ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් funkyguy89,

පිරිත් වලින් ආරක්ෂාවක් තිබේද, නැද්ද යන්න සහ ආරක්ෂාවක් තිබෙනවා නම් කාටද ආරක්ෂාව තිබෙන්නේ, කාටද ආරක්ෂාව නැත්තේ ආදී දෑ ගැන මිලින්ද ප්‍රශ්න වල මිලින්ද රජතුමා විසින් විමසන ලදුව නාගසෙන හිමියන් විසින් විස්තර කර ඇති අයුරු දැකිය හැකියී. එහි පිරිත්ධර්ම හයක් නම් වශයෙන් සඳහන්ව තිබෙනවා. එය කියවා බැලීම ඔබට ප්‍රයෝජනවත් විය හැකියී.

සිංහල මිලින්දප්‍රශ්නය: http://thripitaka.org/view/other/milinda1970/197
ඉංග්‍රීසි පරිවර්තනය: http://thripitaka.org/view/sbe/vol35/265
පාලි (රෝමන් අක්ෂර): http://thripitaka.org/view/trenckner/milinda1880/158

Skylark
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,101
    34,649
    113

    පින්වතුනි මෙම ජය පිරිත බුද්ධ භාෂිතයක් නොවේ. බුද්ධ භාෂිතයක් නම්, මෙම පිරිත ත්‍රිපිටකයේ සඳහන් ස්ථානය කියනු මැනවි. බුදුන් වහන්සේ නොවදාල දෙයක් ගැන ඇයි මේ වදවෙන්නේ. මෝඩයෝ වගේ
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    උදාහරනයක් ලෙස මජ්ජිමා පටිපදා යන්න ගතහොත් එහි නියම අර්තය වන්නේ සියලු අකාර වූ මත්වීම් වලින් මදයන්ගෙන් මිදී නිදහස් වීම යන්නයි.නමුත් අද එම වචනය මැදුම් පිලිවෙත ලෙස අර්තගන්වා තියෙනව. ඉතින් අද බෞද්ධය කරන්නෙ මේ වැරදි අර්තකතනය අනුව යමින් මැද මාවත කියන එක මොකක්ද කිය කියා හොයන්මින් ඉන්න එකයි.මේ වගේ දේවල් වලින් සරලව තේරුම් ගන්න පුලුවන් ධර්මය සංකීර්ණ දෙයක් බවට පත්වෙලා නිවන අත්භූත ආශ්චර්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනව.

    තවත් මෙවැනි වැරදි ලෙස පරිවර්තනය කල වචන සිය ගනනකට වැඩියෙන් තියෙනව.

    අරීසෙන් අහුබුදු 'සුනාමී' යන ජපන් වචනය දෙකට කඩල තේරුම විග්‍රහ කරල කිව්ව ඒක සිංහල වදනක්. සිංහලයෙනුයි ජපන් බසට ගිහින් තියෙන්නෙ කියල. වචන විච්‌‌ඡේදනය කරල ඒවට විවිධ අරුත් දෙන්න දක්ෂ අය ඉන්නව. නමුත් ඔවුන්ගෙ අර්තකථන සත්‍යයි කියල එයින් අදහස් වෙන්නෙ නෑ.