ජනාධිපති_මෛත්‍රී_අතුරුදන් !
අද (06) උදෑසන 7.00 වන විට සිය දියණිය වන චතුරිකා සිරිසේනට අයත් හෝටලයක කොටේජ් සමූහයක් විවෘත කිරීම සඳහා පොලොන්නරුවට ගොස් ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව දහවල් කොළඹ පැමිණ ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ විවාහයේ සාක්ෂි අත්සන් කිරීම සඳහාය.
විවාහයේ සාක්ෂි අත්සන් කිරීමෙන් අනතුරුව මහනුවර බලා පිටත් වී ඇති ජනාධිපතිවරයා මේ වන විට කිසිවෙකුටත් සොයා ගත නොහැකි ආකාරයට අතුරුදන් වී තිබේ. හිටපු ජනාධිපතිවරිය හා අගමැතිවරයාත් කීප වතාවක් ජංගම දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ල ව්‍යවර්ථ වී තිබේ. ඔහුගේ ආරක්ෂක අංශයෙන් පවා විමසුවද ජනාධිපතිවරයා පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබාදීමට ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා ඊයේ රාත්‍රීයේ පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා ඔහුගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගන්නා බවයි. ඒ පිළිබඳව තත්වය විමසීම සඳහා හිටපු ජනාධිපතිනිය හා අගමැතිවරයා අවස්ථාවන් කීපයකදී ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද මේ දක්වා ජනාධිපතිවරයා සිටිනා තැනක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
නාම යෝජනා පිළිබඳව තීරණ ගැනීම සඳහා පක්ෂයේ ජේෂ්ඨයින් මේ වන විට ජනාධිපතිවරයා සොයමින් සිටී. කිසියම් කරුණක් නිසා ජනාධිපතිවරයා තමන් සිටිනා තැන පිළිබඳව කිසිවෙකුටත් නොදන්වා දුරකතනය විසන්දි කොට නිහඬව සිටී.

athal