ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩ් ඝාතනය රජයේ කුමන්&#3501

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩ් ඝාතනය රජයේ කුමන්&#3501

    ඇමරිකානු රජයේ නිල ප්‍රකාශය වූයේ, ලී හාවි ඔස්වොල්ඩ් නැමැති "පිස්සා" විසින් JFK ඝාතනය සිදු කල බවය. එහෙත් එයට එරෙහිව ඇති සාක්ෂි එමටය.

    (මෙහි කරැණු දක්වා ඇත්තේ කෙටියෙන් බව සලකන්න. වැඩි දුරටත් සොයා බැලීමට අවශ්‍ය අයට හොදම මිතුරා වන්නේ Google ය.)

    t_1959.jpg

    ලී හාවී ඔස්වොල්ඩ්

    john-f-kennedy-jfk-600.jpg


    ජනාධිපති ජෝන්. එෆ්. කෙනඩි

    1525_jfk_assassination_ap_1160.jpg


    JFK ඝාතනයට මොහොතකට පෙර ඔහු තම බිරියද සමග ගමන් කල රථය (Motorcade)


    ලී හාවි ඔස්වොල්ඩ් JFK වෙත වෙඩ් නොතැබූ බවට ඇති සාක්ෂි.


    1. ඔස්වොල්ඩ් හට JFK ඝාතනය කිරීමට ඇති උමවනාවක් සොයාගත නොහැකි වීම.
    2. විවිධ ස්ථාන වලින් වෙඩි තැබීම් තුනක් සිදු වූ බවට සාක්ෂි ලැබීම (වෛද්‍ය සාක්ෂි පවා).
    3. ඔස්වොල්ඩ් සිටියා යැයි සැලකෙන පොත් ගබඩාවේ 6 වෙන තට්ටුවේ සිට, JFK ගේ රථයට වෙඩි තැබීම අමාරැ කාරියක් වීම.
    4. ඔස්වොල්ඩ් පුහුනු වෙඩිකරැවෙකු නොවීම.
    5. ඔස්වොල්ඩ් ගොඩනැගිල්ලෙහි 6 වෙනි තට්ටුවේ නොසිටි බවට සාක්ෂි ලැබීම.
    6. ඔස්වොල්ඩ් සම්බන්ධ කරැනු, JFK ඝාතනයෙන් පසු රජය විසින් වෙනස් වීම් වලට ලක් කිරීම.
    7. ඝාතනයට පෙර සිටම, ඔස්වොල්ඩ් ව ඝාතනය සම්බන්ධයෙන් වැරදි කරැ බවට පත් කිරීමට සැලසුම් කර තිබූ බවට සාක්ෂි හමුවීම.
    8. ඝාතනය සම්බන්ධයෙන් නියම ගවේශණයක් රජය මගින් නොකිරීම.
    9. ඔස්වොල්ඩ් කිසි විටක JFK පිලිබද වෛර මුඛයෙන් කථා කිරීම, සහ ඔහු JFK ගැන පෞද්ගිලක වශයෙන් සහ දේශපාලනික වශයෙන් ප්‍රශංසාත්මක වදනින් කථා කොට තිබීම.
    10. විඩියෝ දර්ශණ වලින් පෙනෙන පරිදි, වෙඩි තැබීමේදී JFK ගේ හිස ඇලවෙන්නේ පොත් ගබඩාව දිශාවට ප්‍රතිවිරැද්ධව නොවේ, එනම් පිටුපසටය. පොත් ගබඩාවේ සිට වෙඩි තැබවේ නම්, හිස ඇල විය යුත්තේ ඉදිරියටය.
    11. FBI සහ US හමුදාව ඔස්වොල්ඩ් වෙඩි තැබුවේ යැයි සැක කරන රයිෆලය පරීක්ෂා කර බලන විට ඔවුන් දුට්වේ, තත්පර 6 කදී නිවැරදි ටාර්ගටයකින් යතුව වෙඩි තැබීමට එයට හැකියාවක් නොමැති බවයි.
    12. ඔස්වොල්ඩ් 1950 ගනන් වලදී යුධ හමුදාවේ සුළු භටයෙකු ලෙස හමුදාව අතැර ගිය අතර, ඔහුට එවැනි නිවැරදි ඉලක්කයකට වෙඩි තැබීමේ හැකියාවක් ඇතැයි සිතිය නොහැක. මන්දයත්, හමුදාවේ වෙඩි තැබීම් ශූරයින්ට පවා ඔස්වොල්ඩ් කල දේ නැවත කල නොහැකි වූ හෙයිනි (පර්ශණය පිනිස).
