ජපන් එනවනම්

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඒ අතින් නම් සුපිරි බං... කිසිම සද්දයක් නෑ කොහෙවත්... රෙස්ටුරන්ට් එකකට ගියත් සද්ද බද්ද නෑ... වැඩ නම් වැඩ.. කෑම නම් කෑම... :cool:

    හැබැයි එපා වෙනවා බන්, මට දවසෙන් බාගයක් විතර මෙලෝ වැඩක් නෑ.. නිකන් ඉන්නේ. එක්කෝ කිරියේ නැත්තම් බුකියේ..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    අල මල්ලි;19950478 said:
    උඹලගේ ඔන්න ඔය මානසිකත්වය නිසා තමයි බන් ලංකාව රටක් විදියට දියුණුවෙන්නේ නැත්තේ. මොකාට හෙන ගහල ගියත් කමක් නෑ, උඹලට හරියනවනම්.

    ඔය වගේ කුහක මානසිකත්වයෙන් රට ආපු වැඩි දෙනෙක් ලංකාවේ නම කාලා දාල තියෙන්නේ. මොන ජරා වැඩේ හරි කරලා සල්ලි හොයන මිනිස්සු මානුෂීය ගතිගුණ අතින් පිරිහෙනවා.

    ඉස්සර ජපානේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ නමක් තිබුන. උගත් මිනිස්සු ඇවිල්ල මෙහෙ හොඳ නමක් තියාගෙන් හිටිය. දැන් අවුරුදු කීපයක ඉඳන් මෙහෙට ආපු වැඩි දෙනෙක් ඔන්න ඔය උඹ කියල තියන මානසිකත්වයෙන් ඇවිල්ලා රටේ නම කාලා තියෙන්නේ.

    හොඳින් හරි නරකින් හරි සල්ලි හොයන්න ඕනේ නෑ ඉගෙනගන්න තියන කාලේ හරියට ඉගෙනගන්නවානම්. වැදගත් විදියට ජොබ් විසා එකක් අරන් සල්ලි හොයන්න පුළුවන්. ලංකාවේ තියන නිදහස් අද්‍යාපනය නිසාද කොහෙද මිනිස්සුන්ට ඒකෙ වැදගත්කමක් නෑ. දැන් ලංකාවේ උන් වැඩිදෙනෙක් ඉස්කෝලේ යන්නේ යන්න ඕනවට මිසක් තමන්ගේ ඉදිරි අනාගතය ගැන හිතල නෙවෙයි. අන්තිමට කෙල උනාම ඔලුවට එන අදහස් තමයි ඔය ස්ටුඩන්ට් විසා දාල රට යන එක.
    එහෙම ගිහිල්ල විධිමත් විදියට රට යන මිනිස්සුන්ට තියන ගෞරවයත් නැති කරනවා..

    දැන් ජපානෙට ස්ටුඩන්ට් එන අයට ෆෝන් එකක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න අමාරුයි. ෆෝන් කොම්පැනි වලින් දෙන්නේ නෑ. ඒ තරමට උන්ට පොලු තියලා. ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න බෑ. ඒවටත් පොලු තියල. ඉතින් හරිහමන් අරමුණක් ඇතුව වැදගත් විදියට එන මිනිස්සු පුදුම අපහසුතාවයකට ලක්වෙනවා.

    උඹලට මේවා කියල වැඩක් නෑ. අන්තිමට අපේ රටේ මිනිස්සුන්ට වෙන්නෙත් දැන් ඉන්දියාවේ මිනිස්සුන්ට වෙන වැඩේම තමයි.

    :yes::yes::yes:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කොල 40ක් 50 ලැබෙන්නෙ ඔටි එක්ක නැතුව කෙන්සුසෙ අැවිත් ඉන්න උන්ට කොල 16යි
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඉතින් අැතිනෙ බං යකු වෙල්ඩින් කියන්නෙ දවසම කොන්ද නමාගෙන කොල 40න් 20ක් විතර කෑමට යන්න එන්න ....වියදම් උනාම ඉතුරැවක් නෑ උබ ඩිග්රි එක කරලද ඔපිස් එකක් සෙට් කර ගත්තෙ අපේ අයියලා 3ක් ඉන්නවා එකෙක් අවු 15ක්..
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    වෙන මොනාටද බං හොදම පඩි තියෙන්නෙ දන්න උන් එ ගැන කියලා හොද වැඩ්ඩෙ ටිකක් ජපානෙට යවමු තැන් තැන් වල බයිතෝ ගහ ගහ ඉන්න නැතිව
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඉතින් අැතිනෙ බං යකු වෙල්ඩින් කියන්නෙ දවසම කොන්ද නමාගෙන කොල 40න් 20ක් විතර කෑමට යන්න එන්න ....වියදම් උනාම ඉතුරැවක් නෑ උබ ඩිග්රි එක කරලද ඔපිස් එකක් සෙට් කර ගත්තෙ අපේ අයියලා 3ක් ඉන්නවා එකෙක් අවු 15ක්..

    කොල 20ක් විතර කොහෙද බන් කන්න බොන්න වියදම් වෙන්නේ? මට ඔක්කොටම මාසෙටම කොල 4ක් විතරනේ යන්නේ.

    ඔව් බන්, ඩිග්රි 2ක් තියනවා.....මෙහේ සාමාන්‍යයෙන් ෆීල්ඩ් 2ක සුදුසුකම් ඉල්ලනවා.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කන්න බොන්න /නවතින්න/ගමන් වියදම්/බෙහෙත්/ටැක්ස්/බඩු...