ජම්බුවල ගුණ

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    syzygium_samarangense_franks_sweet_small.jpg


    කුඩා ළමුන් අතර වඩාත් ජනප්‍රිය මේ පද කිහිපය ඔවුන් තුළ ජම්බු කෑමට ඇති ආශාව වඩවයි. රත් පැහැති වර්ණයෙන් බැබළෙන ජම්බු ගෙඩියෙහි උපත සිදුවූයේ එසේත් නැත්නම් එහි නිජබිම වන්නේ පිලිපීනයයි. එහෙත් තායිලන්තය, මලයාසියාව, නේපාලය , ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල හොඳින් වැවෙන පළතුරකි. ගසෙන් කඩාගත් ජම්බු හොඳින් සෝදා පිරිසිදු කර ආහාරයට ගත යුතුය. විටමින් ජ බහුලව ඇති ජම්බු පළතුරෙහි විද්‍යාත්මක නාමය වන්නේ Syzygium samarangense යන්නයි.

    ජම්බුවල හිතකර ගුණ

    මතක ශක්තිය වර්ධනය කිරීමට ජම්බු පලතුරට ඇත්තේ අපූරු ශක්තියකි.

    මල සමඟ ලේ යන තත්ත්වයෙන් පෙළෙන අයට ජම්බු පලතුර ගුණදායක වේ. ඔබ මල බද්ධයෙන් පීඩා විඳින්නේ ද? එසේනම් එම තත්ත්වය මග හැරීම සඳහා ජම්බු පළතුර ආහාරයට ගන්න.

    අර්ශස් රෝගීන්ට සුදුසු පලතුරකි.

    බගන්දර රෝගයට සුවදායක බැවින් නිතර නිතර ජම්බු ආහාරයට ගැනීමට සැළකිලිමත් වන්න. එහෙත් එහිදී දිනපතා ජම්බු ආහාරයට ගැනීම ඉන් නොකියැවේ.

    අධික තරබාරු බවෙන් පෙළෙන අයට ජම්බු පලතුර කදිම ඖෂධයකි. තරබාරු බව අඩුකර ශරීරය සාමාන්‍ය තත්ත්වයට පත් කරයි. මුත්‍රා පිටවීමේ අපහසුවකින් සිටිනා අයෙකුට ජම්බු පලතුර ආහාරයට ගැනීමෙන් එම ගැටලුවෙන් ඈත්වීමට හැකිය.

    ආමාශයට ජම්බු පලතුරෙන් හිතකර තත්ත්වයක් උදාවේ.

    දියවැඩියා රෝගයෙන් වේදනාවට ලක්වන්නන්ට ද උචිත ය.

    අක්මාව විශාල වීමේ රෝගයට ඔසුවකි.

    පාචනය රෝගයට ජම්බු පලතුරෙන් සහනයක් හිමිවේ.

    ජම්බු කෑමෙන් පරණ තුවාල සුව වේ.

    උණ නැති කර දැමීමට ජම්බුවලට හැකියාව ඇත.

    දත්වලට අපූරු ශක්තියක් එකතු කිරීම ජම්බු පළතුරෙන් සිදුවේ.

    විදුරුමස් ශක්තිමත් කරයි.

    මුඛයෙහි විදුරුමස්වලින් රුධිරය පිටවීම ජම්බු පළතුරෙන් වළක්වයි.

    දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට ඔබ කළ යුතු දේ දන්නේ ද? ජම්බු පළතුර කෑමෙන් දෙනෙත්වල පෙනීම වර්ධනය වේ.

    අස්ථවල ක්‍රියාකාරීත්වය
    හොඳින් තබා ගනියි. දිරාපත්වීම වළක්වයි.

    හෘදයට හිතකර පළතුරකි.

    පිළිකා රෝගවලට ගුණදායක බැවින් ජම්බු පළතුර ආහාරයට ගැනීමට බියවිය යුතු නොවේ.

    ශරීරය ප්‍රාණවත් කරයි.

    නීරක්තතාවයට ගුණදායක බැවින් ආහාරයට සුදුසු වේ.

    ජම්බුවල අගුණ

    පොටෑසියම් වැඩිපුර ඇති බැවින් වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ද ජම්බු පලතුර අගුණ ය.

    ශරීරයේ දැවිල්ල, කැසිල්ල ඇති අයට ද ජම්බු පලතුර සුදුසු නොවේ.

    ඔබට කැස්ස තදින් පවතින්නේ නම් ජම්බු කෑමෙන් වැලකිය යුතු ය.

    තදින් බඩදැවිල්ල තියෙන අයට වැඩිපුර ජම්බු කෑම අහිතකර ය.

    ජම්බුවල අඩංගු ප්‍රධාන පෝෂක වර්ග හා පෝෂණ අගයයන්

    ජම්බු ග්රෑම් 100 ක අඩංගු පෝෂණය
    ප්‍රධාන පෝෂක වර්ග පෝෂණ අගයයන්

    ශක්තිය ( කිලෝ කැලරි ) 55
    ජලය 85.3 g
    පෝ‍්‍රටීන් 0.7 g
    මේදය 0.3 g
    කාබෝහයිඩ්ඩ්‍රේට
    ් 12.4 g
    තයමින් 0.01 mg
    මියැසින් 0.4 mg
    විටමින් ඛ් 12 mg
    සෝඩියම් 26 mg
    පොටෑසියම් 55 mg
    කැල්සියම් 11 mg
    මැග්නීසියම් 35 mg
    පොස්පරස් 12 mg
    යකඩ 1.1 mg
    කොපර් 0.23 mg
    තිලානි ශානිකා විතානාච්චි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබ පට්ට පොස්ට් ගොඩක් දාලා තියනවා රේප් දෙන්නේ පුළුවන් උන ගමන් දෙනවා