ජපාන ජාතිකයන්ගේ පැවැත්ම බරපතළ ඛේදවාචකයක

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,283
    8,424
    113
    ජපාන ජාතිකයන්ගේ පැවැත්ම බරපතළ ඛේදවාචකයක


    ජපානයේ වාර්ෂික ජනගහන සමීක්ෂණයට අනුව 2024 වසරේ දී එරට උපත්වලට වඩා මිලියනයකට ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    එරට සංගණන ක්‍රියාවලිය ආරම්භ කළ 1968 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්ෂික ජනගහනය හැකිලීමේ පහළම අගය මෙය ලෙස සැලකෙයි.

    දරු උපත් වැඩිකර ගැනීම සඳහා ජපාන කාන්තාවන් උනන්දු කරවීමේ වැඩසටහන් මාලාවක් එරට තුළ කලක සිට දියත්කර තිබියදීත් මෙලෙස උපත් අනුපාත පහළගොස් ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

    ජපාන අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2024 දී සැබෑ ජපන් ජාතිකයන්ගේ උපත් සංඛ්‍යාව ලක්ෂ 9කින් (908,574) පමණ අඩුවී ඇත.

    එම වසරේ දී ජපාන ජනගහනයෙන් මිලියන 1.6ක පිරිසක් මියගොස් ඇති අතර, ඊට සාපේක්ෂව උපත් සිදුව ඇත්තේ 686,061ක්ය.

    ඒ අනුව ජපානයේ සැබෑ ජපන් වැසියන් දාව උපත ලබන සෑම ළදරුවෙකුටම සාපේක්ෂව දෙදෙනෙකු මියගොස් ඇත.

    මේ අතර මෙලෙස ජපානයේ දේශීය ජනතාවගේ ජනගහනය පහත වැටී ඇත්තේ අඛණ්ඩ 16 වන වසරට බව සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

    කෙසේ වෙතත් මෙම වසරේ ජනවාරි 1 වනදා වනවිට ජපානයේ සිටින විදේශීය පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 3.6ක් දක්වා වාර්තාගත ඉහළම අගයකට ළඟා වී තිබේ.

    ඔවුන් මේ වනවිට ජපාන ජනගහනයෙන් 3%කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරයි.

    2023 වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ජපාන සමස්ත ජනගහනයෙන් ජපන් මව් ජාතිය 0.44%කින් අඩු වී ඇත.

    එමෙන්ම ජපාන ජනගහනයෙන් 30%ක් වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටි පුද්ගලයින් සිටින අතර, එය ලෝක බැංකු දත්ත අනුව මොනකෝ රාජ්‍යයෙන් පසු ලොව දෙවන ඉහළම වයස්ගත ජනගහන අනුපාතය වේ.

    මේ වනවිට ජපාන සමස්ත ජනගහනය මිලියන 124.3ක් ලෙස දැක්වේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    Japan kello lami ange gahan inna un nemei. ude idan ra wenakan awidinawa 🤔
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මොකක්ද බන් සැබෑ ජපන් ගගා හැමතැනම ලියලා තියෙන්නෙ? බයි රේශල් අය නොසලකා හැරලද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,618
    22,762
    113
    අම්බකිස්ස
    දැන් නන් උන්ට බේරගන්න බැරි තරමට කෙල වෙලා තියෙන්නේ, කොරියාවටත් එහෙමයි. 2070 දිද කොහෙද උන්ට ආමි එකටත සෙනග මදි වෙනවා කියලා වීඩියෝ එකක තිබ්බා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,333
    8,328
    113
    Galaha
    මම දැක්ක ජපානේ කොහෙද නගරයක අවුරුදු 25කින් ළමයෙක් ලැබිල තියෙන්නෙ කියලා. උන් එක සෙලිබ්‍රේට් කරලත් තිබ්බා.