ජනාධිපති විශේෂ ප්‍රකාශය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනපති කතාවට ගු කුක්කො අසතුටු උනා කියල අපිට ගැටලුවක් නැත.. ගු කුක්කන් සතුටු කිරිමට ජාතිය ඇමතුවේ නැත..
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    jQjtrWc.jpg

    Janadipathige kathawatath nirwachana onada dan? :lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පහුගිය අවුරුදු 5 හේම අපි ඇතිවෙන්න කතා ඇහුව. දැන් ඕන වැඩ විතරයි.

    ගෝට කියන විදියට මේ ආණ්ඩුව බලයට එනකොට අයවැයක් සම්මත වෙලා තිබුනෙ නෑ.
    ආණ්ඩුව දුවන්නෙ අතුරු සම්මත ගිණුමකින්. ඉස්පිරිතාලවල බෙහෙත් වගේ අත්‍යාවශ්‍ය දේවල් ගන්නවත් මුදල්
    අනුමත වෙලා තිබුනෙ නෑ. සුළුතර ආණ්ඩුවකට මේව පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න විපක්ෂයේ සහයෝගය
    නැතුව තනියෙන් බැහැ. චන්දෙට යන්න ඕන කියල ගෝට කියන හේතුව මේකයි. මේ වගේ වෙලාවක විපක්ෂය
    කරන්න ඕන ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය දෙන එක.

    මොනව උනත් ගෝට කොරෝන පැතිරෙන එකට පහු ගිය ආණ්ඩුව වගකියන්න ඕන කියල කොහෙවත් කිව්වෙත් නෑ.
    තියෙන සම්පත් වලින් ප්‍රයෝජනේ අරන් කරන්න පුළුවන් උපරිමේ කරන බව පේනව.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    පහුගිය අවුරුදු 5 හේම අපි ඇතිවෙන්න කතා ඇහුව. දැන් ඕන වැඩ විතරයි.

    ගෝට කියන විදියට මේ ආණ්ඩුව බලයට එනකොට අයවැයක් සම්මත වෙලා තිබුනෙ නෑ.
    ආණ්ඩුව දුවන්නෙ අතුරු සම්මත ගිණුමකින්. ඉස්පිරිතාලවල බෙහෙත් වගේ අත්‍යාවශ්‍ය දේවල් ගන්නවත් මුදල්
    අනුමත වෙලා තිබුනෙ නෑ. සුළුතර ආණ්ඩුවකට මේව පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න විපක්ෂයේ සහයෝගය
    නැතුව තනියෙන් බැහැ. චන්දෙට යන්න ඕන කියල ගෝට කියන හේතුව මේකයි. මේ වගේ වෙලාවක විපක්ෂය
    කරන්න ඕන ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය දෙන එක.

    මොනව උනත් ගෝට කොරෝන පැතිරෙන එකට පහු ගිය ආණ්ඩුව වගකියන්න ඕන කියල කොහෙවත් කිව්වෙත් නෑ.
    තියෙන සම්පත් වලින් ප්‍රයෝජනේ අරන් කරන්න පුළුවන් උපරිමේ කරන බව පේනව.

    චන්දෙකට යන්නෙ නැතුව විපක්ශෙ කැරියො ටික මේකට සහය දීලා භාරකාර ආන්ඩුවක් වගේ එකක් පත් කරගෙන මේක ටිකක් sort out වෙනකන් ඇදන් ගිහින් පස්සෙ මේ චන්ද මගුල තියන්න බැරිද බන්? :nerd::dull:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හෙනයා;25227069 said:
    චන්දෙකට යන්නෙ නැතුව විපක්ශෙ කැරියො ටික මේකට සහය දීලා භාරකාර ආන්ඩුවක් වගේ එකක් පත් කරගෙන මේක ටිකක් sort out වෙනකන් ඇදන් ගිහින් පස්සෙ මේ චන්ද මගුල තියන්න බැරිද බන්? :nerd::dull:

    මුන් සහාය දෙනවනම් පුළුවන්. දැන් ඔක්කොම කැඳ හැලියක් වෙලා තියෙන්නෙ. ඒත් විපක්ෂෙ
    පැත්තෙන් බැලුවොත් මේ ආණ්ඩුව ෆේල් කියල ඔප්පු කරන එක ඉස්සරහට එන ඉලෙක්ෂන් එකට
    සෑහෙන්න වාසියක්.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    Summary of speech..

