ජනාධිපතිවරණය සාධාරණ බව ෆොන්සේකා පිළිගන්&

Feb 16, 2010
265
34
0
ජනාධිපතිවරණය සාධාරණ බව ෆොන්සේකා පිළිගන්&

ඡන්ද පෙත්සම මගින් ඉදිරිපත් කර ඇති කරුණුවලට අනුව පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණව පැවති බවට පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා විසින්ම පිළිගෙන ඇතැයි ජනාධිපති නීතීඥ ඩී.එස්. විජේසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කර තිබේ.

වගඋත්තරකාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම දෙවන දිනටත් අද විභාගයට ගත් අවස්ථාවේ දීය.

පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවලංගු නොකොට එම ඡන්ද විමසීමෙන් තමන් ජයග්‍රහණය කළ බවට අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇති බව ඔහු එහිදී කියා සිටියේය.

මෙහිදී ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හා කේ. ශ්‍රීපවන් යන විනිසුරුවරුන් ප්‍රශ්න කර සිටියේ ඡන්ද විමසීමක් අවලංගු කරන්නැයි ඉල්ලා නොසිට එයින් තේරී පත්වූ පුද්ගලයින්ගේ පත්වීම අවලංගු කරන්නැයි ඉල්ලා සිටීමට හැකියාවක් තිබේ ද යන්නයි.

එවැනි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටීමට ‍පෙත්සම්කරුට නීතිය තුළ ඉඩක් නොමැති බව ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතීඥවරයා කියා සිටියේය.

වගඋත්තරකාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණ සමයේ නීති විරෝධී ලෙස සංග්‍රහ පැවැත්වූ බවට පෙත්සම්කරු විසින් චෝදනා කර ඇතත් එසේ සංග්‍රහ කරනු ලැබූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නට අපොහොසත් වී ඇති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නේය.

අනෙක් අතට එසේ සංග්‍රහ ලැබූ පුද්ගලයින් සියලුදෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් බවට තහවුරු කිරීමට පෙත්සම්කාර ෆොන්සේකා මහතා අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේය.

එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව,ලක් හඬ ගුවන් විදුලිය,සහ ස්වාධීන රූපවාහිනී සේවය ජනාධිපතිවරණ සමයේ තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.

එසේ වුවද එකී කිසිදු මාධ්‍ය ආයතනයක් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර නොමැති බැවින් එම චෝදනාව පවත්වාගෙන යාමට පෙත්සම්කරුට හැකියාවක් නොමැති බවට ද ජනාධිපති නීතිඥයා තර්ක කළේය.

ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම හෙට දිනයේත් විභාග කිරීමට නියමිතව ඇතැයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි..
 
maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මම නම් හිතන්නේ මේ නඩුවෙන් අනිවාර්රෙන්ම එස්.එෆ්. දිනනවා.අයෙත් චන්දයක් තියන්න වෙනවා...
    ඔන්න බලපන් අදිකරණය මහින්දට කෙළවන හැටි..
     
    Feb 16, 2010
    265
    34
    0
    මම නම් හිතන්නේ මේ නඩුවෙන් අනිවාර්රෙන්ම එස්.එෆ්. දිනනවා.අයෙත් චන්දයක් තියන්න වෙනවා...
    ඔන්න බලපන් අදිකරණය මහින්දට කෙළවන හැටි..

    මචන් ෆොන්සේකා ඉල්ලලා නෑ චන්දේ අවලංගු කරන්න....
    ඉතින් කොහොමද චන්දේ අවලංගු කරන්නේ ... එයා පිළිඅරන් තියනවා චන්දේ සාධාරණව තිබ්බා කියලා..
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ITN & Rupwahini gana nam ithin katha karala wadak na. Kawadda owage aththak keewe. Ubata maara HAPPY athi ne. :lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    රාවණා;8277120 said:
    මචන් ෆොන්සේකා ඉල්ලලා නෑ චන්දේ අවලංගු කරන්න....
    ඉතින් කොහොමද චන්දේ අවලංගු කරන්නේ ... එයා පිළිඅරන් තියනවා චන්දේ සාධාරණව තිබ්බා කියලා..

