aththa, apeth ammala nadayonge gewal walata auruddata yaddi cake biscuits aran yanne na, thama geniyanne hal malu, pol wage dewalතාම ඔය ගතිය ගම්වල මිනිස්සුන්ගේ ආරක්ෂාවෙලා තියනවා මචං. අර සිංදුවේ කියනවා වගේ තමයි. ඒ මිනිස්සුන්ට ගමටම බත් දෙන්න පුලුවන් කුඹුරු තිබුනා. හිතන්න මනසේ නිදහස තිබුනා. විවේකයක් තිබුනා. ඒත් දැන් බහුතරයක් මැෂින්. විවේකයක් නෑ. තියන ටිකත් විහින් නැති කර ගන්නවා. කුනුකන්දල් වලින් මනස පිරිලා ඒක නිදහස් නෑ. සොච්චං පඩියෙන් යමක් අරං ජීවත් වෙනවා. ඉතිං එකිනෙකාට උදව් කරගන ඉන්න සමාජය ක්රමයෙන් නැති වෙලා යනවා.
මම ඉන්නේ අර්ධනාගරික ගමක. තාමත මේකේ ගමක ලක්ෂන යම් තරමකට තියනවා. අපේ තාත්තලා තාමත් ගේ ඇතුලේ මේසෙට වෙලා කෑම කන්නෙ නෑ. එලියේ ඉස්තෝප්පුවේ තියන පුටුවේ ඉදගන කෑම කන්නේ. ගේට්ටුව රෑවෙනකල්ම ඇරලා තියන්නේ. කෑම වෙලාවකට කව්රුහරි ආවොත් කෑම දෙන්න තාමත් ගෙදර බත් ඉදෙනවා. කව්රුවත් අවෙ නැත්තං අපේ ගෙදර ඉන්න අයට රෑට කන්න ඒ බත් ටික ඇති. උඹ කිව්වා වගේ ඔය ගතිගුණ තාත්තලට ඇවිල්ලා තියන්නේ සීයලගෙන්, ඒ උඹගේ, මගේ වගේම මේකේ ඉන්න බහුතරයකගේ සීයලා ඔය තත්වේ මිනිස්සු කියලා මට විස්වාසයි. එයාලා පොෂ් නෑ. ගමේම මිනිස්සුටික එකතු කරගන කුඹුරුවගා කරපු මිනිස්සු.
අපේ පරම්පරාවේ හෝ අනාගත පරම්පරාවේ මිනිස්සු මෙහෙම යන්ත්ර වෙනවට දොස් කියන්න බෑ. හේතුව අපේ කාලේ අයට බත් කන්න වෙලා තියන්නේ මාසේ වියදම බැලන්ස් කරගන. ඉතිං උං ලෝභයි.අපේ පැත්තෙ නම් තවම ගහේ කොස්ගෙඩියක් පැහුනම, වත්තේ කෙහෙල් කැනක් ඉදුනම අහලපහල ගෙවල් ඔක්කොටම බෙදලා කනවා. ඒත් බං ඒවා තව කොයි කාලයක් පවතීද දන්නෙ නෑ. මේ සමාජයේ වෙනස්වීම ගැන මට කළකිරීමක් නෑ. නමුත් අපේ රටේ මේ තත්වය ටිකක් හරි සුභදායක කරොත් අනාගතයේ මිනිස්සුන්ට ඒක හොදක්ම වෙයි. නැත්තන් මේ දැන් ඉතුරු වෙලා තියන මනුස්ස කම්ටිකත් මෙහෙමම ටික ටික දිය වෙලා යයි.
dan minissu gewal cover karanne crisco tin walin ban, me thiyena system ekath ekka ita wada deyak karanna ba, apitath okama thamai wenne, kochchara salli hamba karath ape achchila seeyala karapu dewal apita karanna ba, practical na, achchila seeyala job kareth nane ban, e unata hitiye kohomada, mathak weddith asai.
අපේ පැත්තෙ නම් තවම ගහේ කොස්ගෙඩියක් පැහුනම, වත්තේ කෙහෙල් කැනක් ඉදුනම අහලපහල ගෙවල් ඔක්කොටම බෙදලා කනවා. ඒත් බං ඒවා තව කොයි කාලයක් පවතීද දන්නෙ නෑ. මේ සමාජයේ වෙනස්වීම ගැන මට කළකිරීමක් නෑ. නමුත් අපේ රටේ මේ තත්වය ටිකක් හරි සුභදායක කරොත් අනාගතයේ මිනිස්සුන්ට ඒක හොදක්ම වෙයි. නැත්තන් මේ දැන් ඉතුරු වෙලා තියන මනුස්ස කම්ටිකත් මෙහෙමම ටික ටික දිය වෙලා යයි.




