ජනාධිපති මහින්ද රට ඉදිරියේ තඩි බොරුවක්
ජනාධිපති මහින්ද රට ඉදිරියේ තඩි බොරුවක් ඇද බෑමට සූදානම් වෙයි
Details Created on Saturday, 12 July 2014 02:45 Category: සාමාන්‍ය
සියලු තුරුම්පු වැරදී ගියහොත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පොරොන්දුව මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කොට විපක්ෂයේ සටන් පාඨය තමන් අතට ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ පොරොන්දුවක් දෙන්නේ ඉටු කිරීමට නොව චන්දය දිනා ගැනීමට පමණක් බව ජනාධිපතිවරයාම සඳහන්න කර තිබේ.
ජනාධිපතිවරණයෙන් නැවත පත් වූ වහාම පාර්ලිමේන්තුවේ කාලය දිගු කිරීමේ ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා අදහස කරන බවට මේ දිනවල තවත් බේගලයක් පතුරුවමින් තිබෙන්නේද අරලිය ගහ මන්දිරයේ පූර්ණ අනුග්‍රහය මත බවද වාර්තා වේ. ආණ්ඩුවේ කණ්ඩායම එකට තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම ජනමත විචාරණ බේගලය පතුරවමින් තිබේ.මේ ගැන සඳහන් දීර්ඝ ලිපියක් පසුගිය සතියේ ඉරිදා එක්තරා ජාතික පුවත් පතක පළ කර තිබුනේද ජනාධිපති මාධ්‍ය අංශයේ ඉල්ලීමක් පරිදිය.
විධායක ජනාධිපතික්රමය අහෝසි කර දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවෙන් සියලුම පක්ෂ පිළිගත් නව මැතිවරණ ක්‍රමය නීති ගත කිරීමට දැන් වුවත් ජනාධිපති වරයාට හැකියාවක් සහ ජනවරමක් තිබෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී හිටපු අධිකරණ ප්‍රධානියෙක් අප සමග පැවසීය. එසේ තිබියදී විධායකය අහෝසි කිරීමට තවත් ජනවරමක් ඉල්ලන්නේ දේශපාලන තක්කඩි කමක් කිරීමට බව හෙතෙම සඳහන් කළේය
"කියන දේ කරන - කරන දේ කියන නායකයා" යනුවෙන් සටන් පාඨයක්ද මේ වෙනුවෙන් නිර්මාණය කර තිබෙන බව වාර්තාවේ. "මම රට ත්‍රස්තවාදයෙන් බෙර ගන්නවා කිව්වා රට සංවර්ධනය කරනවා කිව්වා ඒ දෙකම කළා . ඒ වගේම ආණ්ඩුක්රමය වෙනස් කරන එකත් මම කරනවා" යනුවෙන් ඉතා සරල බසින් මේ බොරුව ජනයා අතරට ගෙන යා හැකි බව ජනාධිපතිවරයාට සමීප ඇමති වරයෙකු පවසා තිබේ. ඒ අනුව මේ බොරුව ගෙනයාම සඳහාද ප්රචාරක වැඩ සැලැස්මක් දැන් සැකසෙමින් තිබෙන බව වාර්තා වෙයි. විධායකය අවසන් කරන බවට දළදා මැදුරේදී හෝ ශ්‍රී මහා බෝධිය අභියසදී පොරොන්දුවක් දෙමින් ජනාධිපතිවරණය ඇරඹිය හැකි බව එම ඇමතිවරයා පවසා තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

Last edited:
කිහිප පොලකින් ජබුක් හඩවල්.....