    13. පොත් ගබඩාවේ සේවකයින් ගේ සාක්ෂි වලට අනුව, ඔස්වොල්ඩ් එවෙලෙහි සිටියේ ගොඩ නැගිල්ලේ පලවෙනි හෝ 4 වැනි තට්ටුවේය.
    14. Paraffin ටෙස්ටය මගින් ඔස්වොල්ඩ් ගේ සිරැර (ඔහු සිර භාරයට ගැනීමේදී කිසිවෙකු ඔහුට වෙඩි තබා මරා දමන ලදී) පරීක්ෂා කිරීමෙන් තහවුරැ වූයේ ඔස්වොල්ඩ්ගේ නිකට හෝ අත්, ඔහු රයිෆලයක් භාවිතා කල බවට සාක්ෂි නොසපයන බවයි.
    15. ඔස්වොල්ඩ් ගේ කම්මුලෙහි හෝ සිරැරෙහි වෙඩ් බෙහෙත් වැනි සාධක සොයැ නොගැනුනි.
    16. ඔස්වොල්ඩ් යනුවෙන් හැදින්වෙන මිනිසාගේ නම සබවින්ම ඔස්වොල් නොවන බව පෙනෙන්නට තිබේ. මන්දයත්, ලී හාවී ඔස්වොල්ඩ් නැමැත්තෙක් මෙක්සිකාවේ ජීවත් වූ අතර, ඔහු ක්‍යුබාව වීසා ඉල්ලුම් පත් අයදුම් කරමින් සිටියේය. CIA සංවිධානය සැක කරන්නේ ඔහුට රැසියානු KGB යට සම්බන්ධ වීමට අවශ්‍ය කර තිබුනා යැයි කියාය. මෙහෙයින්, ඇමරිකාවේහි සිටි "ඔස්වොල්ඩ්" නැමැත්තා, මෙක්සිකෝවෙහි සිටි ඔස්වොල්ඩ් බවට ඇමරිකානු රජය විසින් මිථ්‍යා අදහසක් පැතිරෑ බවටත්, රැසියාව ජනාධිපති කෙනඩි ගේ ඝාතනයට සම්බන්ධ බවට කටකථාවක් පැතිරවීමට උත්සාහ කල බවටත් අදහස් ඇත.
    17. ඇමරිකානු රජය ඝාතනය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකලේය. එය කලේ, ඔවන්ගේ ඉත්තන් වන FBI වැනි සංවිධානය වල වාර්ථා පරීක්ෂා කිරීම පමනය. FBI වැනි ඇමරිකානු සංවිධානද ඇස් ඉදිරිපිට ඇති සාක්ෂි අතැර දැමීම / වෙනස් කිරීම, ඔවුන් ගේ මතයට එකග නොවන සාක්ෂි කරැවන් නොසකලා හැරීම, වැදගත් සාක්ෂි සහිත ලිය කියවිලි Classify කිරීම හෙවත් ඒවා ජනතාවගෙන සැගවීම, සාධක වලින් කියවෙන සත්‍යයන් තිරස්චීන ලෙස නොසලකා හැරීම වැනි කාරියන් සදහා ශූර පිරිසක් බව ප්‍රසිද්ධ කරැණකි.
    18. ඔස්වොල්ඩ් ගේ වෙඩිල්ල JFK ට වැඩුදු ආකාරය ගැන රජය දක්වන පැහැදිලි කිරීම විසිළු සහගතය. එය ගූගල් කොට බලන්න. එය Magic Bullet නමින් හැදින්වෙයි.

    More @ http://paranormalzxzine.blogspot.com
     
    • Like
    Reactions: Welusumana

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    oke conspiracy theories godak thiyenawa :yes:
    JFK movie eka balanna sampuurnayenma wenama angle ekak pennanna. Patta documentary ekak :cool:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ලෙමන් පෆ් තියරියට අනුව මේක අනිවාර්යයෙන්ම අධිරාජ්යවාදී කුමන්ත්‍රණයක්...