ජනාධිපති ආරක්ෂක යතුරු පැදිය ළිස්සා එහි සි
වනාතමුල්ලේ සහස්පුර නිවාස ක්‍රමය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කළායින් පසුව අපි ආවේ ජනාධිපතිතුමාත් එක්ක, එතුමාගේ මෝටර් රථයට පිටුපසින් යන ඩිෆෙන්ඩර් රථයේ. සිද්ධිය වූ වෙලාව රාත්‍රී 8.30ට පමණ ඇති. ඒ වෙලාවේ වැස්සත් තිබුණා.
බන්ධනාගාර හන්දිය පසුකරනවාත් සමග අපේ පිටුපස්සෙන් ආ ජනාධිපති ආරක්ෂක මෝටර් සයිකලය ළිස්සලා ඒකේ සිටි දෙදෙනාම බිමට වැටුණා. අපි නැවැත්තුවේ නැහැ. එහෙමම ගියා.”
මෝටර් සයිකලයෙන් බිමට වැටී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළෙකු පිළිබඳව ඉකුත් 31 වැනි දින පැවැති මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වන එස්.ඩබ්. මුරමුදලි (28) මහතා එසේ කීය.
මෙම මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ පැවැත්විණි.මෙලෙස මියගියේ එප්පාවල යහලේගම පදිංචිව සිටි ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සෙබළෙකු වන නූරිගහ හීන්නේගෙදර දනුෂ්ක සමන්කුමාර නම්වූ 26 හැවිරිදි එක්දරු පියෙකි.
එහිදී මුරමුදලි මහතා මෙසේද කීය.
“මා දැනට සේවය කරන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ, ජනාධිපති ප්‍රභූ ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් වශයෙන් ඉකුත් 27 වැනි දින ජනාධිපතිතුමා අතින් බොරැල්ල වනාතමුල්ලේ සහස්පුර නිවාස ජනතා අයිතියට පැවරුණා. එම උත්සවය අවසන් වෙලා ජනාධිපතිවරයා සමග බේස්ලයින් මාවතෙන් අරලියගහ මන්දිරයට යන අවස්ථාවේ අපි හිටියේ ජනාධිපතිතුමාගේ මෝටර් රථයට පිටුපසින් යන ඩිෆෙන්ඩර් රථයේ. අපි පිටුපසින් ප්‍රභූ ආරක්ෂක මෝටර් සයිකලයක්ද ආවා. රාත්‍රී 8.30ට පමණ ඇති. ඒ වෙලාවේ වැස්සත් තිබුණා. බන්ධනාගාර හන්දිය පසුකරන විට එම මෝටර් සයිකලය ළිස්සලා කැරකි කැරකි විසිවුණා. ඒ වෙලාවේ ඒකේ සිටි දෙදෙනාම බිමට වැටුණා. අපේ වාහනය නැවැත්තුවේ නැහැ. අපි එහෙමම ගියා.”
මියගිය අයගේ අයියා වන එන්.එච්. නන්දන සමන්කුමාර (28)
“මා රක්ෂාව කරන්නේ ගුවන් හමුදාවේ. මියගියේ මගේ මල්ලී. ඔහු විවාහකයි. ඔහුගේ බිරිඳත් ඉන්නවා. ඔහු විවාහ වෙලා අවුරුදු 1 1/2ක් පමණ වෙනවා. ඔහුට මාස 1ක පුතෙක් ඉන්නවා. ඔහුගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. මල්ලි ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්රල් කෙනෙක්. සිද්ධිය වූ දවසේ රාත්‍රී 8.30ට පමණ ජනාධිපති සමග බොරැල්ල සහස්පුර නිවාස ක්‍රමයක් ජනතා අයිතියට පැවරීමේ උත්සවයකට ගිහින් තිබෙනවා. මල්ලි දැනට සේවය කරන්නේ ජනාධිපති ආරක්ෂක ස්කොඩ් එකේ.
ඒ උත්සවයෙන් පසුව එන විට බොරැල්ල බේස්ලයින් මාවතේ දෙමටගොඩ ඉඳන් බොරැල්ල හරියේ බන්ධනාගාර හන්දිය පසුවනවාත් එක්කම මල්ලියි තවත් එක්කෙනෙකුයි ආ මෝටර් සයිකලය බිමට වැටිලා තියෙනවා. අපට ආරංචි වුණේ පසුදා (28) උදේ 10.00ට පමණ. මෝටර් සයිකලය පෙරළිලා තියෙන්නේ මගේ මල්ලී එම මෝටර් සයිකලයේ පිටුපස ඉන්නකොටයි. ඊට පස්සෙ මගේ මල්ලිව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එදා ඉඳන් දිගටම ඔහු සිටියේ දැඩි සත්කාර ඒකකයේ. එදා සිටම මියයනතුරු ඔහු සිටියේ සිහිය නැතිවයි. (31) පාන්දර 2.00ට මල්ලි මියගියා.
රෝහලේ වෛද්‍ය ඩී.අයි.එල්. රත්නායක මහතාගේ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් අදාළ මෝටර් සයිකලයේ පැදිකරු උසාවියට ඉදිරිපත් කරන ලෙස මරණ පරීක්ෂකවරයා නියෝග කළේය. මෙහිදී බොරැල්ල පොලීසියේ කොස්තාපල් 85239 ලක්මාල් මහතා සාක්ෂි සටහන් මෙහෙය වීය.

එහෙම කියන්න එපා මචං රටේ ප්‍රසිඩෙන්ට් උනාම වෙලාවට වැඩට යන්න ඕනේනෙ උම්බලට තේරෙන්නෙ නැද්ද?