    අනේ සොරි මචන්..මට තේරුනේ නෑ.
    හරි හරි ෆොන්සේකා නඩුවක් දාල ගරු අදිකරණයේදී ප්‍රකාශ කරනවා මේ චන්දය සදාරනය් කියල..පිස්සෙක් නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    රාවණා;8277120 said:
    මචන් ෆොන්සේකා ඉල්ලලා නෑ චන්දේ අවලංගු කරන්න....
    ඉතින් කොහොමද චන්දේ අවලංගු කරන්නේ ... එයා පිළිඅරන් තියනවා චන්දේ සාධාරණව තිබ්බා කියලා..

    ෆොන්සෙකා ඉල්ලනෙ චන්දය ගනන් කරපු තැන්වල සිද්දවෙච්ච සිද්දි පිලිබදව පරික්ශනයක් කරන්න කියලා විතරයි
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම නම් හිතන්නේ මේ නඩුවෙන් අනිවාර්රෙන්ම එස්.එෆ්. දිනනවා.අයෙත් චන්දයක් තියන්න වෙනවා...
    ඔන්න බලපන් අදිකරණය මහින්දට කෙළවන හැටි..

    Neethipathi departhumenthuwa inne eyage yatathe. Mahinda naduwen dinanawa.
    Mun dan hina wechchaden macho. Thawa auruddakin wage balamuko ape rate un kanna nathuwa iddi mun redi adagena kade yaida kiyala.:dull::dull::dull:
     
    Feb 16, 2010
    265
    34
    0
    අනේ සොරි මචන්..මට තේරුනේ නෑ.
    හරි හරි ෆොන්සේකා නඩුවක් දාල ගරු අදිකරණයේදී ප්‍රකාශ කරනවා මේ චන්දය සදාරනය් කියල..පිස්සෙක් නේ

    මෙයා කියනවා චන්දේ අවලංගු නොකර ජනාධිපතිවරණෙන් දින්නේ එයා කියලා ප්‍රකාශ කරන්නලු.... :lol::lol::lol:
    චන්දේ අවලංගු කරන්න එප කියන්නේ ඒක සාධාරණ නිසානේ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol::lol::lol:
    මූ නඩුවක්වත් file කරනහැටි දන්නෙ නෑ:lol::lol: මහලොකුවට ජනාදිපතිකම ඉල්ලනවා:lol::lol:

    චන්දෙ අවලංගු කරන්නෙ නැතිව දිනුවෙ මම කියල කියන්නලු:lol::lol:
    මට තියෙන ප්‍රශ්නෙ පිස්සු තියෙන්නෙ මූටද මූගෙ lawyerටද කියල:lol:
     
    Last edited:

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    :lol::lol::lol::lol:
    මූ නඩුවක්වත් file කරනහැටි දන්නෙ නෑ:lol::lol: මහලොකුවට ජනාදිපතිකම ඉල්ලනවා:lol::lol:

    චන්දෙ අවලංගු කරන්නෙ නැතිව දිනුවෙ මම කියල කියන්නලු:lol::lol:
    නට තියෙන ප්‍රශ්නෙ පිස්සු තියෙන්නෙ මූටද මූගෙ lawyerටද කියල:lol:

    :lol::):lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Thawa auruddakin wage balamuko ape rate un kanna nathuwa iddi mun redi adagena kade yaida kiyala.:dull::dull::dull:

    බලමු තව අවුරුදු 3කින් විතර.. හම්බන්තොට වරාය, හම්බන්තොරair port eka, upper kothmale, southern highway, colombo-kandy highway, නොරොච්චෝලෙ, උමා ඔය.. etc.. මේව හැදුනහම බලමු
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    බලමු තව අවුරුදු 3කින් විතර.. හම්බන්තොට වරාය, හම්බන්තොරair port eka, upper kothmale, southern highway, colombo-kandy highway, නොරොච්චෝලෙ, උමා ඔය.. etc.. මේව හැදුනහම බලමු

    ewa hadila ena kota raja paulat hodata hadila tiyei.its all good business:):)
     
    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    බලමු තව අවුරුදු 3කින් විතර.. හම්බන්තොට වරාය, හම්බන්තොරair port eka, upper kothmale, southern highway, colombo-kandy highway, නොරොච්චෝලෙ, උමා ඔය.. etc.. මේව හැදුනහම බලමු

    ethakota UNP JVP kiyala paksayakwath nathi wenawa :)