මොන පික්සුද බං? උඹල අපි ඔහොම හිතුවට වෘත්තිකයෝ උපරිම යයි සීයට 25ක් විතර! අනික් සීයට 75ම ඉන්නේ මෙහෙ! උන්ට තමන්ගේ දරුවෝ පිටරට යවාගන්න ඕනෙකම තිබුනට උන් ගොඩක් දුරට පිටරටක එස්ටබ්ලිෂ් වෙන්නේ නැහැ! හේතුව ගොඩක් කමිට්මන්ට් තියෙන්නේ මේ රටේ නිසා! අම්ම තාත්තා, සමාජ තත්වය, ගෙවල් දොරවල්, (උද්ධමනය වැඩි වුනත්) අනික් රටවලට සාපේක්ෂව අඩු ජීවන වියදම, ලේබර් ලෝස් සුබසාධනයට හිතවාදී වීම වගේ ඒවා ගන්න පුළුවන්!
අනික හදිස්සිම ලෙඩක් දුකක් හැදුනොත් ලංකාවේ රජයේ ඉස්පිරිතාලවල ප්‍රමුඛත්වයක් හම්බ වෙනවනේ මෙඩිකල් ස්ටාෆ් එකට! නොමිලේ ප්‍රතිකාර ගන්න පුළුවන්! ගොඩ දෙනෙකුට සල්ලි හදිස්සිම වෙන්නේ ඔය වගේ වෙලාවටනේ! ඉස්කෝල ගුරාල ගැන කිව්වොත් උන්ට තියෙන නිවාඩු ගැන කියන්න ඕනේ නැහැනේ! අනික දියුණු රටවල තරම් අධීක්ෂණයක් නැති නිසා මෙහෙ ජාම බේරාගෙන ඉන්න බලනවා ගොඩ දෙනෙක්!