    Parippu yi Samanu yi kaala Ayyata chande denna ethakota corona hoda karannam.
    Election eka nathuwa corona hoda karanna ba.
    2/3 nathuwa corona hoda karanna ba.
    Mama kiyana ewa podi ekekwath ganan gan na
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    තෙල් මිල වාසිය පරිපපු 65 සමන් 100 කල එකේ කිසිම වැරද්දක් නැහැ සල්ලි කාරයනට ප්‍රශ්නයක් නැති වුනටා දුප්පත් මිනිහාට ලෝක් ඩවුන් කලොත් ගොදක්ක්ම වටිනවා කොමහරි ජිවිතේ ගැට ගහන්න

    මේ වෙලාවේ තෙල් මිල අඩු නොකරාට කිසිම වරද්දක් දකින්නේ නැහැ ආණ්ඩුව තෙල් වලට වඩා ලොකු පාඩුවක් දවස ගානේ විදින්නේ

    හැබැයි ioc එකත් ලාබයක් ගන්නවානම් එක ලොකු ප්‍රශ්නයක්


    හැබැයි මම ලොකු වැරද්දක් විදියට දකින්නේ ගෝටා චන්දෙ නිසා හරි ප්‍රජාත්රන්තිකයි වගේ පෙන්නන්න බබා හුකුම් වෙන්න හදනවා ගෝටා මොකාද කියලා අපි ඔක්කොම දන්නාවා

    රෝයල් තොබි මිග් මැච් එක
    ශ්‍රී පාදේ ගැන කියපු කතා නම් පිළිගන්න බැහැ එහෙනම් අපි සිරා ම තියාගන්නවා හදිසි නිට්ඝිය හරි ගෙනල්ලා හිත්ගුවක්කාර කමට වැඩ කරන වුන්ට සොට් එක දෙන්න ඕනේ

    අනික 3/2 ඉල්ලන එක ත්රුම් ගන්න පුළුවන් හැබැයි මේ වෙලාව් ඉල්ලනා එක වැරදියි

    ගෝටා කතා කරන විරුවා නෙමේ වැඩ කරන විරුවා කියලා තාම හිතාගෙන ඉන්නේ බලමු ඉස්ස්රාට

    ජෙපි unp දේශපාලන ගණිකාවෝ ගැන නම් අදාලම නැහැ
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අන්න හරි. හැමොගෙම ඔලුවට ගියේ ඕක තමා. ගෝඨා ට කොරෝනාට වඩා ඔලුවේ තියෙන්නෙ 2/3 ගැන. කෙලෞනත් කමක් නෑ

    SAARC සමුලුවෙත් ඕක පෙනුනා. අනිත් ජනාදිපති වරු කොරෝනා ගැන කියවද්දි මෙයා ඡන්දේ ගැන කියව්වා

    :yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    තුනෙන් දෙක ඉල්ලුවා
    කොරෝනා මැඩලීමට පරිප්පු සහ සැමන් මිල අඩුකලා
    සැමනුයි පරිප්පුයි මිලේ ප්‍රශ්නයක් තිබිලා තියෙන්නේ ෆ්‍රෙන්ස්
    "...දේශපාලනික අපරිනිතභාවය ..."

     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    https://www.facebook.com/sonala.gunawardana/posts/10156885192875846


    තමන්ට ඕනේ ටික ඈහුනේ නෑ කියලා අඩන්න එපා. ජනාධිපති කියන්න ඕනේ ටික කිව්වා. වද ගෑණු වගේ වෑලපෙන්නේ නෑතිව දෙන උපදෙස් අනුව වෑඩ කරලා මේ ප්‍රශ්නෙන් ගෑලවෙමු.



