බයික් එකක් ගන්න ඕන කොල්ලනි.
Ct100 එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ. ගොඩක් දුරට 2nd hand එකක් තමයි. මොනවද බලන්න ඕන දේවල්. මම කලින් බයික් අරගෙන නැහැ. අවුරුදු 5 ක් වත් අවුලක් නැතුව පදින්න නම් මයිලේජ් එක කොච්චරක් තියෙන මොන අවුරුද්දේ වගේ ඒවද හොද?
2015 න් පස්සේ එකක් බලන්න CT 100 / platina දෙකම හොදයි. මයිලේජ් එක බලන්න මම මගේ බයික් එක ගද්දි 45000ක් දුවලා තිබ්බේ. දැන් 120000යි. දැන් නම් රොඩ් එකේ සද්දේ ලාවට එනවා. ඔයිල් නම් පිච්චෙන්නේ නෑ. මම ගත්තට පස්සේ කෑන් ඔයිල් විතරයි දැම්මේ Mobil එක. කිලෝමීටර් 3500න් අනිඅවර්යෙන් මාරු කලා. මම ගත්තත් හරි කේබල් සෙට් 2පාරක් විතරක් මාරුකලා, බැට්‍රියක් දැම්මා, එයාර්ක්ලීනර් 1ක දෙපාරක් මාරු කලා. චේන් ස්පොකට් එකපාරක් දැම්මා ඒකත් මේ ලගදි, කප් සෙට් එක මාරු කලා, ආය දෙපාරක් පිටිපස්සේ රෝදේ බුෂ් සෙට් එක දැම්මා. බ්රේක් ලයිනර් දැම්මා එච්චරයි. 2021 ගත්තේ දවසට කිලෝමීටර් 50-100 අතරේ අඅනිවා පදිනවා
- හොදට දන්න කෙනෙක් එකරගෙන යන්න බයික් එක බලන්න යද්දි.
- ඔයිල් ලීක් වෙනවද කියලා බලන්න
- ටයිමින් චේන් සද්දේ, ට්‍රැපට් සද්දේ, රොඩ් එකේ සද්දේ බලන්න
- ටැංකිය දිරලද බලන්න ගොඩක් බයික් වල දිරලා තියෙන්නේ
- සයිලන්සර් එක ඇතුලට ඇගිල්ල පොඩ්ඩක් දාලා බලපන් ඔයිල් පිච්චෙනවා නම් අතේ ගෑවෙනවා.
- බයික් එක පොඩ්ඩක් රේස් කරලා බලන්න දුම යන්නේ කොහොමද කියලා.