇතැයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි..

idiya!!