ජපාන ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයෙන් බිඳක&

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ජපාන ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයෙන් බිඳක&

    ජපාන ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයෙන් බිඳක්


    ජපාන මුහුදු භූමිකම්පාව නිසා ඇති වූ සුනාමි තත්ත්වය නිසාවෙන් අතුරට පත්ව ඇති ජපාන ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරය ලොව ඇති විශාලම න්‍යෂ්ඨික බලාගාර 25 න් එකකි. මෙම න්‍යෂ්ඨික බලාගාරය ටෝකියෝ විදුල බල මණ්ඩලය (Tepco) විසින් පාලනය කරන්නකි. මෙම න්‍යස්ඨික බලාගාරය ටෝකියෝ නුවර සිට කිලෝමිටර 200 ක පමණ දුරින් පිහිටි ඔකුමා (Okuma) පළාතේ ෆුකුෂිමා ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම න්‍යෂ්ඨික බලාගාරය එකිනෙකින් වෙන්වු එකක 6 කින්, එනම් න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක (reactor) සයකින් සැඳුම් ලත් වන අතර මෙම සියළුම එකක වල විදුලි නිෂ්පාදන ධාරීතාව ගිගා වොට් 4.7 කි. (4.7 GW). මෙම ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ සිට කිලෝමිටර 11 ක පමණ දුරින් තවත් න්‍යෂ්ඨික බලාගාරයක් පිහිටා ඇති අතර එය ෆුකුෂිමා අංක දෙක න්‍යෂ්ඨික බලාගාරය ලෙස හඳුන්වනු ලබයි. පෙරදා දින භූමිකම්පාව සිදු වූ මොහොත වන විට මෙම න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක 6 න් 3 ක් ක්‍රියා කාරිත්වයේ පැවත ඇති අතර අනෙකුත් ඒකක තුන නඩත්තු කටයුතු සඳහා වසා දමා තිබි ඇත. භූමිකම්පාව නිසාවෙන් මෙම ක්‍රියාකාරීත්වයේහි පැවැති ප්‍රතික්‍රියාකාරක 3 හි ද ක්‍රියාකාරිත්වය ස්වංක්‍රීයව ක්‍රියා විරහිත වූ බව සඳහන් විය. එහෙත් එය එසේ නොවන බව දැන් පෙනී යයි.
    මෙම න්‍යෂ්ඨික බලාගාරය ජල වාෂ්පීකරණ ප්‍රතික්‍රියාකාරක (Boiling water reactor) පද්ධතියකින් සැදුම් ලත් වේ. මෙම බලාගාරයේ සැළසුම වර්ෂ 1950 දි ඇමෙරිකාවෙහි සැළසුම් කර ඇති අතර වර්ෂ 1966 දි ජපානයේ ෆුකුෂීමා ප්‍රදේශයේදී එම සැළසුමට අනුව මෙම න්‍යෂ්ඨික බලාගාරය එහි ඉඳි ඉඳිකර ඇත. බලාගාරය ඉඳිකිරිමෙන් පසුව 1971 වර්ෂයේදී සිට මෙම බලාගාරය බලශක්ති නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබයි.

    ජල වාෂ්පීකරණ ප්‍රතික්‍රියාකාරක න්‍යෂ්ඨික බලාගාරයක ප්‍රතික්‍රියාකාරක පද්ධතිය සිසිල්ව තබා ගැනීම සඳහා ඛනිජ හරණය කරල ලද ජලය භාවිතා කරයි. න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවේදී අධික ලෙස රත්වීමට ලක්වන ප්‍රතික්‍රියාකාරක පද්ධතියේ උෂ්ණත්වය ඛනිජ හරණය කරල ලද ජලය මඟින් උරා ගැනීමට සලස්වා එමඟින් එම පද්ධතිය සිසිල් වීමට සලස්වයි. මෙසේ ප්‍රතික්‍රියාකාරක පද්ධතිය සිසිල් කිරීමේ දී අධික ලෙස රත්වන ජලය වාෂ්ප වීම මඟින් ටර්බයින් ක්‍රියා කිරීමට සලස්වා එම වාෂ්පීය ජලය නැවත ඝණී භවනය වීමේදී පෙර ලෙසම සිසිල් කිරීමේ ක්‍රියාවලියට ද එක් කරගනු ලබයි. මෙම ක්‍රියාවලිය නිසි පරිදි සිදු වීමට නම් සිසිල් ජලය නොනවත්වා ප්‍රතික්‍රියාකාරක පද්ධතිය වෙත ලබා දිය යුතු වේ. එසේ නොවි යම් කිසි ආකාරයකින් මෙම සිසිල්වීමේ ක්‍රියාවලිය අකර්මණය වී ප්‍රතික්‍රියාකාරක පද්ධතියේ රත්වීම අපේක්‍ෂා කරන ලද මට්ටමට වඩා වැඩි මට්ටමක පැවතිය හොත් පද්ධතියේ ඇතිවන අධික පීඩනය නිසා එය පුපුරා යාමෙන් විකිරණ පරිසරයට මුදා හැරීමක් සිදු වේ. ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ සිදුව ඇත්තේ මෙවැනිම වූ දෙයකි. මෙම ක්‍රියාවලිය එක් අතකින් වාහනයක රේඩියේටරයේ ක්‍රියාවලියට සමාන කළ හැකිය.