    ජනපති කළ සම්පූර්ණ කතාව
    =================

    🔹අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.
    🔹මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වී නොතිබුනත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයට මුහුණ දීම සඳහා අපි ජනවාරි මස 26 වනදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කළා.
    🔹ජනවාරි මස 27 වනදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනාගනු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර කළා. ඇය පෙබරවාරි 19 වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.
    🔹විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපලේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කල නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුල දින 14ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14 දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොලෙන් ලංකාවට පැමිණෙනන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුණා.
    🔹වෛරසය ආසාදිත චීන කාන්තාව හඳුනාගැනිමෙන් පසු මාසයක් පමණ කාලයක් තුල අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ අවදානම පැතිරුන නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10 දායි. මේ අනුව කන්දකාඩු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුනා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගීන් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුනා.
    🔹මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමුවන ශ්‍රී ලාංකිකයා වාර්තා වුනා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
    🔹මාර්තු 13 දා සිට මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුනා. මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව ,කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.
    🔹අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.
    🔹වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිලිපැදීමත් මත මේ ප්‍රශ්ණය සම්පුර්ණයෙන් පාලනය කරන්නට අපට පුලුවන්.
    🔹රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.
    🔹රටේ සමහර පලාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පලාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පලාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පලාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු වෙලාවට මිළදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එලවළු අඛණ්ඩව වෙළඳ පොලට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කල යුතුයි
    🔹රාජ්‍ය නිලධාරීන් රාජකාරි වල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි. බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුනේ නැහැ. පොහොර සඳහා , බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුනේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුලුවන් කමක් තිබුනේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුල අනුමත කරගන්නට බැහැ.
    🔹ඒ නිසා තමයි මට ලැබුණු පලමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කලා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත් අපට හැකි වුනේ ඒ නිසායි.
    🔹නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි. ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා
    🔹මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකල යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුල අනිසි බියක් ඇති නොකල යුතුයි.
    🔹අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.
    🔹අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝග වලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.
    🔹මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා සහල් සැපයුම දැනටමත් සථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා.
    🔺සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණිමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදි ලබා දීමට ක්‍රියා කරනවා.
    🔹රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.
    ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    erozan නම් තාම TV එකට වැඳගෙනලු:lol::lol:

    :lol::lol::lol:

    හැබැයි විමල් අනිත් පැත්තට ගියොත් සජියට හරි රනිලට හරි වැඳගෙන ඉඳී :lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    හැබැයි මම ලොකු වැරද්දක් විදියට දකින්නේ ගෝටා චන්දෙ නිසා හරි ප්‍රජාත්රන්තිකයි වගේ පෙන්නන්න බබා හුකුම් වෙන්න හදනවා ගෝටා මොකාද කියලා අපි ඔක්කොම දන්නාවා


    මමත් හිතාගෙන හිටියෙ එහෙමයි. දැන් වයස නිසා පවු කරන්න බය ඇති. නැත්නම් චන්දෙ ලඟ නිසා බබා වගේ ඉන්නව ඇති.

    මේ වගේ ‌වෙලාවට තීරණ ගන්නැති එකෙක්ගෙන් වැඩකුත් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ගෝටා මොකාද කියලා අපි ඔක්කොම දන්නාවා
    මේ ටික කියවනකොට හිතට ආපු ගෙම්මට ඇඟේ මයිල් කෙලින් උනා බන්. ඉන්දියාවට ගහන්නෙ රුසියාවෙන් බඩු ගෙන්නලද? කොරෝනා පස්නෙ අඩු වෙනකම් ටිකක් ඉවසලා ඉමු නේද?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ ටික කියවනකොට හිතට ආපු ගෙම්මට ඇඟේ මයිල් කෙලින් උනා බන්. ඉන්දියාවට ගහන්නෙ රුසියාවෙන් බඩු ගෙන්නලද? කොරෝනා පස්නෙ අඩු වෙනකම් ටිකක් ඉවසලා ඉමු නේද?

    උබට රිප්ලයි කරන එක අපරාදේ :(:(