"මේකටම අදාළ තව අතුරු කතාවක් තියෙනවා. මගේ නම් පුද්ගලික අදහස ලංකාවේ තියෙන පාරවල්වල හැටියට 250cc හොඳටම ඇති. (ඕනෑවටත් වඩා වැඩියි.) 160ට 180ට මීටරේ තිබුනට 60ට වඩා යන්න හරි හමන් පාරක් වත් නෑ නේ. 250යක 1st එකේ ඉඳල 2nd එකට දානකොටම speed එක 60 ට වැඩියි. එක හින්ද කොහොමටවත් ලංකාවට high capacity බයික් අනවශ්‍යයි. සමහරු කියනවා බයික් වලට highway පදින්න දෙන්නලු. හම්මියෝ……. නෝමල් පාරේ මෙහෙම නම් highway යන්න දුන්නොත්...... සදා සොත්ති තමයි.
"
ලංකාවේ බයිසිකල් පදින අයගේ විනය අඩුකම, සහ නීතිගරුක නොමැති වීම, වගකීමක් නොමැතිව රථ ධාවනය වගේ කාරණා නිසා අනතුරු වැඩි වී තිබෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් යන්න පාරවල් නැති නිසා වැඩි ධාරිතාවෙන් යුතු යතුරු පැදි අවශ්‍ය නැහැ කියන එක සාදාරන හා සත්‍ය මතයක් කියල මම විශ්වාස කරන්නේ නැහැ යාළුවා.
මාලදිවයිනෙත් 1000 CC සහ ඊට වැඩි මෝටර් සයිකල් තිබෙනවා. ඔවුනට අපට තරම්වත් මාර්ග පද්දතියක් නැහැ. ඔබ කියන ආකාරයට සීමා පැනවිය යුතු නම් මෝටර් කාර් සහ ජීප් වලටත් සීමා පැනවිය යුතුයි. එහෙම නැහැ නේද මිත්‍රයා?
මා දන්නා අයුරින් ලෝකයේම මෙවැනි නීතියක් තිබෙන එකම රට අපේ ලංකාව පමණයි. එය ඉතාම යල් පැනගිය නීතියක්. වාහනයක එන්ජිම් ධාරිතාවෙන් ම පමණක් එහි වේගය නීර්ණය කරන්න බැහැ. ආරක්ෂක අංශ වලට අවශ්‍ය පහසුවෙන් හැසිරවිය හැකි යතුරු පැදියක්. එකයි ශ්‍රී ලංකා හමුදාවේ ක්ෂණික විහිදුම් බලකායන්ට ට්‍රේල් වර්ගයේ යතුරු පැදි ලබා දී තිබුනේ.
ශ්‍රී ලංකා පොලිසිය ඉතිහාසය පුරාම යම් වාහනයක් හඹා ගොස් අපරාධ නැවත්වූ අවස්ථා අඩුයි. මාර්ග බාදක හා වෙනත් ක්‍රම මගින් තමයි වේගයෙන් ගමන් කරන වාහන නවත්වා තිබුනේ.