    reactor - 1


    reactor - 2




    ජපානයේ අදත් සුනාමි අනතුරු ඇඟවීම්


    - තුන්වන න්‍යෂ්ඨික බලාගාරයත් පුපුරලාලූ

    අද දිනයේද ජපානයේ හොන්ෂු වෙරළබඩ කලාපයේ අද උදෑසන 6.12ට පමණ සිදුව ඇති 6.1ක විශාලත්වයකින් යුතු භූකම්පනයක් නිසා අද යළිත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ප්‍රදේශයේ ජනතාවට උස් ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී ඇත. ආසන්න මුහුදු කලාපයේ අඩි 5ක් උසට මුහුදේ රළ නැඟෙන බව හෙලිකොප්ටර් යානා මඟින් නිරීක්ෂණය කර ඇත.

    මේ අතර ෆුකුෂිමාහි න්‍යෂ්ටික බලාගාරයක අදත් පිපිරීමක් සිදු වූ බව එරට වාර්තා පවසයි. අංක 3 දරණ බලාගාරයෙන් අතිවිශාල දුමාරයක් පිටවන බව ද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නමුත් එම පිපිරීමෙන් ප්‍රතික්‍රියාකාරකයට කිසිදු හානියක් සිදු වී නොමැති බව මේ වනවිට බලධාරීන් පවසා තිබේ. පිපිරීමෙන් පසු ව 7 දෙනකු අතුරුදහන් වී තිදෙනකු අනතුරට පත් වී ඇත. අංක 3 බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකවල සිසිලන පද්ධති අක්‍රීයවීමෙන් ඒවායේ පීඩනය ඉහළ යාමට පටන්ගත් බව වාර්තා වේ. මෙම පිපිරීම ද මීට පෙර සිදුවූ පිපිරීමට සමාන බව විදෙස් වාර්තා පවසයි.

    මින් සිදුවිය හැකි විනාශකාරී ප්‍රතිඵල අවම කරගැනීම සඳහා අදාළ අංශ අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී. විකිරණවලින් හානි සිදුවිය හැකි බැවින් මේ වන විටත් බලාගාර අවට ප්‍රදේශයේ 170,000කට අධික ජනතාවක් ඉවත් කර ඇති අතර පුද්ගලයන් 19 දෙනෙකු විකිරණවලට නිරාවරණය වී ඇති බවට සැක කොට රෝහල් ගතකර ඇතැයි ද වාර්තා වේ.
     
    Last edited:

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    හොද ලිපියක් පින්තූර හරි වීඩියෝ ටිකක් හරි දම්මනම් MXXA
    Rep++
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    thnx macho watina thorathuru tikak :)
    rep+

    මේකට රේප් දෙන්න එපෝ මේකා හොරෙක්
    මෙන්න මු මේක හොරකන් කරපු තැන

    http://www.lankacnews.com/sinhala/i...-03-14-02-57-09&catid=76:hot-topic&Itemid=271
    --------------------------------------------------------------------
    ජපානයේ අදත් සුනාමි අනතුරු ඇඟවීම්

    http://www.lankacnews.com/sinhala/i...03-14-07-57-30&catid=1:latest-news&Itemid=269
    මේක හොරකන් කරලා තියෙන්නේ http://www.lankacnews.com/sinhala කියන සයිට් එකෙන්
    rolecoaster කියන්නේ හොරෙක් මුට අහුවෙලා රේප් දෙන්න එපා
    මේකා රේප් සක්විති කෙනෙක්
     
    Last edited: